වෙලාව හයටත්
ළඟයි. මං මල්ලියවත් ඇදගෙන දුවගෙන ඇවිත් බස් එකකට
ගොඩවුණා. සාමාන්යෙන් බස් එකක යනකොට සැප පහසු මුල්ලක් අල්ලගෙන ආතල් එකේ මනෝපාරක්
ගහගෙන යන එක තමා මගෙ පුරුද්ද. ඒත් ඉතිං ඒ සෙල්ලං අද බෑනේ. මූව යහතිං එක්කං ගිහින්
ගෙදරට බාරදීමේ බාරදූර්ය වගකීම මට පැවරිලා තියෙනවනේ.
බාප්පලා මොන මගුලට මූව මෙහෙම
කෙල්ලෙක් වගේ හදනවද මන්දා. තනියම බස් එකක යන්න දන්නෙ නෑ. ඒ වුණාට ඉස්කෝලෙ තියෙන
හැම කෙලේමලටම ඉන්නවා. චෙස්, බාල දක්ෂ, අරක, මේක හැම මගුලකටම ඉන්නවා. ඒත් ගෙදර
එක්කන් එන්න කවුරු හරි යන්න ඕනි. ඇයි දෙයියනේ අපිටත් කියලා වැඩ රාජකාරී කීයක්නං
තියෙනවද. තාත්තටයි පුතාටයි දෙන්නටම හිතෙන් බැන බැන මං බැලුවෙ ඉදගන්න තැනක් තියෙනවද
කියලා, බස් එකේ. ම්හූ... බස් එකම ෆුල්. ආපහු බහින්න කියලා හිතන් ආපහු හැරෙද්දී තමා
දැක්කේ, හම්මේ ඉතිං පස්සහම සීට් එකේ මේ ඉඩ තියෙන්නෙ බැබළි බැබළි.
මං ඉක්මනට
මල්ලියවත් ඉන්දවලා මාත් අයිනෙංම ඉදගත්තා.සීට් එකේ එහා කොනේම කෙල්ලෙක්. ඊට මෙහායින්
ඉදගෙන ඉන්න එකා ඒ කෙල්ලගෙ කට කන්න හදනවද කොහෙද. ඊටත් මෙහායින් ඉදගෙන ඉන්න එකා අර
සීන් එක දිහා බලන්නෙ නෑ වගේ වෙන දිහාවකට මූණ හරවන් ඇහේ පොට යවාගන්න හදනවා, ඒ දිහා
හොරෙන් බල බල. ඊට මෙහායින් මල්ලියා සහ මම. මං ඉතිං කෝමත් නිකං පෙන්නන චිත්‍රපටි
බලන්න ආසයිනේ. ඒත් ඉතිං මේ පොඩි එකා ළඟ තියාගෙන බලන්නත් මොකක්ද වගේ. අවුලක් නෑ. ඔව්ව
බැලුව වගේ නෙවේ මේකා ගෙදර ගිහින් මගෙ නම කෑවොත් එහෙම. දැක්කෙ නෑ වගේ ඉන්න ඕන.
ඇගේ
මහන්සියටද කොහෙද දන්නෙම නැතුව ලාවට නින්දකුත් ගියා. බ්රේක් පාරට ඇහැරිලා බැලුවාම
තමයි මං දැක්කෙ චිත්‍රපටිය හමාර කරලා නළුවා බැහැලා ගිහින් කියලා. තව ටිකකින් නිළියත් බස් එකෙන් බහින්න ලෑස්තිවුණා.
බලමු කෝමද ප්‍රධාන නිළියගෙ කොලිටිය කියලා. මං සේප් එකේ කෙල්ලගෙ මූණ දිහාට රබර් ඇහැ
දැම්මා.
මොනවා...
ඒ ඇස්මයි... ඒ තොල්මයි... ඒ
හිනාවමයි...
ඔව්, ඒ
ඔයාමයි...
ඔයාව දැකල
මං පුදුම උනා වගේම ඔයත් මාව දැකල පුදුම උනා නේද. ඔය ඇස් එකපාරම උඩ ගියා. මං හොඳටම දැක්කා ඒක.
දොර ළඟට ආව ඔයා මං දිහා හැරිලා බැලුවා. එදා වගේ ම, ඇස්
පොඩ්ඩක් වහලා, බෙල්ල පොඩ්ඩක් ඇලකරලා, අහිංසක ම අහිංසක විදිහට ලස්සනට හිනාවුණා.
මොනව කරන්නද කියල හිතාගන්න බැරිවුණ මං ඇස් ලොකු කරන් ඔයා දිහා බලන් හිටියා. ඔයා
ඇත්තටම මට හිනා වෙනවද, එහෙමත් නැත්තන් මේ මට මැවිලා පේන දෙයක්ද?
“යන්නම්...“
ඒ කටහඬමයි. ඒ කියන්නෙ මේක ඇත්තක්.
“හ්හාං....“
මගෙ උත්තරේ උගුර ඇතුලෙ හිරවුණා.
ආයෙමත්
සැරයක් ලාවට හිනාවුණ ඔයා බැහැලා යන්න ගියා. ඒ හිනාවෙ තිබ්බෙ අනුකම්පාවක්ද, එහෙමත්
නැත්තං සමච්චලයක්ද? ඒ දෙකෙන් කෝක වුණත් වැඩි වෙනසක් නෑ නේද කියල මට හිතුණා.
“චූටි
අයියා, ඔයා ඒ අක්කව අඳුනනවද?“ ඒ මල්ලියා. ඌට වැඩේ මීටර් වගේ.
“හ්ම්......“
මගේ ඒ උත්තරෙත් උගුර ඇතුලෙම හිරවුණා.
මං කොහොමද
බං උඹට කියන්නෙ උඹගෙ මේ චූටි අයියා දැන් ටික කාලෙකට කලින් පණ දීගෙන ආදරේ කළේ ඒ
අක්කට කියලා. එහෙව් මාව ගානට රැවැට්ටුවෙත් ඒ අක්කා කියලා.
මං ජනේලෙන්
එළිය බලාගෙන මෙච්චර වෙලා වහල තිබ්බ වීදුරුව ඇරලා දැම්මා, හුළං ටිකක්වත් වැදෙන්න
කියලා. හුළගෙ පාවෙලා ආව රොඩ්ඩක් වැදිලද මන්දා ඇස් පොඩ්ඩක් දනවා වගේ මට දැනුණා.
෴
බිඟුන් විහඟන් ඇවිත්,
උමතුවෙන් පෙම් බැන්ඳ...
මුදු කුසුම මා හදේ,
සුපිපුණේ සිහිනෙන්ද...
නුඹෙ සෙනෙහෙ ලොවට රහසින්,
මෙමා රසවින්ඳ...
අද කොහිද සොඳුරියේ,
ඒ මිහිරි මකරන්ද...
~අවංක ආර්යන්~
පණ දෙන්න ලව් කරනව කියනෙක මහ විගඩමක් බං. අපි ලියන ස්ක්‍රිප්ට් එකේ අපිම කොමඩි කැරැක්ටර් එක වෙනව.
ReplyDeleteආයෙ නං ලව් ඉලව් ඕනම නෑ කියල මේ අපිත් පැත්තකට වෙලා ඉන්නෙ.
සබ්බේ නදී වංකගතා ශ්ලෝකය අහල තියේනෙ.
ඒ වගේ තව එකක් තියේ
දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ශං ධන නාශකං
සයනං මරණේ කෘත:
ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්සශී
කියල අකුරු නං හරිද මංද කතාව නං ඔය ශ්ලෝක දෙකෙමපඇත්ත කියල හිතිල තතියෙයි
හැක්
ඒකනං ඇත්ත බව මේ වෙනකොට මගෙ ටිකිරි මොළේට හොදටෝම තේරිලා තියෙන්නෙ අයියා....... බොහොම ස්තූතියි ආවට.......... අර මෙව්ව එකේ සිංහල තේරුමත් දැම්මනං පිං ඈ..... අවංකවම ඒක තේරෙන්නෙ නෑ..........
Deleteස්ත්‍රියක දැකීම සිහිය විකල් වීමට හේතු වෙයි.
Deleteස්පර්ශ කිරීම ධනය විනාශ කිරීමට හේතු වේ
සයනය කිරීම මරණය කැඳවයි
ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂසියක්
හැබැයි මම එකඟ නෑ. අපි ගින්දරෙනුත් වැඩගන්න දියුණු ජීවී කොට්ඨාශයක්.
හෙහ් හෙහ් බොහොමත්ම ස්තූතියි තේරුම කියලා දුන්නට...............
Deleteඔහොම බස් එකේ එක එකා එක්ක විලි ලැජ්ජාවක් නැතුව කට කන එකෙක්ගෙන් බෙරිච්ච එකට සතුටු වෙයන් බං
ReplyDeleteමෙව්ව ඉතිං පෞද්ගලික අත්දැකීම්මත් නෙවෙයි ඉතිං........ බොහොමත්ම ස්තූතියි ආවට..........
Deleteඔබේ අදහසනං ඉස්තරම් තමා........... ඒ වගේ කෙනෙක්ගෙන් වෙන්වෙන එක කාට වුණත් ගුණයි...........
සිරා ලවු එකක් ගැන හිතනවා කියන්නේ දැන් ලේසි වැඩක් නෙමෙයි බං..
ReplyDeleteමං නං හිතන්නෙ ඒක දැන්ද ඉස්සරද කියලා කාලය පිළිබද ප්‍රශ්නයක් නෙවෙයි සහෝදරයා. ඒක තීරණය වෙන්නෙ අපි හරි කෙනාව ම තෝරගන්නව කියන එක මත. එහෙම නේද? බොහොමත්ම ස්තූතියි ආවට........ දිගටම එන්න............
Deleteසිරා ලව් එක විඳින්න පුළුවන්. ආපදා කළමණාකරන ක්‍රමවේදයකුත් සූදානමින් තියාගන්න ඕනි. නිතරම හිතන්න වෙනවා මේක නැතිවුණොත් මොකද වෙන්නෙ කියලා. එ් ගැන නිතර භාවනාවක් වගේ සිහිපත් කරන්න පුරුදු වුණාම අන්තිමේ සොකට්සෝබර් එකක් වෙනවා.
ReplyDeleteහෙහ් හෙහ් ඒකනං හොද අදහසක්... සිරා උනත් නැති උනත් කොයි දේත් ඉතින් නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේ... ගෙඩොරියක් ස්තූතියි ආවට......... දිගටම එන්න.........
Deleteමධු කියන්නේඅර මරණානුස්සති භාවනාව වගේ එකක්. මේකට කෙල්ලලොස්ට්පති භාවනව වගේ හොඳ නමක් දාන්න ඕන
Deleteහෙහ් හෙහ් කෙල්ලලොස්ට්පති............ මරු.............
Deleteඅදයි මේ පැත්තට ගොඩ වුනේ.. මුළු කතාවම කවි පද ඇතුලේ තිබුනා වගේ දැනුනා..
ReplyDeleteඑහෙනම් මං යම්තාක් දුරකට හෝ සාර්ථකයි කියලා හිතෙනවා. බොහොමත්ම ස්තූතියි ආවට සහ අදහසට......... දිගටම එන්න........
Delete...//ඊටත් මෙහායින් ඉදගෙන ඉන්න එකා අර සීන් එක දිහා බලන්නෙ නෑ වගේ වෙන දිහාවකට මූණ හරවන් ඇහේ පොට යවාගන්න හදනවා//...
ReplyDeleteමමත් ඉදලා හිටලා ඔය වැඩෙ කරලා තියනවා ඒ දවස්වල.දැන් බැලුවොත් එහෙම වයිෆ් ඇහැ ගලවලා අතට දෙයි.ඒ හින්දා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා.
උඹ කතාවනමි හිතට වදින්න ගලාගෙන යන විදියට ලියලා තියෙනවා.ඒ නිසා කියවන්න ආසා හිතෙනවා.
බොහොමත්ම ස්තූතියි......... ඔව් ඔව් පවුල් පන්සල් උනාම තමන්ගෙ ආත්මාරක්ෂාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි...............
Deleteකථාවේ මුල හිතාගෙන ආපු එක නෙවේ අන්තිමට සිද්ධ උනේ .ඇත්තම සිද්ධියක් නෙවේ කිව්වනෙ එහෙනම් කමක් නෑ :)
ReplyDeleteබොහොම ස්තූතියි ආවට...... සිද්ධියනං ටිකක් විතර ඇත්ත තමා.......... මං කිව්වෙ මගෙ පෞද්ගලික අත්දැතීමක් නෙවේ තියලයි.......... දිගටම එන්න..........
Deleteඑහෙම වුනාම අමාරු කරනවා නේද බන්???
ReplyDeleteතාම සිරා බන්! ඇනුනාම කතා කරමු!
හෙහ් හෙහ්....... ඇනෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා මම.......... ආවට ගොඩාරියක් සතූතියි...... දිගටම එන්න..............
Deleteහ්ම්ම්...ඇයි බං උඹ ඔහොම කරන්නේ..? දැන් ඉතින් මට ඔය වගේ මාතෘකාවක් ඔළුවේ පොරකන්න ගන්න එක වළක්වගන්න සටන් කරන්න වෙනවා..:( මොනාවුණත් ඔහොම අවස්ථාවකට ඇත්තටම මූණ දුන්නොත් කොහොම දැනෙයිද නේද? මුළු ලංකාවේම කෝච්චි බස් සේරම පපුව උඩින් දුවනවා වගේ දැනෙයිද..මම කැමති උඹ ලියන සරල රටාවට..දිගටම ලියපන්..
ReplyDeleteආහ්..ෆලෝ කරන්න බෑ නේ..එරර් එකක් කියන්නේ..පොඩ්ඩක් බලපන්
මාත් බැලුවා ෆලෝ කරන්න බැ.
Deleteබොහොම ස්තූතියි........ ඇත්තටම ඉතිං මොනා වෙයිද බලන්න ඒ වගේ එකක්ට මූණ දීලම තමා බලන්න වෙන්නෙ............. දිගටම එන්න.......
Deleteෆලෝ කරන එකේනං සමහරුන්ට මොකද්දෝ අවුලක් තියෙනවා තමා....... ඒක හදන්න බෑ වගේ........ හැබැයි බ්ලොග් රෝ්ලට දැම්මොත් ඉබේම ෆලෝ වෙනවා........
හ්ම්... ජීවිතේ හරි පුදුමාකාරයි යාලුවා...
ReplyDeleteඔව්. සමහරවෙලාවට හිතාගන්නත් බැරි තරම් ම පුදුමාකාරයි. ගොඩාරියක් ස්තූතියි ආවට. දිගටම එන්න.
Deleteබස් එකේ යද්දී කට නොකාපු එකේ වැරද්ද තමයි මේ... ඕවා හොඳ පාඩම්
ReplyDeleteහෙහ් හෙහ් සමහරක් විට හේතුව ඒක වෙන්නත් ඇති.............. ආවට ගොඩාරියක් ස්තූතියි......
Deleteදිගටම එන්න...........
කතා හරි ලස්සනට ලියල තියෙනව...මේකේ මුලින්ම කොමෙන්ට් දාපු කෙනා කියල තියෙන එකත් එක අතකට හරි...පන දෙන්නම ආදරේ කරාම ඉතුරු වෙන්නේ වේදනාවක් විතරයි තමයි...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි......... ඔව්, ගොඩක් වෙලාවට පණ දෙන්න ආදරේ කරපුවාම ඉතිරි වෙන්නෙ වේදනාව විතරයි. ඒත් ඉතිං සමහර වෙලාවට මැරුණු ජීවිත වලට ආයෙම පණ දෙන්නත් ආදරේට පුළුවන්. එහෙම නේද? දිගටම එන්න.........
Deleteඑළකිරි බං :(
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මචං......
Deleteඋබ නම් මාර කෙනෙක් තමයි !! :o
ReplyDeleteආවට බෝම ස්තූතියි........ ඇයි මචං එහෙම කිව්වෙ? අවංකවම මට ඔයා කිව්ව දේ පැහැදිලි උනේ නෑ....................
Deleteහරි හරි , ඒකට අවුලක් නැ..
Deleteඒක නෙමේ , මට සයිට් එක Follow කරන බැනේ. කොයි වෙලාවෙත් Errorලු , පස්සේ Try කරන්නලු.. දවස් ගානක් තිස්සේ බැලුවා..
මේ වෙනකොට මේ වැරැද්ද හදන්න කෙනෙකුට බාරදීල තියෙන්නෙ. ඉක්මනටම ඒක හදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
Deleteෆට්ට කතාව...
ReplyDeleteසයිට් එක Follow කරන බැනේ. කොයි වෙලාවෙත් Error
බොහොමත්ම ස්තූතියි ආවට......... සාදරෙන් පිළිගන්නවා. මේ වෙනකොට මේ වැරැද්ද හදන්න කෙනෙකුට බාරදීල තියෙන්නෙ. ඉක්මනටම ඒක හදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. දිගටම එන්න.
Deletefollow button එකෙන් බැරි උනාට url එක චොප්ය් කරන dash බෝර්ඩ් එකේ add button එකට පේස්ට් කරලා follow කරගන්න පුළුවන් උනා..
Deleteබෝම ස්තූතියි.....!
Delete