Tuesday, October 27, 2015

මකුළු දැල





මම බලාගෙන හිටියා. අරමුණක් නැතුව ඔහේ බලාගෙන හිටියා. ඇ‍දේ වැතිරිලා සීලිම දිහා ඔහේ බලාගෙන හිටියා. කාලයක් තිස්සෙ ප්ලෑන් කරපු දේ හරියාගෙනයි එන්නේ. මේ දේ වෙනුවෙන් මං කොයිතරම් නම් කාලයක් බලන් හිටියද...

Tuesday, October 20, 2015

පසුතැවෙන්නට පෙර ටිකක් හිතන්න....




මේක කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම කියන්න ඕනි මං මේක ලියන්න ගත්තෙ එක හේතුවක් හින්ද නෙවෙයි. හේතු ගොඩක් හින්දා. ආසන්න හේතුව මට සහභාගී වෙන්න සිද්ධවුණ මළ ගෙවල් දෙකක්. ඒ ඇරෙන්න එහෙන් මෙහෙන් ඇහෙන නිව්ස් එහෙමත් හේතුවක් උනා. ආදරණීය දුවක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ එහෙම දාල තිබ්බෙ. ඔය ඔක්කොම නිසා මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ලියන්න.

Thursday, October 15, 2015

මනෝ...




මොනව කරන්නද කියල හිතා ගන්න බෑ. දැං ඉතිං වෙන කරන්න දෙයක් නැති එකේ ඉක්මනට ගෙදර යන්න ඕනේ.  ගෙදර ගිහින් ඇට වැටිලා නින්දක් ගහලා මේ වෙච්ච ඔක්කොම අමතක කරලා දාන්නයි මට ඕනේ. ඔව් හැමදෙයක් ම. හැමදෙයක් ම අමතක කරලා දාන්න ඕනේ. ඒත් එහෙම ලෙසියෙන් අමතක කරන්න පුළුවන් වෙයිද? ඇයි බැරි? අනිවාර්යෙන් පුළුවං. එයාට එහෙම පුළුවන්නං ඇයි මට බැරි?  දැන් අය ස්ටෑන්ඩ් එකට ගිහින් සීට් හොයන්න දෙයක් නෑ. වටෙන් ගිහින් එන එකක එල්ලිලා යනවා. දැං ඉතිං ඉදගෙන ගියත් එකයි හිටගෙන ගියත් එකයි.

Tuesday, October 6, 2015

පසුම්බිය...


“අයියෙ“

                        මං හැරිලා බැලුවා. මොනවා ! මං ගල්ගැහුණා. මේක වෙන්න බෑනේ. මූ කොහොමද මෙහෙම පණපිටින් ඉන්නෙ. හොල්මනක්වත්ද? ඒත් මේ මහ දවල් මෙච්චර සෙනගක් මැද්දෙ. වෙන්න බෑ.