ජීවිතේ හරි පුදුමාකාරයි. දුකයි සතුටයි මාරුවෙන් මාරුවට ඇවිත් යනවා. දවසක් ගෙවිල තව අලුත් දවසක් උදාවෙනවා. සතුටින් ඉන්න හිතුවට, දුකත් අනිවාර්යෙන් ම විදින්න වෙනවා. තත්පරෙන් තත්පරේ ගෙවෙද්දි, අපිටත් නොදැනිම අපි වෙනස් වෙනවා. බාහිරින් නැතත්, අභ්‍යන්තරයෙන් අලුත් අලුත් සිතුවිලි ඇතිවෙනවා. ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.
ජීවිතේ කියන්නෙ තරගයක්. ඇත්තටම තරගයක්. ඉතින් ඒ තරගෙ ඇතුලෙ, තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ කාලය යොදවන්න ගොඩක් අය කැමති නෑ. මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. මං හැමදාම හිතන දෙයක් තමයි, හැම කෙනෙක්ට ම හැමදේකට ම සාධාරණ හේතුවක් තියෙනවා කියන එක. ඉතිං ඒ අනුව බැලුවා ම මිනිස්සු බයයි තමන් පොඩ්ඩක් හරි පරක්කු වුණොත් තමන් මේ ජීවන තරගයෙන් පරදියි කියලා.
අන්න ඒ වගේ මිනිස්සු ගොඩක් අතරේ, අර කලින් කිව්වා වගේ තමන්ගෙ ම හිත ඇතුලෙ හිරවුණු “හුදෙකලා සිතුවිලි“ ගොන්නක හිමිකාරයෙක් තමයි මම. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. අහන්න වුවමනා වුණත් ගොඩක් අයට වෙලාවක් නෑ. ඉතිං මෙච්චරකල් මගෙ හිතේ තියෙන ඒ හුදෙකලා වුණු සිතුවිලි මම ලිව්වා. පිටු ගණන් ලිව්වා. පොත් පිරෙන්න ලිව්වා. ඔහොම ඉන්න අතරෙ තමයි මං බ්ලොග් කියවන්න පටන් ගත්තෙ. මගෙ හිතේ තියෙන දේවල් මාත් බ්ලොග් එකක ලිව්වනම් කවුරුම හරි ඒවත් කියවයි නේද කියලා මට හිතුණා.
මං දෙයක් කරන්න හිතුවොත් අනිවාර්යෙන් ම මං ඒ දේ කරනවා. ප්‍රතිඵලය මොකක් උනත් මං ඒ දේ කරනවා. ඉතිං ඒ හින්දා මං මේ බ්ලොග් එක පටන් ගත්තා. ඉතිං දැං මට මගෙ හුදෙකලා වෙච්ච ඒ සිතුවිලි මෙතන ලියනවට අමතරව තවත් දෙයක් පුළුවන් වෙනවා. මෙච්චරකල් ඔය ගොල්ලන්ගෙ බ්ලොග් සටහන් කියවලා විතරක් නිකං හිටිය මට දැන් එව්වට අදහස් පළකරන්නත් පුළුවං.
මං දෙයක් ගැන කියනවනං, ඒ කියන්නෙ මගෙ අවංක අදහස. මට හිතුණ දේ හින්දා අදාළ කෙනාගෙ හිත රිදෙයි කියල මට හිතෙනවනං, මුකුත් ම නොකියා නිහඩව ඉන්න එක තමයි මගෙ සිරිත.
එහෙනං ඉතිං ඔන්න නමො විත්තියෙන් මගෙ බ්ලොග් එකත් පටන් ගත්තා. ඔයාටත් නිදහස් වෙලාවක ඇවිල්ලා මගෙ මේ හුදෙකලා වුණු සිතුවිල පොඩ්ඩක් කියවලා යන්න. සමහර විට යම් වැදගත් දෙයක් ඒ ඇතුලෙ තියෙන්නත් ඉඩ තියෙනවා වෙන්න පුලුවං. මං කිසිම දේකින් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි.ඒ හින්දා මගේ සිතුවිලිත් එක ආකාරයකට ම සීමා වෙනනෙ නෑ. විචාර, කවි, කතා, අනං මනං මේ හැම විදියකටම මං ලියයි. හැබැයි ඒ මගෙ ම සිතුවිලි. මගෙම අවංක සිතුවිලි. මගෙ හිත ඇතුලෙ හුදෙකලා වෙච්ච සිතුවිලි.
අනෙක් හැමදේ ම වගේ මගේ ආදර සිතුවිලිත් තියෙන්නෙ හුදෙකලා වෙලා. හදවතින් අපි අපෙ ම උණාට, ළං වෙලා ආදරේ කරන්න, ආදරෙ විදින්න අපිට අවස්ථාව අඩුයි. කතා බහ කරන්න තියා දකින්නවත් අවස්ථාවක් නෑ ගොඩක් වෙලාවට. මතකයන් තියෙන්නෙත් ගොඩාක් සීමිත ප්‍රමාණයක්. ඒත් අපි හැමදාමත් එකවගේ ම ආදරෙයි. ඉතිං මේ තියෙන්නෙ ඒ සීමිත මතකයන් මතක් වෙද්දි, සුපුරුදු විදියට ම හුදෙකලා වුණු මගෙ තවත් එක සිතුවිල්ලක්....
නිසංසල තරු දෑස අභියස,
නෙතු පියන් නොසලා....
බලා ඉන්නම් ආදරෙන් මං,
ඔය දෑත පටලා....
හැගුම් දහසක් හිතේ ඇතිමුත්,
දෙතොල් ගොළු කරලා....
සියක් දහසක් පෙම් පැතුම් ඔය,
නෙත් දෙකේ ඇදිලා....
දෙසිත එක් වී එක සිතක් වී,
ආදරෙන් බැදිලා....
ඉන්න සැමදා සෙනෙහසින් මගෙ,
හදවතේ රැදිලා....
පළමුවෙනි පෝස්ට් එක නිකං ම දාන්න බැරි හින්දයි ඕක දැම්මෙ. එහෙනම් ඉතිං දැනට මං නවතින්නම්. ඒත් මේ පටන් ගැන්ම විතරයි. ලැබෙන හැම ප්‍රතිචාරයක් ම සතුටින් භාරගන්නවා.
නිදහස් වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!
අප්පට උඩු උඹ විචාරත් ලියන්නයි යන්නෙ.. මුලින් උඹ විචාරෙකට ඉන්න බලහං...
ReplyDeleteඕම කොරං යංකො ඒනං...
මගෙ බ්ලොගට පළවෙනි කමෙන්ට් එක ජෙමයියගෙන් එහෙනං ආ...... ගොඩාරියක් ස්තූතියි.....
Deleteහ්ම් හ්ම් අලුත් කෙනෙක් .දිගටම ලියමු. ඔබට ගිගු ගමනකට ආසිරි ! ජයෙන් ජයම වේවා!
ReplyDeleteඔව්... අලුත්.... ගොඩාරියක් ස්තූතියි ඔබට.........
Deleteඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්.. අතරමග නතර නොවී දිගු ගමන් යන්න ලැබෙන්න කියල පතනවා මලේ..! ජයවේවා..!
ReplyDeleteගොඩාරියක් ස්තූතියි අයියා.......... මග නවතින්න අදහසක් නෑ මේ පාරනම්.................
Deleteඅදම ඒන්න ලැබුණාට සතුටුයි...... අපේ සින්ඩියටත් දා ගත්තා... සතුටුයි...
ReplyDeleteදිගට ම ලියන්න.... ජයවේවා....
කුගෑගීප
http://kurutugegeepawra1.blogspot.com/
බොහොමත්ම ස්තූතියි...!
Deleteමදූවගේ බිලොග් එකේ කමෙන්ටි එකේ ලින්ක් එක දැකලා ආවෙ.මමත් බිලොග් එක පටන් ගෙන මාස දෙකයි තවම.කුරැටු සින්ඩි එහෙම තමයි අපිටත් අත හිත දුන්නේ.මෙ ටිකට සෑහෙන මිත්‍රෙයා පිරිසක් මුන ගැහුනා.දිගටම ලියාගෙන යමු.අපිත් එන්නමි මෙ පැත්තේ.මගේ බිලොග් ලිස්ටි එකටත් දාගන්නමි මෙක.ඔනන පහල තියනවා මගේ බිලොග් එකේ ලින්ක් එක
ReplyDeleteමනෝ මන්දිර
ගොඩාක් ස්තූතියි........
Deleteසාදරයෙන් පිළිගන්නවා .
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.....!
Deleteපටන් ගත්තා වගේම ඇදගෙන යාමයි පුතෝ ඕනි කරන්නෙ.
ReplyDeleteදිගටම ලියමු. ජයවේවා!
කොහොමහරි ඇදගෙන යනවා... අනිවාර්යෙන්......... ගොඩාරියක් ස්තූතියි.....!
Deleteනන් ඉස්ටොප් ලියන්න...
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ආවට.......... මේක හැදුවෙත් ඔබගෙ ලිපි පෙළ බලලා තමයි. දිගටම ලියන්න තමයි අදහස..............
Deleteෆලෝ ගැජට් එක වැඩ නෑ පොඩ්ඩක් බලන්න
ReplyDeleteබලන්නම් අයියා..... කිව්වට ස්තූතියි.............
Deleteඔය එනවා කියන සිතුවිලි දිගටම උපද්දවලා ගනින් ඈ ! ජය !
ReplyDeleteගොඩාරියක් ස්තූතියි අයියා.......... එල එල උපද්දන්නම්කෝ..............
Deleteදිගටම ලියන්න සුබ පතනවා... අපි ඇවිත් පදිංචි වෙන්නම්...
ReplyDeleteබොහොම ස්තූතියි........... එන්න එන්න මම දිගටම ලියන්නම්.........
Deleteමාත් එවුනේ අහම්බෙන් ඔබේත් ප්‍රබුද්ධ සිතිවිලි වලින් බ්ලොග් ලෝකය තවතවත් එළිය වැටේවි . ජයවේවා හිතවත
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.....!
Deleteඔබේ බ්ලොග් එකට සුබපැතුම්!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි......!
Deleteසුපිරි මචං දිගටම කරගෙන යමන් :)
ReplyDeleteගොඩාරියක් ස්තූතියි මචං........!
Deleteලියපං මචං සිතිවිලි පද ගලපලා
ReplyDeleteසිරවෙලා තිබුණු සිත දස අත විහිදලා
යන්නට දිගුගමන් නුඹ හට ඉගිලිලා
අාසිරි පතන්නෙමි "සිතිවිලි හුදෙකලා"
ගොඩාරියක් ස්තූතියි මචං..............!
Deleteඕං අපිත් ආවා හුදෙකලා වෙන්න
ReplyDeleteජයවේවා අ.ආ!
බොහොමත්ම ස්තූතියි........!
Deleteඅලුත් බ්ලොග් එක සාර්ථකව කරන යන්න ශක්තිය දහිර්ය ලැබේවා...දිගටම ලියමු..
ReplyDeleteබොහොමත්ම සතූතියි.........!
Deleteහරි මේ පැත්තේ ඔන්න ආවා. ඔයා මගේ බ්ලොගට ඇවිත් තිබුනා. ඒ පාරෙන් මේ ආවේ.
ReplyDeleteදිගටම ලියමු. මමත් හුදකලා වෙන්න එන්නම්.
ජය වේවා.
ගොඩාරියක් ස්තූතියි...! දිගටම එන්න..............
Deleteසුබපැතුම් ..දිගටම ලියන්න
ReplyDeleteබොහොමත්ම ස්තූතියි...........!
Deleteඅ.ආ මං පරක්කු නෑ නේද... ආයිත් එන්නම්කො හොදේ
ReplyDeleteනෑ නෑ පරක්කු නෑ............ ආවට බොහොම ස්තූතියි.............. දිගටම එන්න.......!
Delete//ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.//
ReplyDeleteපලමු සිතුවිල්ල ලස්සනයි. අනිත් ඒවත් මේ වගේම ලියන්ට. සුබ පැතුම්.:)
බොහොමත්ම ස්තූතියි..............!
Deleteසුබ පතනවා ඔබට මම මුලු හදවතින්ම..... දිගටම ලියන්න...!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි.................!
Deleteමගේ බ්ලොග් එකට ආපු එකගැන ස්තූති කරන්න සහ ඔබේ බ්ලොග් එක ෆොලෝ කරන්න ආවේ. අර බටන් එක වැඩ කරන්නේ නැහැනේ. ආයිමත් ඇවිල්ල බලන්නම්.
ReplyDeleteආවට බොහෝමත්ම ස්තූතියි........ ආයෙමත් එන්න..........
Deleteජයවේවා මචං !
ReplyDeleteගොඩාරියක් ස්තූතියි මචං.......!
Deleteමගෙ බොගෙ කමෙන්ට් එක දැකලයි මේ පැත්තට ආවේ...මාත් බොග දාන්න පටන් ගත්තෙ ඔයාගෙ හේතුව නිසාම තමයි.හිතේ හිරවෙලා තියෙන දේ ලිව්වම හිත සැහැල්ලු වෙනවා..
ReplyDeleteහෙහ් හෙහ් අපි ඔක්කොම එක යායක නේ බලන් ගියාම...... එල එල ආවට බෝම ස්තූති......... දිගටම එන්න හොදේ...........
Deleteදිගටම කරගෙන යමු !! :D
ReplyDeleteපොස්ට් වල හොද ගැම්මක් තියේනව..!!
බොහොමත්ම ස්තූතියි ආවට............ දිගටම එන්න...........!
Delete