මං බලාගෙන හිටියා. ගුරුවරු ඇවිත් කාල බීලා අපෙ ගුණ ගායනාකරලා ගියා. සමහරු ඉතිරිවා අස් කරනවා. තවත් සමහරු වටවෙලා කතාව. ඒත් පන්තියෙන් බාගයක්වත් අද ආවෙ නෑනෙ.
එකපාරම එයා මං ගාවට ඇවිත් මගෙ ළඟ තිබ්බ පුටුව ඇදලා වාඩි උනේ මගෙ උරහිසටත් පාරක්
ගහන ගමන්. මගෙ මනෝපාර කෑවා.
“මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ...“
“නෑ බං... අවුරුදු දෙකක් තමන්ට උගන්නපු
ගුරුවරුන්ට සංග්‍රහයක් කරලා අන්තිම වතාවට වැඳලා යන දවසෙවත් ඉස්කෝලෙ එන්න බැරි තරමට අපෙ සමහරක්
එවුන් පාඩම් කරනවනේ නෙහ්. නැද්ද?“
“හ්ම්...“
මං හොඳට එයා දිහා බැලුවා. පාට
තලෙළු උනාට මොකද මාර ලස්සනයි. පියකරුයි. හැමතිස්සෙම ඉස්සරහට දාගෙන ඉන්න කොණ්ඩ කරල්
දෙක මට හැමවෙලේම මතක් කළේ චිත්‍රපටිවල තියෙන නැව්වල රුවල් අදින කඹ.
පන්තියෙ එවුන් මොනා කිව්වත් එයා මගෙ යාළුවෙක්. හොඳම යාළුවෙක්. එච්චරයි. උසස් පෙළට ආව අළුත මට
වැඩියම ෆිට් වෙච්ච කෙල්ලො කීප දෙනාගෙන් කෙනෙක් එයත්. දෙන්න ම කවි ලියන හින්දා තමයි
තවත් ෆිට් උනේ.
ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කිසිම තේරුමක් නෑ ඒ
දවස්වල. මොකද ඉතිං අත්දැකීමකුත් නෑනේ. ඒත් අනික් අයට වඩා මගෙ හිතේ එයාගැන විශේෂයක්
තියෙනවා කියල මට දැණුනා. එයාගෙ හිතෙත් මං ගැන එහෙම දෙයක් තියෙන බව මට හොඳටම තේරුණා.
මට එයාගෙ වෙන්න හොඳටම පුළුවන්කම තිබුණා. ඒත් ඉතිං එයාට මගෙ වෙන්න
බෑනේ. ඒ වෙනකොටත් එයා වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි. ඒක මම හොඳටම දැනගෙන හිටියා.
මං කොහොමටත් ම කුරුළු කූඩු කඩන පව්කාරයෙක්
නෙවෙයි. ඒ හින්දා වෙන්නැති එයාගෙන් එන පුංචි ඉඟියකට පවා කිසිම අනුබලයක් නොදී විහිළුවෙන් ම මඟඇරලා ගියෙ. නැතුව හිතකින් කළා නෙවෙයි.
“මොකද අනේ ඔයාට අද වෙලා තියෙන්නේ...? මොනාද
ඔච්චරම කල්පනාව...? ඇයි දැනටමත් විභාග භීතිකාවද...?“
ආයෙමත් කෑව මගෙ මනෝපාර.
“එහෙම රෙද්දක් නෙවේ බං... මං මේ කල්පනා කරේ ඉතිං
ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයිනෙ නේහ් කියලා...“
“හ්ම්...“
මට සද්දෙ දැම්මට මොකද එයත් ඒ පාර කල්පනාවට
වැටුණා. එකපාර ම මූණ අඳුරුවෙලා ගියා. කාටත් ඉතිං අවුල් තමයි ඉස්කෝලෙ
කාලෙ ඉවර වෙන එක.
“මේං...“
එකපාර මෙයා මගෙ අතින් අල්ලලා ඇද්දෙ මීට කලින්
මුදු දාපු අත් දැකලා නෑ වගේ. මැදගිල්ලෙ තිබ්බෙ අපල කියලා අම්මා දම්මවපු මුද්ද.
“හ්ම්...“
“ලස්සනයි...“
එහෙම වෙන්න එපැයි රෙද්ද ඉතිං මමනෙ මොස්තරේ
තේරුවෙ. මුද්දත් එක්ක ම ඇඟිල්ලත් ඇදලා ගලවන්න කලින් මම ම ඒක ගලවලා එයා අතට
දුන්නා.
“ඇයි මේක දැම්මෙ...“
ඕන්නැති මඟුලක් නෑ ඉතිං. වෙලාවකට මෙයත් අහන්නෙ මහ පුදුම
දෙවල් තමයි. ඇයි දෙයියනේ... අපලවලට මිසක් ආතල් එකට අපල මුදු දාන්නෙ නෑනේ.
“ඕක දාපුහාම විභාගෙ පාස් වෙනවා... නිකංම...“
මං කින්ඩියට වගේ කිව්වෙ.
“නෑ... ඇත්තමයි ද...?“
“ඇත්ත තමා රෙද්ද ඉතිං... ආයෙ මං බොරු කියනවය...“
ටිකක්
වෙලා මුද්ද ඒ මේ අත හරව හරව ඉඳලා ආයෙම මගෙ අත ඇදලා අරන් මුදු දාන ඇඟිල්ලෙන් අල්ල ගෙන ඒක අඹරලා අතෑරියා. මගෙ මූණ දිහා
බැලුවා.
“මැඳගිල්ලට මුදු දදා ඉන්නෙ, මේකට මුද්දක්
දාගන්න අදහසක් නැද්ද තාම...?“
ඔය ඇහුවෙ ඉඳලා ඉඳලා හොඳ ප්‍රස්නයක්. අනේ
ඉතිං මොකටද මගෙ කට.
“දාගන්නනම්
අදහසක් තියෙනවා... ඒත් ඉතිං මොනා කරන්නද, මේකට මුද්දක් දාන්න කවුරුවත් ම කැමති
නෑනේ... මම පව්“
මං
එහෙම කිව්වට මොකද ඒ ඇඟිල්ලට මුද්ද දාන වැඩේ කෙනෙක් බාර අරන් ගොඩක් කල්.
එයා
එකපාර මගෙ මූණ දිහා බැලුවා. එනපොට හොඳ නෑ කියලා මට හිතුණෙ කලාතුරකිනුත් කලාතුරකින්
විතරක් ම එයාගෙ මූණෙ දකින්න හම්බවෙන අමුතු ම විදිහෙ දඟකාර හිනාව දැක්කාමයි.
“මං
මේ මුද්ද ඒකට දාන්න ද...?“
එහෙම
ඇහුවෙ අයෙමත් මගෙ ඇඟිල්ලෙන් ඇදලා අල්ලන ගමන්. තව පොඩ්ඩෙන් මුද්දක් දාන්න ඇඟිල්ලක්
ඉතුරු වෙන්නෙ නෑ.
“හ්ම්...“
මං
එහෙම කිව්වෙ ඇයි ද කියලා මට ම හිතාගන්න බෑ. මේක කොහොමටවත් වෙන්න ඕනි දෙයක් නෙවේ.
විහිළුවටවත් වෙන්න ඕනි දෙයක් නෙවේ. අපි දෙන්නා යාළුවො විතරයි. යාළුවො විතරමයි.
අනේ මන්දා. මෙයාගෙ හිතේ මොනව තියෙනවද කියල මට
හිතාගන්න බෑ. අපි දෙන්නම හොඳට ම දන්නවා අපිට අපේ වෙන්න බෑ කියලා. එක අතකට
මෙහෙම බොරුවට හරි එයා මගෙ අතට මුද්දක් දැම්ම එක කොච්චර දෙයක්ද...? මට එහෙම හිතුණා.
එයාටත් එහෙම ම හිතුණද මන්දා.
ඇඟිල්ලෙ මුලටම හිරවෙන්න මුද්ද දාපු එයා අත් දෙකෙන්ම
මගෙ අත අල්ලලා මිරිකුවා.මගෙ ඇඟට එකපාර ම කරන්ට් එක වැදුණ වගේ දැණුනා.මං එයා
දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බ හැඟීම් මට වචන වලින් කියන්න බෑ. කොහොමටවත් ම බෑ.
සමහරක් විට මගෙ මූණත් එහෙම්ම ම වෙන්නැති.
෴
පෙර භවයක දී
එක් වී ඉන්නැති
ඒකයි නුඹ මට හුරුපුරුදූ...
ළං වී තනි වී
දොඩමලු වෙන්නැති
ඒකයි මේ හැටි හිතමිතුරූ...
බිඳක් තරහ වී
යළිත් සිනහවෙන
නොමියෙන මිතුදම මට සොඳුරූ...
දුරකින් සිටියත්
අමතක වෙන්නැති
හේතුව දන්නෑ මම මිතුරූ...
යාලු කම විතරක් ම වෙන්න් බෑ තිබිලා තියෙන්නේ
ReplyDeleteඅවංකවම කිව්වොත් පිටින් නම් තිබ්බෙ යාළුකමක් විතරක්ම තමයි අයියා.........
Deleteඔ්කනේ කියන්නේ අැතුළ වනචරයි...
Deleteඅපෝ නෑ...... මං අහිංසකයා..............
Deleteiwan kiwa wage yalukamata eha giya makado deyak tibila tiyanawa.....
ReplyDeleteදුරකින් සිටියත්
අමතක වෙන්නැති
හේතුව දන්නෑ මම මිතුරූ...
ekane mehema hitenne.....
mano mandira
යාලු කමට එහාගිය දෙයක් තිබ්බා. හැබැයි හිතේ විතරයි. කවදාවත් එළියට ආවෙ නෑ. මේ කවිය ඒ ගෑණූ ළමයම ලිව්ව එකක්. ඒ දවස්වල...... එයාගෙන් අහලා තමයි මෙතන දැම්මේ......
Deleteඔය හිතේ තියාගෙන නොකියවෙන ආදරේ නිසා විඳවන තරමක් ..කියන්නෙත් නෑ හරියට කෙලින් අහන්නත් බෑ මොකක්ද වගේ අන්තිමට හැමදාම ගොළුවෝ වගේ ඉඳගෙන හිතින් දුක් විඳිනවා නැද්ද මම කියන්නෙ ;) කතාව හරි ලස්සනට ගලාගෙන ගියා කවියත් ලස්සනයි.එකම එක දෙයක් ..අර දාපු පින්තූරෙට නම් මගේ වැඩි කැමැත්තක් නැහැ ..කම්මැලියා ... ලස්සන පින්තූරයක් හොයාගන්න තිබ්බනෙ කතාවටත් දැනෙන විදිහට :)
ReplyDeleteබෝම ස්තූතියි හංසි..... හෙහ් හෙහ් අවංකවම මට තේරෙන්නෑ කතාවට ගැළපෙන්න පිංතූරයක් හොයාගන්න............ ඒකයි හිතිච්ච එකක් දැම්මේ...............
Deleteමෙතනදිනම් එහෙම විදෙව්වා කියන්න අමාරුයි....... කියන්න තේරෙන් නෑ........... ඒක අමුතුයි.
නන්නාදුනන ලෙසේ
ReplyDeleteමඟතොට යළීත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා.......
මට මතක් වෙන්නේ මේක......
Deleteඅකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
කුළුදුලේම පෙම් බැන්දේ මම ඔබටි රහසේ
කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ
සිහිනෙන්වත් ඔයා ළගින් නෑ වෙන්වූයේ
යහලු යෙහෙලියන් සමගින් අපි පාසල් පාර්
ඇවිද ගියපු මග පාලුයි අපි අද නෑනේ
කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ
හිතින් නේද අපි දෙන්නා ළං වී ආදරේ කළේ
සමහර වෙලාවල් එනවා, ඔහොම ආදරයක් හිතේ තියාගෙන ඉන්න.. කියන්න බය හිතෙන.. ඒක හැබැයි අවාසනාවමත් නෙමෙයි..
ReplyDeleteඔව් එක ඇත්ත........ කොච්චර අමාරු උණත් නොගැළපෙන දේවල් කරන්න හොද නෑ........ එවෙලෙට අමාරු උනත් පස්සෙ තේරෙනව එහෙම කළ එක හොදයි කියලා.........
Deleteමං මේ කොහෙද ඉන්නෙ? ඉස්කෝලෙද? හොයාගන්න බෑ බං.
ReplyDeleteඅවංකවම මට මේ කොමන්ට් එකෙන් කියන දේ හිතාගන්න බෑ........... ඒ හින්දා උත්තරයක් දෙන්නත් අමාරුයි යාලුවා..........
Deleteමටත් තිබුනා බං මේ වගේ අත්දැකිමක් ඒක අකුරැ කරලා උඔලා කාගේ හරි බ්ලොග් එකක දාන්න ඔනේ..
ReplyDeleteඑල ද බ්‍රා ලියවිල්ල
බෝම ස්තූතියි මෙන්ඩයියා.......... ඔව් ඔව් දාන්න දාන්න.......... ඔයා ඉතිං එකක් ලියන්නෙ නෑම කියනවනේ..............
Deleteආදරය කියෙන්නේ හිමි කර ගැනීමම නෙවෙයි කියනවනේ....
ReplyDeleteඅකුරු අතරේ රූප පේලියක් මැවුනා වගේ දැනුනේ... අපූරුයි...
බෝම ස්තූතියි තුෂානි........ ඔව් ඒක ඇත්ත........ ආදරය කියන්නෙ හිමිකර ගැනීමම නෙවේ.....
Deleteමචෝ ලියවිල්ල නම් පට්ට, ඉවාන් අයියා කිව්වා වගේ යාළුකමට එහා ගියපු දෙයක් දැනෙනවා, හැබැයි වචන වලට පෙරලිලා කවදාවත් දිවගින් නොකියවුණු හිතේ කොනක කිටි කිටියේ තද වෙච්ච.
ReplyDeleteඅනිත් කාරණේ උඹගේ බ්ලෝග ෆලෝ කරන්න බැහැනේ, කොහොම උනත් රෝල්ට එල්ල ගත්තා, මේ මම කාලෙකට කලින් විරහ ආදරේ ගැන ලියපු කවියක්.
නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......
ජය මචන්.
බෝම ස්තූතියි යාලුවා.......... කවිය පට්ට.........
Delete// යාළුකමට එහා ගියපු දෙයක් දැනෙනවා, හැබැයි වචන වලට පෙරලිලා කවදාවත් දිවගින් නොකියවුණු හිතේ කොනක කිටි කිටියේ තද වෙච්ච. //
ඔයා මේ ටික කිව්වෙ අවංකවම නම්, මං හිතනවා මම සාර්ථකයි කියලා..........
සොමියා..
Deleteනවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තුරුලේම ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......
මෙන්න මේ වගේ කවියක් තියෙනව මගෙ එහා පැත්තෙ එකාගෙ මේසෙ. ඒක නම් කියුවෙ එයාගෙ ගෑනු ළමයා දුන්න එකක් කියලා.
මේක මීට කලින් ලියලා කාට හරි කෙල්ලෙක්ටවත් දුන්නද?
මෙහෙමයිනෙ මචං..... ඔය කවි කියන එව්වා ලියපු එකාගෙන් කියලා ඉල්ලලා හරි හොරෙන් උස්සලා හරි වෙන අය පාවිච්චි කරනවා. ඒ අයගෙන් තවත් අය ගන්නවා. අවසානෙ ගොඩක් අය අතට ගියාම ලියපු කෙනා කවුද කියලා දන්නෙත් නෑ. ඌට ඒක ඔප්පු කරන්නත් බෑ. ඔහොම ගිහින් ගිහින් ආපහු ඒක ලියපු එකාටම එන වෙලාවලුත් තියෙනවා. මොකද මට එහෙම වෙලා තියෙනවා. මේකත් ඒ වගේ වෙන්නැති....
Deleteදැන් එතකොට කෙලලා ඇරියද කුරුළු කූඩුවට ඒ ගමන?
ReplyDeleteඅනේ නෑ ඩූඩ් අයියා....... ඒ කූඩුව තාමත් එහෙම්මම යහතින් තියෙනවා......... අදටත් හොදම යාලුවෝ විතරමයි...............
Deleteහෙ හේ! ඔය සීන් එක මට ඕනතරම් වෙලා තියෙනවා! දැනටත්...
ReplyDeleteහැමෝටම වෙනවා ඉතිං ඔයවගේ දේවල්....... නැද්ද......
Deleteකිව්වත් වගේ ඒක යාලුකමක් නෙමෙයි.. :)
ReplyDeleteකොහොමවුනත් ඉතින් කුරුලු කූඩුව මුද්දක් නිසා නොකැඩුන එක නම් ලොකු දෙයක්
ඔව්... මමත් හිතනවා ඒක එහෙම නොවුනෙ දෙන්නගෙම හොදටයි කියලා.......
Deleteකවියනං සුපිරිම සුපිරියි......
ReplyDeleteබෝම ස්තූතියි කුරුටු...... සම්පූර්ණ අයිතිය ලියපු කෙනා සතුයි. හැබැයි එයානං කවදාකමවත් මේක කියවන්නෙවත් මේ කමෙන්ට් එක දකින්නෙවත් නැතිවෙයි.................
Deleteමං මේ මුද්ද ඒකට දාන්න ද...?“ අනේ හැබෑට......
ReplyDeleteහෙහ් හෙහ්....... කිසිම හැදියාවක් නෑ නේද?
Deleteයකෝ මේක මරුනෙ බං.හරිම සුන්දරයි කවියක් වගේ.ඇත්තටම අවංක ආත්ම ප්‍රකාශනයක්.
ReplyDeleteබෝම ස්තූතියි හැලප අයියා....... මං ඉතිං කෝමත් අවංකයානේ..............
Deleteපමා වෙලා කතාව බැලුවේ.ඒ නිසා කමෙන්ටුව පමා වුණා.ලස්සන කතාව.දෙන්නගෙම හිත්වල ආදරය තිබිලා තියෙනවා.
ReplyDeleteපමා වෙලා කතාව බැලුවේ.ඒ නිසා කමෙන්ටුව පමා වුණා.ලස්සන කතාව.දෙන්නගෙම හිත්වල ආදරය තිබිලා තියෙනවා.
ReplyDeleteබෝම ස්තූතියි අක්කේ......... මමත් එහෙම හිතනවා............. ආයෙමත් බෝම ස්තූතියි කමෙන්ට් දෙකක්ම දැම්මට........... දිගටම එන්න............
Deleteමොකුත් කියන්න බෑ ඔවැනි අද්දැකීම් එමටයි හැබැයි මට පාසලෙන් නමෙයි මගේ එකේ හිටිය එකම ගැනු පරානේ මිසා විතරයි නෙහ්..
ReplyDeleteකුඩු නොකඩන ප්‍රතිපත්තියට මගේ ආචාරය නුබට..හරියට වචන ටික ගැලපුවනම් එවෙලේ උබට එයාව ඊසි තව හිතකට ගින්දර වීසි...
හැබැයි මචෝ මම නම් කීප් ඉන් ටච් ලෙසටම කරනවා අපි නොකැඩුවට කුඩු කඩෙන ක්‍රම බෝමයි නිදැල්ලේ ඉන්න කිරිල්ලිට දුකමයි නිසා ටික කාලෙකට දුක බෙදාගන්න ක්ෂණික ඇඩ්මිට් වෙනවා මම
හෙහ් හෙහ් ආචාර්ය තුමාගෙ මේ වචන ටික හරියට නිකං කවියක් වගේ................ දුක බෙදාගන්න යන එක මගෙනං තියරිය නෙවේ. ඒක මහා එපාකරපු වැඩක්.................
Deleteදුක බෙදාගත්තට මොකෝ බන් ප්‍රතිලාබ හම්බ වෙනවා නෙහ් ඒවාට
Deleteහෙහ් හෙහ් ඒකත් ඇත්ත තමා..................
Delete