Tuesday, September 22, 2015

තවත් එක දවසක්...




                                   පැවිලියන් එකට මෙහා පැත්තෙන් සැරිය නැවැත්තුවා. බස් එකෙන් බැස්ස ගමන්ම මට පෙණුනෙ පිට්ටනියෙ එහා කොනේ තියෙන මාරා ගහ. මට එකපාරටම මතක් උණේ මං මේ ඉස්කෝලෙට මුලින්ම එනකාලෙ මේ ගහ කොච්චර ලස්සනට තිබුණද කියලා. පිටිපස්සෙන් වැවත් එක්ක පෙනෙනකොට මාරම ලස්සනයි. ඒත් දැන් ගහ බාගයක් විතර ම මැරිලා. අතු දෙක තුනක් එක්ක ක විතරක් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි. දැන් නම් මට මහ මූසල හැීමක් දැනෙන්නෙ ඒක දැක්කහම...


                                   මගෙ හිතත් හරියට ඒ මාරා ගහ වගේ කියලා මට හිතුණා. වෙනදා මං ඉස්කොලෙට ආවෙ කොච්චරනං සතුටින්ද. ඒත් දැන්. හිතාගන්නවත් බැරි තරම් දුකක් හිත පුරාම පැතිරිලා. ඒ දුක හිතේ කොනකට දාලා හිනාවෙලා ඉන්න හැදුවට කොහොම කරන්නද ඒක. කිසිම ගැම්මක් නැතුව මං හෙමිහිට පාර දිගේ ඇවිදගෙන ආවා. මං ගේට්ටුවට ළංවෙන්නත් කලින් ම බෙල් එක වැදුණා. ඉස්සරනම් එහෙම ඇහුණම පණ කඩාගෙන පන්තියට දුවනවා. ඒත් අද...

                                   බෑග් එක මුර කුටියට දාලා බැජ් එකත් ගහගෙන මං මුර කුටිය ඉස්සරහට වෙලා හිටියා. එතන ඉන්න අයට ගුඩ් මෝනින් කියනවා තියා ඉන්නෙ කවුද කියලා බලන්නවත් මට ඕනිකමක් තිබුණෙ නෑ. පරක්කුවෙලා හින්දා ළමයි ඉක්මනට ගේට්ටුවෙන් ඇතුළට දුවනවා. මං ඔහේ බලාගෙන හිටියා. කිසිම අරමුණක් නැතුව ඔහේ බලාගෙන හිටගෙන හිටියා...

                                   පන්සිල් ගන්න වෙලාවට පන්තියක් ඉස්සරහට යනවට වඩා මුර කුටිය ඉස්සරහට වෙලා ඉන්න එක හොයි. ඒක නිදහස්. ඒත් හැමදාම මං ගාථා කියලා ඉවර වෙනකං පන්තියට නොගිහින් ඉන්නෙ හේතුවක් නැතුවම නෙවෙයි. ආර්ට් එක දැක්ක ගමන් මට මහා කලකිරීමක් දැනෙනවා. හය වසරෙ ඉන් මේ ඉස්කෝලෙ හිටියට මට මෙච්චරම දුකක් ඇතිවුණේ උසස් පෙළ කරන්න මේ ආර්ට් එකට ආවටපස්සෙ. ඔයාව, ඔව් ඔයාව මට ඉස්සරලම හම්බවුණේ මේ ආර්ට් එකට ආවට පස්සෙ. දෙවෙනි බෙල් එකත් වැදුණා. ගාථා කියන්න පටන් ගත්තා...

                                   බෑග් එකත් කරට දාගෙන මං පඩිපෙළ බැහැලා බුදු පිළිමෙටත් වැලා ආර්ට් එකේ කොරිඩෝවට ගොඩවුණා. පන්තිවල ළමයි පිරිලා. ගුරුවරුත් ඉන්නවා. මේ හැමෝම හරිම උද්යෝගෙන් ලෑස්ති වෙන්නෙ අලුත් දවසක් පටන් ගන්න. ඒත් මම. අවංකවම මට ඒ හැමෝම ගැන ඉරිසියාවක් හිතුණා. අදත් පන්තියට ගියාම වෙන්නෙ වෙනදා වෙන දේමයි නේද කියල හිතෙද්දි මට ආපහු ගෙදර දුවගෙන යන්න හිතෙනවා. අකමැත්තෙන් උණත් මගෙ කකුල් දෙක මාවත් අරගෙන ඉස්සරහටම ගියා...

                                  මං පන්තියට ඇතුල් උණා. මැඩම් පන්තියේ. ළමයි කීපදෙනෙක්ගෙ ඇස් මං දිහාවට හැරුණා. ඒත් මං හෙව්වෙ ඒ එකක්වත් නෙවේ. ඔයාගෙ ඇස් දෙක. ඔව්, ඔයාගෙ... කිසිම වෙනසක් නෑ. වෙනදා විදිහමයි. මාව දැක්කෙවත් නැති විදිහට ඔයා වෙන වැඩක. මං මෙච්චර ආදරේ කරන ඔය ඇස්දෙක නිකමටවත් මං දිහා හැරිලා බැලුවෙ නෑ. හරියට මාව නුපුරුදුයි වගේ. අුරන්නෙවත් නෑ වගේ. හිතාගන්න බැරි අසරණකමක් මට දැනුණා...

                                  කොල්ලො ටිකත් එක්ක හිනාවෙන ගමන් බෑග් එක ඩෙස් එක උඩට දානකොට, මැඩම් ළමයෙක්ගෙන් ටිපෙක්ස් එකක් ඉල්ලනවා මට ඇහුණා. ෂුවර් එකටම අදත් මට බිංදුව දාන්න ඇති පරක්කු හින්දා.පුරුදු විදිහටම, හිතේ දුක දෙගුණවෙලා තවත් දවසක් පටන් ගත්තා...

                                  මං අනික් අයත් එක්ක හිනාවුණා. ඒත් ඒක නිකංම නිකං විරිත්තීමක් විතරක් වෙන්න ඇති. ඔව්. ඇස්වලින් කිසිම හැීමක් පිට නොවී කටින් විතරක් හිනා වුණාට වැඩක් නෑ. මං අනික් අයත් එක්ක කතා කළා. කොච්චර ප්‍රාණවත් විදිහට කතා කරන්න හැදුවත් මගෙ කටහ බිිලා කියලා මටම දැනුණා. මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම් මගෙ හිතේ තියෙන දුක, අනික් අයට දැනෙන්න දෙන්න බෑනේ. පුරුදු විදිහටම මං මගෙ රපෑම පටන් ගත්තා. ඔව්. සතුටින් ඉන්න විදිහට...

                                 එදා දවසත් පුරුදු විදිහටමයි. අනික් අයට හොරෙන් කොච්චරනං ඔයා දිහා බැලුවද මං. නිකමටවත් මගේ දිහා බැලුවෙ නෑ. දවසක් උණත් ඔයා දිහා බලාගෙන ඉන්න මට පුළුවං. අනික් අයට නොපෙනෙන්න මං ආපහු ඔයා දිහා බැලුවා. ආයෙමත් බැලුවා. ආයෙමත් බැලුවා. නිකමටවත් මං දිහා බලලා පොඩ්ඩක් හිනාවුණානං ඒ ඇති මට දවසටම. ඒත් වෙනදා විදිහමයි. ඔයා එකපාරක්වත්, එකම එකපාරක්වත් මගෙ දිහා බැලුවෙ නෑ...

                                 මටත් නොදැනිම මට පරණ දේවල් මතක් වෙන්න පටන් ගත්තා. මුලින්ම ඔයාට කතා කරපු දවස. ඔව්, අවංකවම මට ඒක හොට මතකයි. අපි දෙන්නා යාළුවෝ වගේ හිටපු හැටි. චිත්‍රපටි ගැන, අනං මනං ගැන කතා කරපු හැටි. ඇයි ඔට්ටු අල්ලපු හැටි. හේතුවක් හිතාගන්න බැරි උණත් දැන දැනත් මං පැරදුන හැටි. ඒ ඔක්කෝටමත් වඩා මේ හැමදේම එහෙම වෙද්දි, මගෙ හිත මටත් හොරෙන් ඔයාට ආදරේ කරන්න පටන් ගත්ත හැටි...

                                 මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ කවදද කියල මං දන්නෙ නෑ. ඒත් ඒක එහෙම උණා. ඔයාව ආශ්‍රය කරනකොට, මටත් නොදැනිම මට ඔයා ගැන විශේෂයක් දැනෙන්න පටන් ගත්තා. ඔයාව දකින එක, ඔයත් එක්ක කතා කරන එක මට සතුටක් උණා. ඔයාගෙ කතාවට, ඔය හිනාවට, හැසිරීමට, මේ හැමදේටම මං වශී උණා...

                                  පිටට කොහොම පෙන්නන්න හැදුවත්, ඇතුළතින් මං හරිම බයගුල්ලෙක්. ඔයා මේක දැනගත්තොත් ඔයාව මට නැතිවෙයි කියලා මං බය උණා. දවසින් දවස මෝරන ආදරේ හිත ඇතුළෙ හිර කරගෙන වෙනදා විදිහටම ඉන්න මං උත්සහ කළා. ඒක ඔයාට දැනුනද නැද්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් මටවත් හිතාගන්න බැරි විදිහට මං ඔයාට ආදරේ කළා. ඒක නවත්තන්න මට ඕන වුණේ නෑ.කොහොමටත්, නවත්තන්න පුළුවංකමක් තිබුණෙත් නෑ...

                                  ගොඩාක් වෙලාවට මං හැමදේම වරද්ද ගන්නවා. ඒ මගෙ හැටි. ට්‍රිප් එක දවසෙත් උණේ ඒකමයි. එදා මං ඔයාට ආරෙයි කියලා කිව්වෙ ඇයිද මන්දා... මට හිතාගන්න බෑ. කොහොම උණත් එදා ඉඳන් මේ වෙනකම් වෙච්ච හැමදේකින්ම උණේ, මගේ හිතේ දුක තව තවත් වැඩි වුණ එක විතරයි. ඔයාට මාව ගැළපෙන්නැත්තෙ ඇයිද කියලා මට හිතාගන්න බෑ...

                                  ඔයා හැමවෙලේම හදන්නෙ මගෙන් ඈත්වෙන්න හින්දා ඔයාට මගෙ ආදරේ දැනෙන්නෙ නැතුව ඇති. මගෙ හිතේ ඔයාට තියෙන ආදරේ කොයි තරම්ද කියලා ඔයාට තේරුම් කරන්නෙ කොහොමද කියලා මට හිතාගන්න බෑ. එකම එකපාරක් මට ළංවෙලා බැලුවොත් ඔයාට තේරේවි මං ඔයාට කොයි තරම් ආදරේ කරනවද කියලා. ඔයා පුදුම වෙයි අවංකවම. ඇත්තමයි...

                                  වෙනදා පුරුදු විදිහටම දවස ගෙවිලා ගියා. මට පුළුවංකමක් තිබ්බනං මුළු ඉස්කෝලෙටම ඇහෙන්න කෑගහල කියනවා මං ඔයාට කෙයිතරම් ආදරෙයිද කියලා. උදේ දෙගුණ වෙච්ච දුක ඒ වෙනකොට තුන් ගුණේකටත් වඩා වැඩිවෙලා තිබුණා. මගෙ හිතේ කලකිරීම වැඩිකරන්න වගේ ඒ දවසත් ඉවර වෙන්න බෙල් එක වැදුණා...

                                  ගාථා කියලා ඉවරවෙලා ළමයි පේළියට යනකොට මං හෙව්වෙ ඔයාව. යනකොටවත් එකම එක පාරක්වත් මං දිහා බලයි කියලා. නෑ... මාව දැක්කෙවත් නෑ වගේ ඔයා යන්න ගියා. මං එතන ඉන්නව කියන එක හොටම දැනගෙනයි ඔයා එහෙම ගියේ. හරියට මාව නුහුරුයි වගේ. මාව අුරන්නෙවත් නෑ වගේ... මං ඉක්මනට එහා පැත්තට ගිහින් ආයෙමත් ඔයා එනකං බලන් හිටියා. වෙනසක් නෑ. මාව දැක්කෙවත් නෑ වගේ ඔයා යන්න ගියා...

                                  හැමදාමත් වගේ මගෙ හිත හොටම පෑරුණා. එහෙමයි කියලා මං මොනවා කරන්නද. අන්නද. බෑ. ළමයි ඔක්කොම යනකං ඉලා මං ගේට්ටුවෙන් එළියට ආවා. බස් එකට ඇවිදගෙන යන අතරෙ මට කිසිම දෙයක් හිතුණෙ නෑ. දැනුණෙ මහා හිස් බවක් විතරමයි. ඔව්. මං ඒකපාර්ශවික ආදරවන්තයෙක්. ඒත් එහෙමයි කියලා මෙච්චර දුකක් විින්න මං කරපු වැරැද්ද මොකක්ද කියලා මට හිතාගන්න බෑ. මටත් වඩා ඔයාට ආදරේ කරන එකද...

                                  ඔයා යන මහේෂ් බස් එක ළට ඇවිදන් එනකොට මටත් කලින් මගෙ ඇස් ඒ පැත්තට හැරුණා. ඔයා ඇතුළෙ ඉන්නවා කියලා මං හොටම දන්නවා. ඒත් ඔච්චර ළමයි ගොඩක් අස්සෙ කොහොම හොයන්නද ඔයාව. එහෙමයි කියලා පරාජය බාරගන්න මගෙ ඇස් ලෑස්ති වුණේ නෑ. බස් එක පහුවෙනකම්ම  බලන් හිටියා. ඒත් ඔයාව දකින්න හම්බවුණේ නෑ. මගෙම හිත ගැන කලකිරීමකුත් එක්ක හිතේ දුක තවත් වැඩි වුණ එක විතරයි උණේ...

                                 ඇයි ජීවිතේ හැමදාම මටම මෙහෙමෙ කරන්නෙ. හැමදාම උණේ වැරදුණ එක විතරයි. සතුටු වෙන්න දාහක් දේවල් තියෙද්දි ඒ ඔක්කොම නැතිවෙන තරම්, එකම එක දුක හිතෙන දෙයක් මට දුන්නෙ ඇයි කියලා මට හිතාගන්න බෑ. කොහොම උණත් මං දන්නෙ එක දෙයයි. මොන දේ උණත් මං ඔයාට ආදරෙයි. මට ඒක නවත්තන්න බෑ...

                                 ගොඩාක් චූටි කාලෙ මට ඕනි වුණා තරුවක්. ඇත්තම ඇත්ත එකක්. මගෙම කරගන්න. හැමෝම කිව්වෙ මට ඒක කරන්න බෑ කියලා. ඒත් මං ඒක විශ්වාස කළේ නෑ. ඒ විශ්වාසය අදටත් එහෙමමයි. මං තවමත් බලාගෙන ඉන්නෙ කවදහරි මට තරුවක් හම්බවෙයි කියලා. මගෙම එකක්. ඒ බලාපොරොත්තුව හැමදාටම තියෙයි...

                හරියටම ඔයා වගේ...

                                මහේෂ් එක මාව පහුකරන් ගියා. මටත් නොදැනිම ලොකු හුස්මක් වැටෙද්දි, මං ගිහින් බස් එකට ගොඩවුණා...

   

නෙහැඟුණත් සෙනෙහස මගේ
                     හදවතේ තරහක් නෙවේ...
නොලැබුණත් සෙනෙහස ඔබේ
                     මගේ සෙනෙහෙ අඩුවක් නොවේ...

සිහිනයක් පමණයි ඔයා
                    තනිකමයි මට හිමි ලොවේ...
ඔය දෙනෙත් මගෙ වෙයි කියා
                    පතන්නම් මම මතු භවේ...

අහිංසක සිනහව ඔබේ
                    කිසිදාක අමතක නොවේ...
හුදෙකලා මාවත මගේ
                    හිමි නොවේ සෙනෙහස් සුවේ...

මිතුදමක් අසරණ උණා
                   දුක්බරයි හැඟුමන් මැවේ...
වැරදිකරු මම විතරමයි
                  රත්තරං ඒ ඔබ නොවේ...


~අවංක ආර්යන්~

22 comments:

  1. jevitheta innna kiyannna,
    mata yanna thanak na..
    adareta denna dewal godayi..
    mata nawathinna ba...
    heena walata aya enna kiyanna...
    mata igilenna ba...
    adareta thatu deela ewarayi...
    mata enna wenne na...
    kalayata inna kiyanna..
    mata heta inna wenne na..

    mamath oya wage hithapu kalayak thibba, eth e serama dan athetheta gihin ewarai, deyak oyage wenawa nam eka katawath nawaththanna ba.. eka nisa jeewath wena hama mohothakma sathuten inna, widinna widawanna epa. adare sundara, kawada hari oyath widi, jeevitheta ida denna kalayata ida denna. hodata igana ganna. hamadema hoari yai, don't ever giveup on you. :)

    ReplyDelete
    Replies
    1. ආවට බොහෝම ස්තූතියි...... ඔබේ කවිය ඉතාම ලස්සනයි. අදහස් දැක්වීමටත් ස්තූතියි. ඇත්තටම කිව්වොත් කලින් පෝස්ට් එකේ කිව්ව විදිහටම මේක දැන් ගොඩාක් කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්..... තමන්ට ගැළපෙන හරි කෙනා මුණගැහුනම ඔය ඔක්කොම අමතක වෙලා යනවා......... ඒකයි ඇත්ත....... දිගටම එන්න...................

      Delete
  2. උඹ හොද දක්ෂයෙක් මචං.බිලොග් අවකාශයේ හුදකලාවුනොත් මෙ ගමන යන එක ටිකක් අමාරැයි.ඒ නිසා අපි හැමෝම නිතර මුන ගැහෙන බිලොග් වලට එන්නම වෙනව.මම මෙකට ඇවිත් ටික කාලයයි.නමුත් මට මුලින්ම මුන ගැහුනේ හොදම මිත්‍රයෝ පිරිසක්.ඒ නිසා මට තනිකමක් දනුනේ නැ.ගමනත් පහසු වුනා.විහිලුවෙන් තහලුවෙන් දුකේදි සැපේදි එකට ඉන්න මිතුරෝ පිරිසක් ගමනට එකතු කරගනිමු.එහෙනමි ජය

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මචං...... ඔව්, ඔව් ඒක මට තේරෙනවා. සිතුවිලි හුදෙකලා උණාට මමනං කොහොමවත්ම හුදෙකලා චරිතයක් නෙවෙයි............ දැනට රවුම් ගහමින් පවතිනවා...... ටික දවසකින් කට්ටිය මාවත්, මම කට්ටියවත් අදුනගනීවි............ හෙමීට යමුකෝ......... ගොඩාරියක් ස්තූතියි උදව් කරනවට..........!

      Delete
  3. මචං, මට නම් කවිය කතාවටත් වැඩිය සුපිරියි.. හිතට වැදුනා ඒක නියමෙටම..

    අදයි මේ පැත්තේ ගොඩ වුනේ.. දිගටම ලියන්න සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි මචං....... ආව එක මට ලොකු සතුටක් අවංකවම....... දිගටම එන්න......!

      Delete
  4. අලුත් බ්ලොගයක් නේද???? මං හිතන්නේ තාම අපේ සින්ඩියට දාගෙන නැහැ... දැන් දැම්මා....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අලුතින් තමයි පටන් ගත්තේ.... පළවෙනියටම මේට ආව කිප දෙනාගෙන් කෙනෙක් ඔබත්. පළවෙනි පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දාල තියෙනවා. බොහොමත්ම ස්තූතියි....!

      Delete
  5. කමක් නෑ තරුව අල්ලන්න උඩ පනින්න . එතකොට මොකක හරි දෙයක් ලැබෙයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවට......... දන්නැද්ද ඉතිං ඒ කාලෙට හිතෙන දේවල්නේ........... මං හිතන විදිහට තරු ඉල්ලලා අඩපු මට මේ වෙනකොට හදක් ම හම්බෙලා තියෙනවා............. ඒ හින්දමද කොහෙදෝ අතීතය දිහා සැහැල්ලුවෙන් බලන්න මට පුලුවංවෙලා තියෙනවා......... දිගටම එන්න........ ස්තූතියි...!

      Delete
  6. මේ දවස්වල ලියවෙන මගේ ගද්‍ය කාව්‍යයට සමාන ස්වරූපයක් දැක්ක නිසා මේක මටත් වැදුනා නියමෙටම. අත්දැකීම් බ්ලෙන්ඩ් කරලා ලියනකොට තමා තමන්වත් නොහිතන දේවල් මැවෙන්නෙ. බ්ලොග් රෝලෙ එල්ලුවා. දිගටම යමු. සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි....... දිගටම එන්න........!

      Delete
  7. ලස්සනයි නෙ සහෝ මුල පොස්ටුවෙ ඉදං කියවං ඇවිත් තමයි මේ කොටන්නෙ.. මේ ශෛලිය තව තවත් ඉස්සරහට යද්දි අප්ඩේට් වෙයි
    මට මැවිල පේනව පට්ට රස ලිවිල්ලක්
    අතාරින්නෙපා කවදාවත් දිගටම යමං මචෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි සහෝදරයා........ දිගටම එන්න...........!

      Delete
  8. සුභ පැතුම් ආර්යයන්.හිතට දැනුනා.ඔය වල්ග තරුව හැලිල සඳක් හම්බවුන එකට නං ඔන්න සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගොඩාරියක් ස්තූතියි.......! දිගටම එන්න.............

      Delete
  9. ඊලග කෑල්ල තවත් රසවත් බන්! සිරාවටම
    එල එල දිගට ම ලියමු!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත........ බොහොමත්ම ස්තූතියි........! දිගටම එන්න............

      Delete
  10. අතීතෙයි වර්තමානෙයි ඡේදනය වෙවී යන මේ රටාවට මම කැමතියි...:) දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආවට සහ අදහස් දැක්වීමට..... දිගටම එන්න..........

      Delete