Wednesday, December 1, 2021

රෝස පෙති

 


හැන්දෑවෙද්දි වහින්නද මංදා රස්නේ හොඳටම. හිටගෙන ඉඳලම කකුල් දෙකත් රිදෙනවා. මං පදික වේදිකාව අයිනෙ තියන යකඩ බට පේළියට හේත්තුවක් දාගත්තා. දැන් කොරෝනා කියල ලොකුවට ගාණක් නෑ. ටවුන් එක පිරෙන්නම සෙනඟ. පාර පිරෙන්නම වාහන.


"අඩෝ මචං..."


ඒ සද්දෙට හැරිලා බලද්දි දැක්කෙ සෙනඟ මැද්දෙන් මං දිහාට එන ටිකක් පුරුදු රූපයක්. 


"අඩෝ... චාමර..."


චාමර අපෙ ඉස්කෝලෙට ආවෙ උසස් පෙළට. ඉස්කෝලෙන් අවුට් උන ගමන් මූ රට ගියා, මට මතක විදියට. අවුරුදු ගාණකින් දැක්කට මොකද ලොකු වෙනසක් වෙලා නෑ කොල්ලගෙ. චාමර හෙනම වාචාලයා. තැනක් නොතැනක් නෑ. මූ හම්බුන එකත් හොඳයි. දැන් කම්මැලිම යන්නත් එක්ක කියව කියව ඉන්න පුලුවන් ටික වෙලාවක්.


අපි පරණ දේවල් කිය කිය ටිකක් වෙලා කතා කරා. හරියටම කිව්වොත් ඌ කියනේව මං අහන් හිටියා. ගොඩක් කාලෙකින් හින්ද ඌට කියන්න දේවලුත් ගොඩක් තිබුණා. දැනෙන්නෙම නැතුව හෙන වෙලාවක් ගියාද මංදා.


"අඩෝ... අර...."


ඌ එකපාර පාරෙන් අනිත් පැත්ත බලාගෙන කිව්ව පාර මාත් හැරිලා බැලුවා.


"අඩෝ අඩෝ උඹට පේනවද අර සුදුපාට ටොප් එකක් ඇඳන් එන කෙල්ලව. අඩෝ අහපන්කො. ඕකි හිටියෙ අපෙ ගෙවල් පැත්තෙ ඉස්සර. මාත් මේ හෙන කාලෙකින් දැක්කෙ. ආතල්ම සීන් එක බං ඕකි සාමාන්‍ය පෙළ කාලෙදිම කොල්ලො හත අටක් එක්ක යාලුවෙලා හිටියා. හැබැයි එකෙකුටවත් කඩන්න දුන්නෑ. අනික් ආතල් ඔක්කොම ඕකේ. ඕකිට ඒ දවස්වල කොල්ලො කිව්වෙ '#කේ අරින සුගන්ධිකා' කියලා. අන්න හරි. ඕකිගෙ නම සුගන්දිකා...


"ආහ්..."


"දැන් බලපන්කො ළමේකුත් ඉන්නවා. කොහෙ හරි ඉන්න අහිංසක හරකෙක්ගෙ කරේ එල්ලෙන්න ඇති... අඩෝ අන්න ඒකි පාර පැන්නා. ඒ මේ පැත්තට නේද එන්නෙ..."


සුගන්ධිකා ළමයත් වඩාගෙනම අපි ළඟට ආවා.


"සුගා... මේ ඉන්නෙ චාමර, මගෙ ඉස්කෝලෙ යාලුවෙක්. මචං, මේ ඉන්නෙ සුගන්ධිකා... මගෙ වයිෆ්..."


* * * * * * * * * *                    * * * * * * * * * *                    * * * * * * * * * * 


"අයියෙ මේං..."


ඇඳට එළලා තිබුණ සුදු රෙද්දෙ විසිරිලා තිබුණ තැලිලා පරවෙලා ගිය රෝස පෙති මැද්දෙන් වියළිලා තිබුණ ලේ බිංදු කීපයක් සුගන්ධිකා මට පෙන්නුවා. මං ආයෙමත් එයා දිහා බලද්දි ඒ ඇස් දිළිසුණා.


එහෙමම එයාව ළඟට ඇදලා අරන් තුරුළු කරගත්ත මං ඒ සුදු ලස්සන නළලෙන් මගෙ තොල්පෙති පරිස්සමට තියලා උණුසුම් හාදුවක් දුන්නා. හරිම ආදරෙන් වගේම බොහොම ගෞරවෙන්...

5 comments:

  1. රෝස පෙති... මතක්වෙනව.

    ReplyDelete
  2. හොඳය අපූරුයි ලෙසටම ලියා ඇත
    මෙහෙම දේවලුත් වෙයි මේ මිහිතලය මත
    නොකියා කියූ දේවල් මහ ගොඩක් වෙත
    සතුට තියෙන්නේ දුර නොව, ළඟය අත!

    නමීටත් ස්තුතියි එන්න පාර කිව්වට!

    ReplyDelete
  3. හ්ම්ම්.. කෙටියි... අපූරුයි.. ජය

    ReplyDelete
  4. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete