මං බලාගෙන හිටියා. ඒ මූණෙ තිබ්බ හැඟීම් මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ. ලොකු
වේදනාවක්, දරාගන්න බැරි වේදනාවක් පැහැදිලිව ම තිබ්බා. ඊටත් යටින් ආත්මානුකම්පාවෙන්
පිරුණු විශාල දුකක්.
ඒ ඔක්කොම එකට එකතුවෙලා ජීවිතෙන් හෙම්බත්වෙච්ච,
සමාජයෙන් තැලිලා පොඩිවෙලා කොන්වෙලා ගියපු ජීවිතයක් ඇතුලෙ හැංගිච්ච කලකිරීම. තමන්ට
මෙහෙම කරපු සමාජය ගැන ඒ හිත ඇතුලෙ මොන වගේ හැඟීමක් තියෙනවද කියලා මට හිතාගන්න බැරිවුණා.
~
~ ~
ගෙදරට
බරක් වෙවී ඉඳලා ඉඳලා යන්තම් තමන්ගෙ කකුල්වලින් හිටගන්න පටන්ගත්තා විතරයි ඒ දවස්වල.
උදේට බස් එකේම යනවා. හවසට බස් එකේම එනවා. කම්මැලිකමක් ගෑවිලාවත් නෑ. මොකද පට්ටාන්
ගත්ත අලුත හින්දා.
අඳුනන
එවුන් කීපදෙනෙක්ම සෙට්වෙන හින්දා බස් එකේ යන එන ටිකත් අවුලක් නැතුව ඔහේ යනවා. එදා
නියම දවසක්. පොලිස් අංකල්ටත් හිනාවක් දාගෙනම මම පාර පැන්නා.එහා ගෙදර අයියා එතකොටත්
බස් හොල්ට් එකේ.
කතාවෙන්
කතාවෙන්ම ඉස්සරලාම ආව බස් එකට නැග්ගා. දෙයියනේ කියලා පිටිපස්සෙම සීට් එක හිස්. මං
ඉතින් කෝමත් අයිනක්නෙ හොයන්නෙ. මං සීට් එකේ දකුණු අයිනෙන් වාඩි උනා. අරූ මං
ගාවින්ම වාඩි උනා.
බස්
එක ඊළඟ ප්‍රධාන නැවතුමේ නැවැත්තුවා. කොන්දගෙ මූණෙ මල් හතයි. පිරෙන්නම සෙනඟ නැග්ගා
බස් එකට. බස්එක ඇද්දුවා. අයියාකාරයාගෙ කටට නිවනක් නෑ. ටිකකට කලින් අලුතෙන් ගත්ත
රවුටරේ ගැන කියවපු එකා ඒ පාර ප්‍රවාහන ඇමති වෙන්න කතාව.
~
~ ~
ඕනි
වැරැද්දක් කරලා අපිට එහෙම නොකළා වගේ ඉන්න පුලුවන්. අනික් අය රවට්ටන්න අපූරුවට රඟපාන්න
පුළුවන්. කිසිම අවුලක් නෑ. ඒත් තමන්ගෙ හෘදසාක්ෂියෙන් ගැළවෙන්න පුළුවන්ද...?
කවමදාකවත්
තමන්ට තමන්ගෙ හෘදසාක්ෂිය රවට්ටන්න බෑ. ඒකට බොරු කරන්නත් බෑ. හිතලා කළත්, නොහිතා
උනත් තමන් තමන්ට ම සමාව දෙන්නෙ නැති විදිහෙ වැරැද්දක් උනොත්, ඒක මාරම වේදනාවක්.
හැබැයි
ඉතින් වෙච්ච දෙයක් වෙනස් කරන්න අපි කාටවත් ම බෑ. කරන්න පුළුවන් එකම දේ ආයෙමත්
පාරක් ඒ වැරැද්ද නොවෙන්න වගබලාගන්න එක විතරමයි. ඔව්. එච්චරයි.
~
~ ~
හැරෙන්නවත් ඉඩක් නැති බස් එකට ඒ විදිහට
නැග්ග ඒ මිනිහා දිහා හැමෝම බැලුවෙ නොරිස්සුමෙන්. කිහිලිකරු දෙකත් එක්ක මේ බස් එකටම
නැග්ගෙ. මෙච්චර සෙනඟ ඉන්නවා දැක්කෙ නැතුවද...? සමහර විට මිනිහට හදිස්සියක්ද දන්නෙ
නෑ.
හැබැයි
කවුරුවත් මිනිහට සීට් එකක් දෙන්න තරම්නං කාරුණික උණේ නෑ. කට්ටිය තම තමන්ගෙ පාඩුවේ
හිටියා. සික් ! මටවත් දෙන්න තිබ්බා සීට් එක. ඒත් මං ඉන්නෙ මුල්ලෙමනේ. ඉතිං කොහොමද දෙන්නේ.
ඒ ඇරත් ළඟ ඉඳපු එකෙක්ටවත් දෙන්න බැරිනං මං මොකටද දෙන්නෙ.
මං ආපහු අරූ කිය කිය හිටපු කතාවට අවධානය
යොමුකළා. අර මිනිහා හෙමීට ළඟ තිබ්බ කණුවකින් අල්ලගෙන ඒ කණුවටම හේත්තු උනා. බස් එක
දිගටම ඉස්සරහටම ගියා. හැමෝටම ඒ මනුස්සයාව අමතකම වෙලා ගියා.
අවසානෙ ටවුමට බස් එක ඇවිත් නැවැත්තුවා.
හැමෝම පොර කෑවෙ ඉක්මනට ම බැහැගන්න. ඒත් එක මනුස්සයෙක් විතරක් බහින මිනිස්සු අතරෙන්
ඉඳගන්න සීට් එකක් හෙව්වා. හරියටම කිව්වොත් ඉඳගත්තා නෙවෙයි, සීට් එකට ඇදගෙන වැටුණු
ඒ මනුස්සයා කිහිලි කරු දෙක
දෙපැත්තෙන් තියලා දිගම දිග හුස්මක් හෙලුවා.
මට එකපාරට ම බැලුණෙ ඒ මූණ දිහා.
~
~ ~
මං
බස් එකෙන් බැස්සෙ රූකඩයක් වගේ. හිතාගන්න බැරි තරම් වේදනාවක් හිත ඇතුලෙ තියෙනව වගේ
මට දැණුනා. උගුරත් හිරවෙලා. හුස්ම ගන්නත් අමාරුයි වගේ. ඇයි මට බැරි උණේ ඒ මනුස්සයාට
ඉඳගන්න සීට් එක දෙන්න...?
ඒ
මනුස්සයා කොච්චර අපහසුවකින්ද හිටගෙන එන්න ඇත්තෙ. කවුරුවත්ම සීට් එක දුන්නෙ නෑ කියලා මමත් නොදී හිටපු එක
හරි ද...? හැමෝම වැරදි කරනවා කියලා මමත් ඒ වැරැද්දම කරන්න ඕනෙද...?
ආයෙනං
මට ඒ මූණ දිහා බලන්න බෑ. ඇත්තම කිව්වොත් ඒ මූණ දිහා බැලුවාම මටම බෑ මට සමාව දෙන්න.
මං ආපහු හැරිලා බලන්නෙවත් නැතුව ඉස්සරහටම ගියා. වෙච්ච වැරැද්දක් ආයෙ හදන්න බෑ.
හැබැයි ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ආයෙමත් ඒ වැරැද්ද නොකර ඉන්න පුළුවන්.
ඔව්,
ආයෙමත් කවමදාකවත් මම ඒ වැරැද්ද කරන එකක් නෑ.
෴
ප.ලි : පරණ
කතාවක් මතක් උණේ ඊයෙ බස් එකේදි වයසක ආච්චි කෙනෙකුට සීට් එක දෙන වෙලාවෙ. අවංකවම ඒ
සිද්ධිය මගෙ ජීවිතේ ලොකු වෙනසක් කළා. මාව තවත් සංවේදී පුද්ගලයෙක් කළා කිව්වොත්
හරි.
ප.ප.ලි : උදේ
පාන්දර ඒක ටයිප් කර කර ඉන්න කොට මෙන්න අම්මා ඇවිත් සුබ පතනවා. දෙයියනේ.... මටත්
හොරෙන් මගෙ උපන් දිනෙත් ඇවිල්ලා. එහෙනං මට සාමය සතුට පිරි සුබ ම සුබ උපන් දිනයක්
වේවා...!
( සික් ! පරිගණකයේ ඇති මගුල් මෙව්වා එකක් නිසා 10 ලෙස පෙන්නුවද මමතුමා විසින් මෙය පබ්ලිෂ් කරන ලද්දේ නොවැම්බර් 11 බව කරුණාවෙන් සලකන්න. )
සුබම සුබ උපන්දිනයකට ආසිරි.මගේ බ්ලොගය වසර තුන සමරන්නෙත් ඔබේ උපන්දිනය එක්කමයි.
ReplyDeleteබොහොම ස්තූතියි හැලප අයියා......... ඔබේ බ්ලොග් එකටත් මං සුබ පැතුම් එක්කළා ඔන්න........
Deleteඋඹේ මේ කතා රටාව හරිම රහයි , සුබ උපන්දිනයක් වේවා මලයා
ReplyDeleteගොඩාරියක් ස්තූතියි පවුලූෂයියා.......
Deleteසුභ උපන් දිනයක් මචෝ !!!
ReplyDeleteබොහොමත් ම ස්තූතියි යාළුවා..........!
Deleteඋඹගේ තියනවා මචං උඹටම ආවේනික කතා රටාවක්.උඹ ඒ හරහා මේ සමාජයේම අපේ අවධානය යොමුවිය යුතු සිද්ධි ගැන ලස්සනට ඉදිරිපත් කරනවා.අර මුල් දවස්වල වගේ පුංචි කවියකුත් අතරින් පතර මේ කතාවලට සම්බන්ධ කරමු.
ReplyDeleteසුභම සුභ උපන් දිනයක් ආරි....!!!
ගොඩාරියක් ස්තූතියි මනෝ අයියා............... කවි නේහ්.............. ආයෙ ලියන එකට දාන්නම්කෝ............
Deleteසුබ උපන්දිනක් සහෝ....
ReplyDeleteබොක්කෙන්ම උබේ කතා පට්ට රසයි..දිගටම ලියපන්
බොහොමත් ම ස්තූතිියි වීරකෝන් සහෝදරයා..........!
Deleteසුභ උපන්දිනයට අපිත් සුභ පතනවා... ජයවේවා
ReplyDeleteගොඩාරියක් ස්තූතියි කුරුටු යාළුවනේ...........
Deleteඋඹේ ඔය අත්දැකීම අපි ගොඩක් අයට ලැබෙන එකක්. ඒ වුනාට ඒකට සංවේදී වෙන්නෙ කීයෙං කී දෙනාද?
ReplyDeleteඋඹටත් පවුලේ සැමටත් සුභ උපන්දිනයක් වේවා!!!
ගොඩක් අය ඒ්ක හිතලම අමතක කරලා දානවා. ඒකයි ඇත්ත. බොහොමත් ම ස්තූතියි ඩ්‍රැකී අයියා.........
Deleteසුභ උපන් දිනයක් පොඩි එකෝ. උඹ සංවේදී මිනිහෙක් බව මට හිතෙනවා, නමුත් සංවේදී බවම පස්සේ අපිට කරදරයක් වෙන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteමම උඹ වගේම, පාං කනකොටත් හොයන්නේ අයින. බස් එකේ යනකොටත් අයින. කෝච්චියක ප්ලේන් එකක ගියත් එහෙමයි. window seat.
හෙහ් හෙහ් අයිනක හුළං පාරක් වැදීගෙන මනෝපාරක් ගහගෙන යන එක කොච්චර සනීපද නේහ්.......... පස්සේ නෙවෙයි ඉතිං කොහොමත් සංවේදි වෙන එකෙන් තමන්ට කෙළවීමේ සම්භාවිතාව සීයට එකසිය එකක් විතර................ බොහොමත්ම ස්තූතියි ඩූඩ් අයියා.........!
Deleteසියළු පැතුම් ඉටු වන සුබ උපන් දිනයක් මල්ලී
ReplyDeleteබොහොමත්ම ස්තූතියි අයියා....!
Deleteඅයියා? හෙක් හෙක් උඹට එහෙම හොඳ නම් හොඳා.
Deleteහයියෝ කෑව නේද වැඩේ.......... හරි හරි සිදූවූ වරදට මගේ බලවත් කණගාටුව හොදේ............
Deleteශානු : බොහොමත්ම ස්තූතියි අක්කේ.........!
සොමියා : බෝම ස්තූතියි වැරැද්ද පෙන්නලා දුන්නට හොදේ............
මම නම් පරක්කුයි,එත් කමක් නැහැ සුබ උපන් දිනයක් මලේ !
ReplyDeleteමිනිස්සු අතින් ඔය වගේ වැරදීම් ඕනේ තරම් වෙනවා.තමන්ගේ ඒ වැරැද්ද හදා ගන්න පුළුවන් නම් අන්න එකයි හපන්කම.
මොන පරක්කුවක්ද අයියා........ ආව එක ම කොච්චර දෙයක්ද............. ඇත්ත........ වැරැද්ද හදාගන්න එක තමා හරි දේ............ බොහොමත්ම ස්තූතියි......!
Deleteසංසාර මුහුදේ සමාජ හුළගට ගහගෙන යන රුවල් නැවකට රුවල් බා ගන්න මතක් වෙච්ච අපුරු කතාවක්, සුබ උපන් දිනක් මලේ. ජය.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියා.......! කොමන්ට් එක හරියට කවියක් වගේ........ ඇත්තමයි.
DeleteHappy belated birthday Aaryan!..ඔයාගෙ කතා රටාව වගේම මේ මතුකරපු කාරණේටත් මම කැමතියි.
ReplyDeleteහැමෝටම මේ වගේ හිතන්න පුළුවන්නම් කොච්චර හොදද
බොහොමත්ම ස්තූතියි ඔබට..........! හැමෝටම හිතන්න පුලුවන්. ඒත් ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් හිතලම නොසලකා හරිනවා.
Deleteඅවංක මල්ලිට අවංකකම සුබපැතුම්...!
ReplyDeleteකතාව ලියලා තිබ්බ විදිහට හදවතින්ම වින්දා.මටත් ඒ වගේ දේවල් නම් අනන්තවත් වෙලා තියෙනවා..එහෙම වෙලාවට හිතට හරි බරක් දැනෙනවා.දවසක් බස් එකේ අන්තිම හරියෙ ඉදදි ආච්චි අම්මා කෙනෙකුට සීට් එක දෙන්න හැදුවා.කොල්ලෙක් කියනවා " කැපී පේන්න හදනවා " කියලා.හරි අසරණ හැගීම්ක් දැනුනා.ඔන්න අපේ සමාජයේ හැටි...!
බොහොමත්ම ස්තූතියි අක්කේ.........! ඒ තමා අපෙ සමාජය දැන් හැඩගැහිලා තියෙන විදිහ. ඒ හින්දා හරි දේ කරන කෙනෙක් උනත් පොඩ්ඩක් පස්සට යනවා.
Deleteපාටියක් දැම්මේ නැද්ද බං
ReplyDeleteපාටි නෑ අයියා...... මටත් අමතක වෙච්චි මගෙ උපන් දිනේ මොන පාටිද..............
Deleteඅවංකයා සුබ පැතුම් මචන් ඒ පැත්තේ ඇවිත් තියෙනව දැකලයි අවේ පරක්කු උනාට ගනන් ගන්ඩ එපා. ලස්සනයි කතාව
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මචං............
Deleteඑන්න නම් ටිකක් පමා වුනා. සුබම සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteගොඩාරියක් ස්තූතියි.......!
Delete