Tuesday, October 6, 2015

පසුම්බිය...


“අයියෙ“

                        මං හැරිලා බැලුවා. මොනවා ! මං ගල්ගැහුණා. මේක වෙන්න බෑනේ. මූ කොහොමද මෙහෙම පණපිටින් ඉන්නෙ. හොල්මනක්වත්ද? ඒත් මේ මහ දවල් මෙච්චර සෙනගක් මැද්දෙ. වෙන්න බෑ.

“ඉතිං අයියෙ, මාව මතකයිද?“

“අහ් ම මල්ලි. මොකෝ මතක නැත්තෙ. හොද්දට මතකයි. මල්ලිට දැං සනීපද?“

“අයියලාට පිං සිද්ධ වෙන්න යහතින් ඉන්නවා අයියෙ. මං දවස් කීපයක්ම මේ පැත්තෙ බැලුවා අයියව හම්බවෙයි කියලා. අද තමයි හම්බවුණේ. මං ආවෙ අයියට ස්තූති කරලා යන්න. ඒ ගමන්ම....“

“ආහ් ඒකනං මොකක්ද මල්ලි. කරදරේකදි උදව් කරන එක ඉතිං මිනිස්සු විදිහට අපෙ යුතුකමනේ.... නැද්ද?“

“මේ මෙහෙම ඇහුවට අවුල් ගන්න එපා අයියෙ. මං ආවෙ පුලුවන්නං මගෙ පර්ස් එකත් ඉල්ලගන්න  කියලා.........“

                         මං ආයෙමත් ගල් ගැහුණා. නෑ. මේකනං කොහොමටවත් වෙන්න බෑ. මං දකින්නෙ මේ හීනයක්ද? නැත්තං මට පිස්සුද?

 ===============================================================

                         එදා මහ මුස්පෙන්තු දවසක්. ඇහැරුණෙත් පරක්කු වෙලා. අවුලක්මත් නෑ ඉතිං. මොකෝ පරක්කු වුණා කියල කවුරු බනින්නද? පාං බාගෙයක් බඩට දාගෙන මං මේන් රෝඩ් එකට ආවෙ බස් එකක් අල්ලගන්න. වැඩට යන්න නෙවෙයි. වැඩට බහින්න. හතාමාර අට පහුවෙලා කියන්නෙ ඉතිං කරුමෙ තමා. ඔෆිස් යන සෙට් එක ඩිස්මිස් වෙලානෙ. ඒ ටයිම් එක තමා හොදම වෙලාව ගේමක් ගොඩ දාගන්න. එකක් නෙවෙයි හරියට සෙට් උනොත් කීපෙයක් උණත්. උදේ පාන්දරම තමන්ගෙ පොකට් එක නැතිවෙනවා කියන්නේ කෙනෙක් අනාථ වෙන වැඩක්. ඒත් ඉතිං ඒක අපෙ වාසනාව. මොකෝ ඉතිං නැතිවෙන පර්ස් එක නවතින්නෙ අපි ළගනෙ.


                         කියලා වැඩක් නෑ. ඒකනං මුස්පේන්තුම දවසක්. දෙයියනේ කියලා නැග්ග බස් එකේ සීට් ගාණටවත් සෙනග හිටියෙ නෑ. මේවගෙ එක්ක ගේමට එන්ටර් වෙනවා කියන්නේ ඉල්ලං කනවා කියන එකනේ. කමක් නෑ කියලා ටික දුරක් ගිහින් මං බැස්සා. කරුමේ. බැස්සෙත් මට අයිති නැති ඒරියා එක්කට. ග්‍රවුන්ඩ් එක ගාවින් පැනලා ස්ටෑන්ඩ් පැත්තට බැහැලා බලන්න තමා මං හිතන් හිටියෙ. එතකොට තමයි සිද්ධිය වුණේ. සද්දෙ ඇහිලා මං බලනකොටත් එතෙන්ට සෙනග පිරිලා. බයික් එක කුඩු වෙලා ටිපර් එක අස්සෙ තිබුණෙ. කොල්ලගෙ ගන්න දෙයක් තිබ්බෙ නෑ. හෙල්මට් එකත් පුපුරලා වැදිච්ච වැදිල්ලට.

                         මුනුත් මිනිස්සු ද? බලන් ඉන්නව මිසක් එකෙක්වත් මොකුත් කරන පාටක් පේන්න නෑ. මං ගිහින් කොල්ලව උස්සලා ගත්තා. එතකොටම තව ඒ ඒරියල් එකේ ඩයල් එකක් වෙන්නැති සයිස් පොරක් පාරට පැනලා වෑන් එකක් නැවැත්තුවා. මං කොල්ලා වෑන් එකට දාලා මමත් නැග්ගා. අරුත් ඉක්මනට ඉස්සරාට ගොඩ වුණා. මොනා උනත් වෑන්කාරයා හොද මිනිහා. එක පාරයි කොල්ලා දිහා බැලුවෙ, තියලා ඇරියා.

                          මං කොල්ලා දිහා බැලුවා. ම්හු. සද්දයක් නෑ. මං ශේප් එකේ හොදට බැලුවා. බඩු හරි වගේ. ඌ ඒ වෙනකොටත් මැරිලා හිටියේ. දැං ඉතිං හයියෙන් ගියා කියල මොකෝ අයෙ මූට පණ දෙන්නද? අරුන් දෙන්නට ඒක කියන්න කට අරින්න හදනකොට තමයි මං දැක්කෙ කොල්ලගෙ පිම්බිලා තියෙන පොකට් එක. මැරිච්ච එකාට මොකටද සල්ලි. අරුන්ට නොදැනෙන්න මං කොල්ලගෙ පර්ස් එක අරන් සාක්කුවෙ දාගත්තා. එතකොටම වෑන් එක හොස්පිට්ල් එකට දැම්මා. කොල්ලා ට්‍රොලියට දැම්ම ගමන් මං සින් ගාල එතනින් කැපුණා.

                          දෙයියනේ කියලා පහමාරක් තිබ්බා. සල්ලි සාක්කුවට දාගෙන පර්ස් එක කාණුවට විසිකරල මං ආපහු මේන් රෝඩ් එකට ගොඩවුණේ තව බස් එක්කට නගින්න හිතාගෙන. නෑ. මට කිසි හිරිකිතයක් දැණුනෙ නෑ. හෘද සාක්කිය, හැගීම් ඔය ලොකු ටෝක්ස් එක්ක මේ ජොබ් එක කරන්න බෑ. හම්බකරගත්ත දේ තමන්ට තියෙයි. එච්චරයි.

===============================================================

“මො මොන පර්ස් එකද මල්ලි......... මට මල්ලි කියන දේ හරියට තේරෙන්නෙ නෑ...........“

“මෙහෙමයි අයියෙ. මට මේක වෙන කාටවත් කියලා ජෝක් එකක් වෙන්න බෑ. ඒත් මේකයි ඇත්ත. මං අයියට කෙටියෙන් කියන්නං.“

“හ්ම්......“

“එදා මං ඇක්සිඩන්ට් වෙච්චි වෙලාවෙ අයියලා මාව දාගෙන හොස්පිට්ල් ගෙනිච්චා නේද? අයියා හොදටම දැක්කනෙ මං ඒ වෙලාවෙ මැරිලා හිටියෙ කියලා. ඒත් මට මාව දාල යන්න හිතුණෙ නෑ. මමත් ඒකෙම නැගලා හොස්පිට්ල් එකට ආව. මගදි වෙච්ච හැමදේම මං දැක්කා. අයියා මාව අැතුලට ගත්ත ගමන්ම යන්න ගියානෙ. මගෙ බොඩි එක අරන් තියටර් එකට යනකම්ම මං පස්සෙන් ගියා. මොන කරුමෙකට හරි ඩොක්ට එන්න කලින් මට ආපහු මං ඇතුලට යාගන්න පුලුවං උනා. ඇත්තම කිව්වොත් මාව ඉබේම වගේ ඇදිලා ගියා. ඉතිං මං බේරුණා..........“

                           මං බලාගෙන හිටියා. බොරුවක් කියනවා වෙන්න බෑ. මූ මේ පණපිටින් මං ඉස්සරහ ඉන්නවනේ. එතකොට එහෙම දේවලුත් වෙනවා නෙහ්. හිතාගන්නත් අමාරුයි.

“මේකයි අයියෙ, සල්ලි ඔනැන්නෑ.... මගෙ අයි ඩී එකයි ලයිසන් එකයි පර්ස් එකේ තිබ්බා. ඒ දෙකවත් ආපහු ලැබුණොත් ලොකු දෙයක්......“

                            මට කියන්න දෙයක් හිතාගන්න බැරිවුණා. මං කාලකණ්ණි හිනාවක් දාගෙන ඌ දිහා බලාගෙන හිටියා.

         

40 comments:

  1. ඇත්තටම වෙන්නත් පුළුවන් දෙයක්... ලස්සනයි ආර්යන්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි......

      Delete
  2. Replies
    1. ගොඩාරියක් ස්තූතියි........

      Delete
  3. අය්යෝ අරූට පොල්ලෙං ගැහුව වගේ තියෙන්න ඇති නේද බං
    හිතාගන්නත් බැරි විදයට ලෙසටම කතාව ලියල ගලපල තියෙයි
    එල කොල්ලෙක්නෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත් ම ස්තූතියි අයියා..........

      Delete
  4. Replies
    1. බොහොමත්ම ස්තූතියි.........

      Delete
  5. කතාව හොදින් ගලාගෙන ගිහින් තියනවා ආර්යන්..පුද්ගල චරිතයක පැති කිහිපයක්ම මේ කතාවෙන් කියන්න උත්සහ කරලා තියනවා.සමහර ජාතක කතා වල තියනවා සාරධර්ම හා පුද්ගල චර්යාවන් අතර සිදුවන ඝට්ටන.මේකත් ටිකක් ඒ වගේ තමයි;

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝ, මං උත්සහ කළේ ලාවට හරි සුදුකළු චරිතයක් මවන්න පුලුවන්ද කියලා. ගොඩාරියක් ස්තූතියි............

      Delete
  6. එල ද බ්‍රා
    වෙනස්ම විදිහක සිතුවිල්ලක් අකුරැ කරලා
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි අයියා.......

      Delete
  7. වෙනස්ම කෝණයකින්... හොඳ නිර්මණයක්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තුශානි...........

      Delete
  8. අමුතුම විදියක අදහසක් ලස්සන්ට ගලපලා.

    මැද හරිය කියවද්දි ටිකක් විතර ඇගත් හිරිවැටුනා.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි......... දිගටම එන්න..........

      Delete
  9. මේක මරු , නියමයි ආරියා

    ReplyDelete
    Replies
    1. ආවට සහ අදහසට ගොඩාරියක් ස්තූතියි අයියා..............

      Delete
  10. ලස්සන කතාවක්...අදයි මේ පැත්තේ ආවේ...අනිත් පොස්ටුත් කියවන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි. වැඩිය නෑ මේ පස්වෙනි පෝස්ට් එක. ඔක්කොම කියවලා බලන්නකෝ. දිගටම එන්න..........

      Delete
  11. අවංක ආර්යන් අවන්කවම වැඩ්ඩෙක්.... නියමයි අමුතු ස්ටයිල් එකක කතාවක්. ඒකාංගික ටෙලියකට හොඳයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි බණ්ඩයියා........... දිගටම එන්න............

      Delete
  12. ගින්දර අයියා..මං ආසයි ගොඩක් අර මැදින් කතාව පටන් අරන් මුලට යන ඉට්ටැයිල් එකට..ඒක් සෙටා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.......... දිගටම එන්න........

      Delete
  13. වෙනස්ම විදිහට හිතල ... නියමයි ..කවුරුත් හිතන්නේ නැති පැතිවලින් කතා ලියනවට මම ආසයි.දිගටම ලියන්න :)

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි හංසි........ දිගටම එන්න........ මං දිගටම ලියන්නම්...........

      Delete
  14. කව්රුත් හිතන්නෙත් නැති හිතන්නත් බය තැනකට පාඨකයා රැගෙන යාමට දැරූ ඇති සාර්ථක උත්සාහයක්.. අති විශිෂ්ටයි..

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩත් කම්මලක් දාල වගෙයි...

      Delete
  15. කව්රුත් හිතන්නෙත් නැති හිතන්නත් බය තැනකට පාඨකයා රැගෙන යාමට දැරූ ඇති සාර්ථක උත්සාහයක්.. අති විශිෂ්ටයි..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ඔබට...... දිගටම එන්න.........

      Delete
  16. Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියා අපිවත් සලකලා බැලුවට...........

      Delete
  17. අති විශිස්ටයි සර්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියා මේ පැත්තේ ආවට........ දිගටම එන්න........

      Delete
  18. උඹේ මේං මේ දේවල් හොඳයි -
    1. කතා වස්තුව හෙවත් වස්තු බීජය හෙවත් ප්ලොට් එක (ඒක ඉතිං ආයෙ අමුතුවෙං කියන්න ඕන් නෑනෙ)
    2. කියාගෙන යන වේගවත් ශෛලිය සහ වචන භාවිතය.
    3. හැම එකකටම වැඩියෙන්, මුලිම්ම කියවන්නා ෂොක් කරවන කොටසකින් පටන් ගැනීම. (ඒකෙන් පාඨකයව කතාවට බැඳගන්නවා)

    උඹ තුළ මාර කතා කාරයෙක් ඉන්නවා. තවත් පොලිෂ් කරගනිං. ඕක හැමෝටම පිහිටන් නැති දුර්ලභ දක්ෂතාවයක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ම ස්තූතියි අයියෙ මේ පැත්තට ආවට සහ උපදෙස් වලට. අඩුපාඩු හදාගෙන දිගටම ලියන්න තමා අදහස. දිගටම මේ පැත්තෙ එන්න.....................

      Delete
  19. Replies
    1. බොහොමත්ම ස්තූතියි සහෝදරයා...........

      Delete
  20. CCTV කැලේ බං. මෙව්වනේ වැඩ. මරු කතාව. දැං මොකෝ කරන්නේ? කාණුවෙ බලනවද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් බොහොමත්ම ස්තූතියි මේ පැත්තෙ ආවට....... සාදරෙන් පිළිගන්නවා........... දිගටම එන්න............

      Delete