මොනව කරන්නද කියල හිතා ගන්න බෑ. දැං ඉතිං වෙන
කරන්න දෙයක් නැති එකේ ඉක්මනට ගෙදර යන්න ඕනේ.
ගෙදර ගිහින් ඇඳට
වැටිලා නින්දක් ගහලා මේ වෙච්ච ඔක්කොම අමතක කරලා දාන්නයි මට ඕනේ. ඔව් හැමදෙයක් ම.
හැමදෙයක් ම අමතක කරලා දාන්න ඕනේ. ඒත් එහෙම ලෙසියෙන් අමතක කරන්න පුළුවන් වෙයිද? ඇයි
බැරි? අනිවාර්යෙන් පුළුවං. එයාට එහෙම පුළුවන්නං ඇයි මට බැරි? දැන් අය ස්ටෑන්ඩ් එකට ගිහින් සීට් හොයන්න දෙයක්
නෑ. වටෙන් ගිහින් එන එකක එල්ලිලා යනවා. දැං ඉතිං ඉදගෙන ගියත් එකයි හිටගෙන ගියත්
එකයි.
වැව රවුමෙන් පාරට ගොඩවෙලා මං ස්ටෑන්ඩ් එක වටෙන්
ගිහින් නුවර බස් එකක් එනකං බලාගෙන හිටියා. යන්තං ඇති ඔය නුවරක් එන්නේ. දැං ඉතිං
විනාඩි විස්සෙන් ගෙදරනෙ. මං අත දැම්මත් බස් කාරයා ස්ලොව් කරේ නෑ. පුරුදු වැඩේ
හින්දා යාන්තං දුවගෙන ගිහින් එල්ලුණා. බස් එක ෆුල් පිරිලා. කට්ටිය වැඩ ඇරිලා යන
වෙලාවනෙ. කමක් නෑ ටික දුරනෙ.
මේ බූරුවා ගුලි කාලද? අත දානව දැකලත් ස්ලෝ කරේ
නෑනෙ. තව පොඩ්ඩෙන් වැටිල මැරෙනවා. බෑ... දැන්ම මැරිල බෑ... තව කොච්චර දේවල්
තියෙනවද කරන්න. මං පෙන්නන්නං. මං ඔයාට පෙන්නන්නං. ඔයා නෑ කියලා මට මොකුත් වෙන්නෙ
නෑ. එක අතකට මෙහෙම උන එකත් හොදයි... නෑ. හොද වෙන්නෙ කොහොමද? මට පිස්සුද? එයා නැතුව
මං කොහොමද ජීවත් වෙන්නෙ...? ඇයි ඒකි නෑ කියල මං මැරෙනවද? මොකෝ ඒකි විතරද කෙල්ලෙකුට
ඉන්නෙ මේ ලෝකෙ...? ඒත් මං එයාට ආදරෙයිනෙ. එයා නැතුව කොහොමද...? මොන රෙද්දක් උනත්
අයෙ ඒකි මට හම්බෙන්නෙ නෑනෙ. අමතක කරලා දානව... ඇයි මට බැරි. මට ඕක සුළු දෙයක්. වෙන
කෙනෙක් හොයාගත්තම ඕකිව නිකංම අමතක වෙලා යයි... ඒත් එයා... එයා... ඒත් මේත් නෙවෙයි.
මාව එපානං මට සිය පාරක් එපා. රෙද්ද. මේ නාකියා ෆුට් බෝඩ් එක බදු අරන්ද? ඇයි යකෝ කොච්චර
තල්ලු කරත් ඇතුළට යාගන්න බෑනේ. මගුල.
තුන් වෙනි පාරට ෆුට් බෝඩ් එකෙන් වැටිච්ච දා තමයි
හිතාගත්තෙ අයෙ ෆුට් බෝඩ් එකේ යන්නෙ නෑ කියලා. මං දෙතුන් දෙනෙක් තල්ලු කරගෙන ඇතුළට
පැන ගත්තා. සික් අපරාදෙ. ස්ටෑන්ඩ් ගිහිං මැටිබොක්ක බස් එකක නැග්ගනං ආතල් එකේ සීට්
එකකට වෙලා එළිය බලාගෙන මනෝපාරක් ගහගෙන යන්න තිබ්බා. කොහෙද මං හදිස්සි උනානෙ. නෑ...
එක අතකට මෙහෙම හොදයි. මං මොනව ගැන මනෝ ගහන්නද? අවුරුදු ගාණක් කරපු කියපුවා අමතක
කරනවා මිසක් දැන් අයෙ මතක් කරන්න දෙයක් නෑ.
ළගම සීට් එකේ ඉඳපු පොඩි එකානං ඒ ආතල් එක ලෙසටම ගන්නවා. පේන
විදිහට ඒ ලෙවල් රිවිෂන් යන එකෙක් වගේ. මොකක්...? මෙන්න මේකා ජනේලෙන් එළිය බලාගෙන
හූල්ලනවා. මං වටපිට බැලුවා. කාටවත් මාවවත් ඌවවත් ගාණක් නෑ. හැමෝම තම තමංගෙ ලෝකවල.
මං ආයෙත් ශේප් එකේ ඌ දිහා බැලුවා. මං හිතුවා හරි. මූටත් උණු පිටම බඩු හම්බවෙලා
වගේ. අරමුණක් නැතුව ජනේලෙන් එළිය බලාගෙන හූල්ලනවා. හෙමීට තොල්පට හපනවා. ලාවට හිනා
වෙනවා. අයෙම මූණ අඳුරු
වෙනවා. මූටත් මට වගේම අදද කොහෙද බබා හම්බවෙලා තියෙන්නෙ. ඒ උනාට ඌ වැඩේ වරද්දගෙන.
දැං ඉතිං උඹ බහිනකංම උඹට ඒකිවයි පරණ කියපු කරපුවයි මතක් වෙනවා තමයි මලේ. කරන්න
දෙයක් නෑ.
ඔව්වා මොනාද මල්ලි. උඹල මේ තව මොනා දැනගෙනද? මං
මේ අවුරුදු ගාණක් ආදරේ කරපු එකී නැතිවෙලත් කිසි ගාණක් නැතුව යන්නෙ. උඹ ඔය හූල්ලන
විදිහටනං උඹට කවදාවත් ගොඩ ඒමක් නෑ. උඹව ගානට ගොනාට අන්දවලා තියෙනවා ඒකි කවුරු
උනත්. දැන්වත් තේරුම් ගනින් කෙල්ලො මොන වගේද කියලා.
මං එයාට ආදරේ කරන්න පටන් අරන් කොච්චර කල්ද? එයා
කොච්චර කල් ගණං ඉස්සුවද? ඒත් මගෙ උනාට පස්සෙ... අපි කොච්චරනං තැන්වල ඇවිද්දද? වැව
රවුම, පාක් එක... අපි කොච්චරනං නිදහසේ ආදරේ කළාද? දැන් ඉතිං ඒ ඔක්කොම
ඉවරයිනේ. අපි නෙවේ. මං විතරයි ආදරේ කළේ.
එයා... එයා මුල ඉදලම කරන්න ඇත්තෙ මාව රවට්ටන එක. ඒත් නෑනේ... ඒ ආදරේ මට දැණුනනේ...
දැන් ඔය දැනිල තියෙන්නෙ සනීපෙට. දැන්වත් තේරුම් ගනින්. ඒකි මාව රැවැට්ටුවා...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
පන්ති ඉවර වෙච්ච ගමන් මං ස්ටෑන්ඩ් එකට ගිහින්
ඉක්මනට බස් එකක සීට් එකක් අල්ලගත්තා. නැත්තං උදේ ඉඳන් පන්තියෙ ඉදලා අයෙ යනකොටත් හිටගෙන යන්න උනොත්
එපාවෙනවා. සීට් ගාණ පිරුණ විතරයි කොන්දා ටිකට් කඩන්න ගත්තා. මං බෑග් එක ඇරල බැලුව.
හ්ම්... ගාණට සල්ලි තියෙනව. ඔව් ඉතිං වෙන කොහොම වෙන්නද. බස් එකේ යන්න ගාණට විතරනෙ
සල්ලි ඉතුරු වෙන්නෙ කාඩ් එක ගත්තාම.
ස්ටෑන්ඩ් එකෙන් එළියට දානකොට බස් එක පිරෙන්නම සෙනඟ. වෙලාවට මං කලින්ම ඉඳගත්තෙ. පට්ට බඩගින්නක් තියෙන්නෙ. ඔව් ඉතිං උදේ ඉඳන්ම මුකුත් කෑවෙ නෑනෙ. යනකොට අම්මා මොනා හරි උයල
තියන්නැතෑ. අප්පච්චි අද හෙට ආවොත් හොඳයි. උදේ පන්ති කාඩ් එක ගන්න කියලා අම්මා
දුන්නෙ අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලිද කොහෙද.
අප්පච්චිට රස්සාව තියෙන්දැද්දි කොච්චර ෂෝක් එකට අපි හිටිය ද? කොහෙද රස්සාව
නැති උනාට පස්සෙ ඉතිං ඔක්කොම කෙලඋණානෙ. කරුමෙ තමයි. මොනා කරල හරි අම්මගෙ බෙහෙත්
ටික ඉකමනට ගන්න වෙයි. ගියපාර ගිහාපුවාමත් කියල තිබ්බනෙ එකදිගට බෙහෙත් බොන්නෙ නැතුව
සනීප වෙන්න අමාරුයි කියලා.
කවුරු හරි මං දිහා බලන් ඉන්නවා වගේ දැනිච්ච
හින්දා මං හැරිලා බැලුවා.
මළා...
මං හිටගෙනම මනෝපාරක් ගහලා තියෙන්නෙ අරූ දිහා බලාගෙනම නේද? පොර පුදුමෙන් වගේ මං
දිහා බලාගෙන ඉන්නවා. ඌ මං දිහා බලනවවත් මං දැක්කෙ නෑනෙ. වස චාටර් එක...
මං
ශේප් එකේ අහක බලාගත්තා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මොකාද මේ මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ...? කොයි
මං බැලුවා කියලවත් ගාණක් නෑනේ. වෙන කොහෙවත් නෙවෙයි මං දිහාමනෙ කෙලින් බලාගෙන
ඉන්නෙ... පිස්සෙක් ද...? නැත්තං මේකට වපරෙද...?
මං බලන් ඉන්නව කියල දැනිච්ච පාරද කොහෙද පොර
එකපාරම ගැස්සුණා. පටස් ගාල අහක බලාගත්තා.
ආ... ඔය අපූරුවට අහක බලාගත්තෙ. මේකා මං දිහා ම
තමයි බලන් ඉඳල තියෙන්නෙ. කොල්ලොකාරයෙක්ද කොහෙ ද... නොද්දකිං...
෴
විසිරෙච්ච සිතිවිලි ගොඩක් .......
ReplyDeleteඔය බස් වල මනෝ ගහන වැඩේ ඉස්සර නම් කලා දැන් නම් බස් එකේ මනෝ ගහන එක පැත්තක තියල ඇති වෙන්න නිදාගන්නවා :D
මම නම් නිදාගන්නවා නෙවයි නින්ද යනවා.ලාවට වගේ බස් එකේ දාලා තියන සිංදුවකුත් ඇහෙනව ඒවෙලාවට
Deleteආවට බෝම ස්තූතියි හංසි......... බස්වල යනකොට ඉතිං ඔය දෙකෙන් එකක් ඇර වෙන කරන්න දෙයක් නෑනේ........ නැද්ද...........
Deleteමනෝ : ගාටන එකක නං තවත් ආතල් නේහ්?
කම්මැලි කමක් නැතිව කියවන්න හිතෙන ස්ටයිල් එකකින් ලියලා තියනවා මචං.අනික පැටලිල්ලක් නැ පැහැදිලියි.ආදර සම්බන්ධයක් බිදිලා ගියාම කොල්ලෙක්ගේ හිතක ඇතිවෙන සිතිවිලි ගොන්න හරියටම ඔය වගේ තමයි.ඕන නැ කියලා හිතන්න හැදුවට ඇත්තටම වෙනවෙන්න කැමති නැ.සිතිවිලි ඝට්ටනයක් තියෙන්නේ ඒ වෙලාවට.
ReplyDeleteමාත් දවසක් මනෝ පාරක් දාගෙන ගිහින් බොරුල්ලේ බහින්නේ නැතිව මරදානටම ආවා.
බෝම ස්තූතියි මනෝ අයියා........ මං ඉතිං ඔහෙ හිතලා ලිව්වේ........ මොකෝ මට ඔව්වා ගැන අත්දැකීම් තියෙන එකක්යෑ.......... මනෝ ගැහිල්ල හින්දා ගොඩක් දෙනාට බෝම කරදර වෙන එකනං ඇත්ත............
Deleteකවුද යකෝ කුරුණෑගල ඉඳන් නුවර පාරෙ බුස් එකේ මනෝ ගහන්නෙ...? මේක අපෙ ඒරියල් එක හරිය... ආයෙ මනෝ ගැහුවොත් ආපහු නුවර පාර පිළිකඩ හංදියෙන් වහලා හූ කියනවා හරිය... මේ වගේ..
ReplyDeleteඅප්පට හුඩු යකෝ මේ අර අර කුරුණැගල පාර අයිනට වෙලා සරම කරට උස්සගෙන හවසට කෑ ගහ ගහ ඉන්න පොර නේද ?.
Deleteමම දැකලා තියනවා මිනිහා කෙසෙලේ ගෙඩි තනි අතින් මිරිකලා පොඩි කරලා දානව.පතෝල දනියේ තියලා නවලා කඩලා පෙන්නනවා.. මාර ෆිට් එකක් තියෙන්නේ ඇටයා වගේ හිටියට
හෙහ් හෙහ් ආවට බෝම ස්තූතියි සිරිනාත් අයියා. පිළීකඩ කියන්නෙ අතේ දුරනෙ. හූවයි බල්ටියයි. වැඩිම උනොත් හූ දෙකතුනක් කියල බල්ටි පහහයක් ගහලා ටික දුරක් වැල්වල එල්ලිලා යන්න වෙයි සාටන් වගේ......... කුරුණෑගලයෙක් හදුනාගන්න ලැබීම බෝම සතුටක් ආ..........
Deleteමනෝ : අහනකොටත් බයයි වගේ අප්පා.
මනෝ,
Deleteඅවුද ඩෝ ඇටයා...? ඉරිසියාකාරයො... අහුවෙයිනෙ කොයි වෙලේ හරි...
අවංක,
කැමති නම් කියමුද කොයි හරියෙද කියලා...? අපි නම් පිළිකඩින් හැරිලා කැලේ ඇතුලට යන්න ඕනෙ තව... :D
තරහ අවසර....... පෞග්ගලික කාරණාවක් හින්දා පෙසිද්ද ඉස්තානවල කියන්න බැරි සීන් එකක් තියෙන්නෙ........... ඔන්න ඕකට ඊයක් එවන්නකෝ.......... අදුනගන්නත් එක්ක........... awanka.aryan@gmail.com
Deleteකැමා කුරැනෑගල කිව්වට ඩොටේ
Deleteකැමා ඇයි මචෝ දෙසම්බර් ඉස්කෝලේ වැඩේදි මුන ගැහෙමු..
Deleteඑදාට දෙන්නම් උඹට.....එකෙක් එන්න එපා ඔන්න වලිය බේරන්න එහෙම..
මනෝ මම එදාට උඔට දෙනවා යකඩ පොල්ලක්..ගහු ඔකාගේ ඔලුවටම..
Deleteඅඩේ උඹත් කුරුණෑගලින් බූට් කාපු කොල්ලෙක් ද? හම්බෙමු හම්බෙමු දවසක. කතාව සුපිරියි. අරුත් උඹ වගේම මනෝ පාරක ඉන්න ඇත්තේ නැතිව කොල්වින් කෙනෙක් වෙන්න බෑ........
ReplyDeleteආවට බෝම ස්තූතියි කිව්වා...... හම්බෙමුකෝ හම්බෙමුකෝ.......... හැබැයි කොමෙන්ට් එකේ අවසාන හරියෙන් හිතෙනවා බණ්ඩයියට සිද්ධිය තේරිලා නැතුවවත්දෝ කියලා...........
Deleteඅප්පට බොල අර හරහට තියන ඉරි අමතක කොරලා මම කියෝගෙන ගිහින් නේ... මන් එත් එක පාරටම හිටගෙන හිටි එකා ඉඳගෙන කියලා කියන්නේ කොහොමද කියල බලුවා... දැන් නේ පුල් ඉස්ටෝරිය සහ නව සයිලිය තේරුනේ........ මරු මරු...
Deleteබෝම ඉස්තූතියි දෙවෙනි වතාවටත් ආටට කියවන්න...........
Deleteනියමෙට මනෝ පාර ගහලා තියෙනවා , උඹේ මේ අවසානයට තමයි මං කැමතිම..එල ආරියා
ReplyDeleteබෝම ස්තූතියි පව්ලූෂයියා........... මගේ මේ සූට්ටන් බ්ලොග් එකට එනවට සහ දිරිගන්නනවට................
Deleteහිත හදාගන්න උත්සහ කිරීම...නියමෙට ලියල තියෙනවා....
ReplyDeleteබෝම ස්තූතියි කිව්වා....... පළවෙනි වතාවට නේහ් මේ පැත්තෙ ආවෙ....... සාදරයෙන් පිළිගන්නවා...........
Deleteවෙනස්ම කතාවක්
ReplyDeleteඑල ද බ්‍රා
ගොඩාරියක් ස්තූතියි මෙන්ඩයියා...........
Deleteකතාව සුපිරියි........... වෙනස් ම අාරක්...... මේක තමයි අවශ්‍යය........
ReplyDeleteබෝම ස්තූතියි කුරුටු...........
Deleteමනෝ ලෝකෙ තරම් සුන්දර තැනක් කොහෙවත් නෑ. බස් එකේ යද්දි මනෝපාරක් දාගෙන යන්ඩ හරිම ආසයි , කොහෙද ඉතින් බස් ගමනක් යන්ඩ හම්බවෙන්නෙ නෑනෙ.
ReplyDeleteමේ ලියපු විදිහ හොදයි A.A
බෝම ස්තූතියි කම්මල්ලයියා.......... කෝ අද දෙක නැද්ද?
Deleteබස් එකක යන්නත් ආසයි බං.මේක මේ අත්දැකීමක් නේද?
ReplyDeleteහැලපයියා මේ පැත්තට ආවට සහ අදහස් දැක්වීමට ගොඩාරියක් ස්තූතියි...................
Deleteඅත්දැකීම් කිව්වට මෙහෙමයි ඉතිං......... අත්දැකීමුයි, අනුන්ගෙ අත්දැකීමුයි, අතින් දාපුවයි ඔක්කොගේම එකතුවක්..............
බැලුවාම හැමෝම බූට් කාල තියෙනවා එහෙමනම්....
ReplyDeleteබෝම ස්තූතියි ආවට......... ඔව් ඔව් හැමෝම කාලා තියෙනවා........ මම ඇර............
Deleteතත්පරේට දෙකට හිතට කොයි තරම් නම් තැන් වලට යන්න පුළුවන්ද කියලා අපූරුවට ලියලාතියෙනවා.
ReplyDeleteබෝම ස්තූතියි තුෂානි.............
Deleteදෙහිතක සිතිවිලි!
ReplyDeleteයේ යේ...... බෝම ස්තූතියි මේ පැත්තෙ ආවට.............
Deleteමනෝ අවංක අර්යන් කියලා නම වෙනස් කරමුද? අවංක flowers button එකේ අවුලක් චගේ.. දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න...මට මේ අඩවිය ෆ්ලෝ කරන්න බෑ... අපරාදේ ඒ නිසා ඔයා ලියන ලිපි මිස් වෙනවා
ReplyDeleteහෙහ් හෙහ් ඒකත් නරකම නෑ. බෝම ස්තූතියි මේ මගෙ සූට්ටන් බ්ලොගට ආවට. දිගටම එන්න. අරක ගැන මං බලන්නම්. ස්තූතියි...............
Deleteමනෝ ගහන එක මගෙත් විනෝදාංශයක්. සමහර වෙලාවට මූවීස් හෙම බලනවා හිත ඈතට පාවෙලා ගිහිල්ලා කතාවෙන් ලොකූ පදාස මිස් වෙලා මනෝ පරට.
ReplyDeleteමනෝ ගහන එකෙන් ඊට වඩා අවාසි වෙනවා සමහර විට........... ඒ උනාට ඒක නැතිකරගන්න අමාරු පුරුද්දක් නෙහ්..............
Deleteබුට් කාපු කාලෙට නම් වාඩිවෙලා නම් යන්නේ නෑ මම මලාට..කොච්චර උනත් ඇඩෙනවා අප්පා මනෝ ගහනකොට
ReplyDeleteඅනිවාර්යෙන් ඉදගෙන ගියොත් මනෝ වදිනවා....... එතතකොට ඇඩෙනවා........ හැබැයි ඉතිං තත්වෙ දරුණුයිනං හිටං ගියත් වදිනවා..............
Delete