Showing posts with label විසිරුණු සිතුවිලි. Show all posts
Showing posts with label විසිරුණු සිතුවිලි. Show all posts

Friday, February 15, 2019

එකම එක පාරක් ආයෙමත්....



මං බස් එකෙන් බැහැලා ස්ටෑන්ඩ් එක මැද්දෙන් ඇවිදගෙන ගියා. පිටේ එල්ලෙන බෑග් එකටත් වඩා ගොඩක් ලොකු බරකින් හිත පිරිලා තිබුණෙ. වටපිට බලන්නවත් උවමනාවක් නැතුව මං ඔහේ ඇවිදගෙන ගියා. ඒත් එකපාරටම ඇස්වලට පෙණුන හුරුපුරුදු රූපෙත් එක්ක මං එකතැන නැවතුණා.

කොහොම මඟ ඇරෙන්නද. ජීවිතේ තේරුමක් නැතුව ඔහේ ගලාගෙන යද්දි, හිතුවෙවත් නැති විදියට, හිතුවෙවත් නැති වෙලාවක මගෙ ළඟින් නැවතුන කෙනාගෙ රූපෙ.

මගෙ හදවතට දැනුණ එකම කෙනා. මට ආදරෙ කරපු එකම කෙනා. කවමදාවත් හිතින් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති, ඒත් කවමදාකවත් මගේ වෙන්නෙත් නැති ඒ ඇස් මගෙ ඉස්සරහ තිබුණා.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~

එදා අප්‍රේල් නිවාඩු දුන්න දවසක්. මගෙ පාසල් ජීවිතේ අවසානම කාලෙ.

වචනෙන් නොකිව්වට ඒ වෙනකොටත් අපි අපේ වෙලා. සති දෙකක අප්‍රේල් නිවාඩුව ඉවර වෙනකම් ආයෙ දකින්නවත් හම්බවෙන්නෙ නෑ. හිනාවෙවී කතා කළාට ඒ දුක හිත ඇතුළෙ තිබුණා. අපි දෙන්නගෙම.

මෙතෙක් වෙලා අල්ලන් හිටිය මගෙ අත අකමැත්තෙන් වගේ අතෑරලා එයා නැඟිට්ටා. එයාගෙ ගේ ළඟටම බස් එක ඇවිත් ඒ වෙද්දි. ඒ අහිංසක ඇස්වලින් හරි කෙලින් මා දිහා ආයෙමත් බලලා, බස් එකේ දොර ගාවට ගියා.

මං බස් එකේ වීදුරුවෙන් ආයෙමත් එයා දිහා බැලුවා. බස් එක අද්දන්න පටන් අරන්. අපෙ ඇස් එකට ගැටෙන ඒ අන්තිම මොහොතෙ, ඇස් වහලා හරි ලස්සනට එයා හිනා උනා.

ඇත්තමයි, ඒක හැමදාමත් මතක හිටින හිනාවක්.

කවමදාවත් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති ලස්සනම ලස්සන හිනාවක් ඒක.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~

මං බස් එකට නැංගෙ හීනෙන් වගේ. හිතාගන්න බැරිතරමටම ඔලුව විකාර වෙලා. ඉඳගත්තා නෙවෙයි මං සීට් එකක් උඩට ඇදගෙන වැටුණා. බස් එකේ වීදුරු කවුළුවෙන් මට ඈතින් ඇතුගල උඩ බුදු පිළිමෙ පෙණුනා. ඇතුගලට උදේ ඉර එළිය වැටිලා හරි ලස්සනට.

මං දන්නවා. අපිට වෙන්වෙන්න සිද්ධ උනා. අපි දෙන්නගෙම අකමැත්තෙන් උනත් අපිට වෙන්වෙන්න සිද්ධ උනා. ඒත් කාලෙකට පස්සෙ අහම්බෙන් හරි මුණගැහුනම, එකම එක හිනාවක්, එකම එක හිනාවක්වත්....

මට විශ්වාස කරන්නත් බෑ. එදා ඒ හිනාඋන ඇස්මද අද මාව මඟඇරලා ගියෙ කියලා.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~


හුඟාක් ඉස්සර
අපි මුණගැහුණු දවසක
ඇස් වහලා ලස්සනට
ඔයා හිනාවුණා මට
මතකයි අදත්
එදා වගේම
ඒ හිනාව තවමත්
එහෙමම ඇති නේද
කවද හරි දවසක
ආයෙම මුණගැහුණොත්
ඔයාව මට
එකම එක පාරක්
ආයෙමත් ඒ විදිහට
හිනාවෙනවද මාත් එක්ක
අන්තිම වතාවට

Wednesday, May 30, 2018

මන්දාරම්...



සමහරවෙලාවට, දරාගන්න බැරි තරමටම ගුප්තයි ඒ හැඟීම.

Tuesday, November 17, 2015

සිහින...





 මං බලාගෙන හිටියා. කොච්චර සීතල උණත් ජනේලෙ වහලා දාන්න මට හිතුණෙ නෑ. තවමත් වැහි බිංදු එක දෙක වැටෙනවා. හුළං පාරින් ආව පිනි බිංදු ඇ පුරාම විසිරුණේ මුළු ඇම සීතල කරවගෙන.

Tuesday, October 27, 2015

මකුළු දැල





මම බලාගෙන හිටියා. අරමුණක් නැතුව ඔහේ බලාගෙන හිටියා. ඇ‍දේ වැතිරිලා සීලිම දිහා ඔහේ බලාගෙන හිටියා. කාලයක් තිස්සෙ ප්ලෑන් කරපු දේ හරියාගෙනයි එන්නේ. මේ දේ වෙනුවෙන් මං කොයිතරම් නම් කාලයක් බලන් හිටියද...

Wednesday, October 21, 2015

පසුතැවෙන්නට පෙර ටිකක් හිතන්න....




මේක කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම කියන්න ඕනි මං මේක ලියන්න ගත්තෙ එක හේතුවක් හින්ද නෙවෙයි. හේතු ගොඩක් හින්දා. ආසන්න හේතුව මට සහභාගී වෙන්න සිද්ධවුණ මළ ගෙවල් දෙකක්. ඒ ඇරෙන්න එහෙන් මෙහෙන් ඇහෙන නිව්ස් එහෙමත් හේතුවක් උනා. ආදරණීය දුවක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ එහෙම දාල තිබ්බෙ. ඔය ඔක්කොම නිසා මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ලියන්න.

Thursday, October 15, 2015

මනෝ...




මොනව කරන්නද කියල හිතා ගන්න බෑ. දැං ඉතිං වෙන කරන්න දෙයක් නැති එකේ ඉක්මනට ගෙදර යන්න ඕනේ.  ගෙදර ගිහින් ඇට වැටිලා නින්දක් ගහලා මේ වෙච්ච ඔක්කොම අමතක කරලා දාන්නයි මට ඕනේ. ඔව් හැමදෙයක් ම. හැමදෙයක් ම අමතක කරලා දාන්න ඕනේ. ඒත් එහෙම ලෙසියෙන් අමතක කරන්න පුළුවන් වෙයිද? ඇයි බැරි? අනිවාර්යෙන් පුළුවං. එයාට එහෙම පුළුවන්නං ඇයි මට බැරි?  දැන් අය ස්ටෑන්ඩ් එකට ගිහින් සීට් හොයන්න දෙයක් නෑ. වටෙන් ගිහින් එන එකක එල්ලිලා යනවා. දැං ඉතිං ඉදගෙන ගියත් එකයි හිටගෙන ගියත් එකයි.

Thursday, September 17, 2015

~ආදරය~






මාතෘකාව දැක්ක ගමන් ම “ඇරඹුම ම කුලක් වෙලා......“ වගේ හැීමක් ඇතිවුණා ද? ගොඩක් දෙනාට එහෙම වෙන්න ඇති. මොකද ආදරේ කියන්නෙ ගොඩක් දෙනෙක් විවෘතව කතාකරන්න කැමති මාතෘකාවක් නෙවෙයි. අනේ මන්දා....... මමනං හරිම කැමතියි ආදරය කියන දේ ගැන කතාබහ කරන්න. අනික් අයගෙ අදහස් දැනගන්න. ඉතිං.... අපි කතා කරමු.