Tuesday, September 29, 2015

ඒ මිහිරි මකරන්ද...



                                    

                            වෙලාව හයටත් ළයි. මං මල්ලියවත් ඇදගෙන දුවගෙන ඇවිත් බස් එකකට ගොඩවුණා. සාමාන්යෙන් බස් එකක යනකොට සැප පහසු මුල්ලක් අල්ලගෙන ආතල් එකේ මනෝපාරක් ගහගෙන යන එක තමා මගෙ පුරුද්ද. ඒත් ඉතිං ඒ සෙල්ලං අද බෑනේ. මූව යහතිං එක්කං ගිහින් ගෙදරට බාරදීමේ බාරදූර්ය වගකීම මට පැවරිලා තියෙනවනේ. 

Monday, September 21, 2015

තවත් එක දවසක්...




                                   පැවිලියන් එකට මෙහා පැත්තෙන් සැරිය නැවැත්තුවා. බස් එකෙන් බැස්ස ගමන්ම මට පෙණුනෙ පිට්ටනියෙ එහා කොනේ තියෙන මාරා ගහ. මට එකපාරටම මතක් උණේ මං මේ ඉස්කෝලෙට මුලින්ම එනකාලෙ මේ ගහ කොච්චර ලස්සනට තිබුණද කියලා. පිටිපස්සෙන් වැවත් එක්ක පෙනෙනකොට මාරම ලස්සනයි. ඒත් දැන් ගහ බාගයක් විතර ම මැරිලා. අතු දෙක තුනක් එක්ක ක විතරක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි. දැන් නම් මට මහ මූසල හැීමක් දැනෙන්නෙ ඒක දැක්කහම...

Thursday, September 17, 2015

~ආදරය~






මාතෘකාව දැක්ක ගමන් ම “ඇරඹුම ම කුලක් වෙලා......“ වගේ හැීමක් ඇතිවුණා ද? ගොඩක් දෙනාට එහෙම වෙන්න ඇති. මොකද ආදරේ කියන්නෙ ගොඩක් දෙනෙක් විවෘතව කතාකරන්න කැමති මාතෘකාවක් නෙවෙයි. අනේ මන්දා....... මමනං හරිම කැමතියි ආදරය කියන දේ ගැන කතාබහ කරන්න. අනික් අයගෙ අදහස් දැනගන්න. ඉතිං.... අපි කතා කරමු.

Thursday, September 10, 2015

පළමුවෙනි සිතුවිල්ල

                                                  ජීවිතේ හරි පුදුමාකාරයි. දුකයි සතුටයි මාරුවෙන් මාරුවට ඇවිත් යනවා. දවසක් ගෙවිල තව අලුත් දවසක් උදාවෙනවා. සතුටින් ඉන්න හිතුවට, දුකත් අනිවාර්යෙන් ම විදින්න වෙනවා. තත්පරෙන් තත්පරේ ගෙවෙද්දි, අපිටත් නොදැනිම අපි වෙනස් වෙනවා. බාහිරින් නැතත්, අභ්‍යන්තරයෙන් අලුත් අලුත් සිතුවිලි ඇතිවෙනවා. ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.