මං බලාගෙන හිටියා. කොච්චර සීතල උණත් ජනේලෙ වහලා
දාන්න මට හිතුණෙ නෑ. තවමත් වැහි බිංදු එක දෙක වැටෙනවා. හුළං පාරින් ආව පිනි බිංදු
ඇඟ පුරාම විසිරුණේ මුළු ඇඟම සීතල කරවගෙන.
හිරිගඩු පිපෙන සීතලට ඇඟම ගල්වෙලා තිබුණත් එතනින් අයින් වෙන්න මට හිතුණෙ ම
නෑ. ගස්වල කොළ උඩ වතුර බිංදු දිලිසුණා. ඒ හඳ එළියට නෙවෙයි. ජනේලෙන් වැටිච්ච ලයිට් එළියට. මං
කාමරේ ලයිට එක නිවලා දැම්මා.
ඒ පාර මොකුත්ම පේන්නෙ නැතුව ගියා.
හැමතැන ම එකවගේ ම කළුවර ම විතරයි. මං අහස දිහා බැලුවා. හිතුවා හරි. හඳ නෑ. සමහරක් විට වැහි වලාකුළුවලට වැහිලා
වෙන්නැති. පුංචි ම පුංචි තරුකැට දෙක තුනක් විතරක් තනියම මං දිහා බලන් හිටියා.
මහ රෑට ජනේලෙ ළඟට වෙලා කළුවරේ එළිය දිහා බලන් ඉන්න එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්. කිසිම සද්දයක් බද්දයක් නැති ඒ
වෙලාවට කිසිම අරමුණක් නැතුව එහෙම බලන් ඉන්නකොට හිතට අමුතුම නිදහසක් දැනෙන්නෙ.
එහෙම බලාගෙන කොච්චරක් නම් හීන දකින්න
ඇතිද. ඒත් ඒ සමහරක් හීන, හීන විතරක් ම
වෙලා ගියා නේද කියලා මතක් වෙනකොට පපුව ඇතුලෙන් පුංචි වේදනාවක් ආවෙ නැතුවමත්
නෙවෙයි.
ඒ පාර ආයෙම වැස්ස වැඩි උනා. නැති වෙච්ච
දේවල් ගැන කොච්චර හිතුවත් ඔච්චර තමයි. අමතක කරන්න අමාරු උනත් අපිට අහිමි වෙච්ච
සමහරක් දේවල් ආයෙ කවමදාකවත් අපිට හම්බවෙන්නෙ නෑ.
මං ජනේලෙ වහලා දාල ඇඳට වැටුණා.
පැතුවෙමි පැතුම්
නිදි නොලබන රෑ තිස්සේ...
පාළුව මැකෙන්නට
ගෙතුවෙමි කවි
සිත්සේ...
නුඹ ගැන මැව්
සිහින
තවමත් හිත අස්සේ...
එබිකම් කරයි
කඳුලක්
නෙතු අග්ගිස්සේ...
සඳ නෑ රෑ තිස්සේ...
ඔය සඳවත සිහිව
මගෙ හදවත
ගැස්සේ...
පෙර දින ඔබට
පිදු සෙනෙහස
මා සිත්සේ...
ඒ විලසින් ම
තවමත් ඇත
හිත අස්සේ...
~අවංක ආර්යන්~
රාත්‍රිය ගෙනත් දෙන හුදකලාව අතීතයේ හීනවලට යන්න මට පාර කියනවා. කොච්චර යන්නෑ කියල හිතුණත් ඒ වගේ තනිවුණු හැමවෙලාවකම හිත මාව දාලා අතීතයට යනවා. අතීතය ඇතුළෙ තියෙන්නේ ආදරේ. ආදරේ කෙළවර අහිමි වීම. ආදරේ කරන කාලේ සතුටු මතකයන් අද දුක්බර මතකයන් වෙලා. කොච්චර දුක්බර වුණත් ඒ මතකයන් සිහිපත් කරන්න ආස හිතෙන්නේ හරියට මූණ කැත වෙනවා කියලා දැන දැනම කුරුලෑවක් කඩන්න හිතෙනවා වගේ. ඊට පස්සේ වේදනාව. වෙනස් කරන් බැරි අතීතය ළඟ මම මොහොතකට අසරණ වෙනවා. ඒත් ඒ අසරණකමින් මිදෙන්න මොකක් හරි කරන්න වෙනවා. එක එක්කෙනා එක එක දේ තෝරගනිද්දි මම කවියක් තෝරගත්තා. ඒක කෙනෙකුට ගොඩක් හරසුන් පදවැලක් වෙන්න පුළුවන්. ඒත් ඒක ඇතුළෙ තියෙන්නේ මගෙ වේදනාව. මගේ ආදරේ. මගේ අතීතේ කොටින්ම කිවුවොත් මගේ ජීවිතේ..
ReplyDeleteපැතුවෙමි පැතුම්
නිදි නොලබන රෑ තිස්සේ...
පාළුව මැකෙන්නට
ගෙතුවෙමි කවි සිත්සේ...
නුඹ ගැන මැව් සිහින
තවමත් හිත අස්සේ...
එබිකම් කරයි කඳුලක්
නෙතු අග්ගිස්සේ...
තරු කැට තනිවෙලා
සඳ නෑ රෑ තිස්සේ...
ඔය සඳවත සිහිව
මගෙ හදවත ගැස්සේ...
පෙර දින ඔබට පිදු සෙනෙහස
මා සිත්සේ...
ඒ විලසින් ම තවමත් ඇත
හිත අස්සේ...
ලස්සනයි අවංකයෝ
ජයවේවා!
බොහොමත්ම ස්තූතියි අයියා..... මගෙ එකට වඩා ඔයාගෙ අදහස නියමයි වර්ණ අයියා........ මං දැක්කා ඒක 100 එකෙත් දාල තියෙනවා. ඇත්තටම ඒක ලස්සනයි.............
Deleteඋඹේ ලියවිල්ල තමයි ඒ සිතුවිල්ල ගෙනාවේ.. 100 යෙත් පළකළා..
Deleteතුති මල්ලි
සංකල්පනාව වගේම පබැදුමත් ලස්සනයි මචං....
ReplyDeleteගොඩාරියක් ස්තූතියි මනෝ අයියා..........!
Deleteකවිය හරිම ලස්සනයි මල්ලි...මමත් ගොඩක් වෙලාවට ජනේලෙන් ඈත බලා ඉන්නවා.අමතක කරන්න බැරි මතක කොයි තරම් අපේ හිත් වලට වද දෙනවද නේද ....?
ReplyDeleteබෝම ස්තූතියි අක්කේ.......... ඔව්. සමහරක් දේවල් කොච්චර අඅමතක කරන්න හැදුවත් බෑ. හොද වෙන්නැති තුවාලයක් වගේ............
Deleteඇයි බං නමට අවංක කෑල්ල දැම්මේ
ReplyDeleteආහ් ඒක නාම විශේෂණ පදයක්නේ අයියා..............
Deleteපට්ට මචං
ReplyDeleteබෝම ස්තූතියි යාළුවා.........!
Deleteඅවංකෙන් ම පට්ට..... අවංක
ReplyDeleteගොඩාරියක් ස්තූතියි කුරුට්ටනේ.........!
Deleteවැස්ස මහ කරදරයක්ද බොට..
ReplyDeleteඅවංකවම වෙලාවකටනං මහම මහ කරදරයක් තමා දේශයියා................. මනෝ පාර කනවා.............. ඒත් සමහරක් වෙලාවට ආතල් එක ඩබල් කරනවා............. ඇතුවත් බෑ නැතුවත් බෑ වගේ................
Deleteමට සිංදුවක් මතක් වුණා.. ඒත ඔක්කම මතක නෑ
ReplyDeleteඅනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
ඔච්චරයි මතක හැක්...
පොඩි වුණත් අගෙයි සටහන
ඔබ හීනයක් වගේ
Deleteහාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි...//
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කදුලැලි දරන්
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...
ඔබ හීනයක් වගේ...//
මේඝ දුක් හද රැදුනා
සඳ එළිය නිවුනා
අඳුර මැද තනිවී
පහන් දොරකට සවන් දොර හැරුනා
තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා...
සරා සඳ ලඟ මා...
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
මහී සින්දුව මේකද ?මට මතක් උනේ ඔය සින්දුව
බෝම ස්තූතියි මහේෂ් අයියා...........!
Deleteපට්ට ආරියෝ.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි කසුන්...............!
Deleteඅයියෝ මල්ලී... ෆලෝ බටන් එක හදා ගන්නකෝ....නැත්තම් ඔයාව හැමදාම මිස් වෙනවා....
ReplyDeleteමතක හිත රිද්දනවා...අපි තාමත් ඒ මතක වලට ආදරේ නිසා
මං නං හිතන්නෙ මතක හිත රිද්දන්නෙ අපි එව්වට ආදරේ හින්දා නෙවෙයි. අමතක කරන්න බැරි හින්දා.....................
Deleteඅනේ මන්දා අක්කේ ඒක හදන්න හැදුවා හැදුවා ඒත් තවම කේස්............ කමක් නෑ ආයෙමත් බලන්නංකෝ............ බෝම ස්තූතියි ඒක මතක් කළාට. ඔයාට හැකිනං ඔයාගෙ රීඩින්ග් ලිස්ට් එකට මාව ඇඩ් කරන්න. එතෝට ඉබේම ෆලෝ වෙනවා...................
ලේ අවුට් - ඇඩ් ගැජට් - මෝ ගැජට් - ෆලෝවර්ස් (පහළම තියෙන)
Deleteඋඹ ඔය සිහින දකින නින්දෙන් නැගිටින්නේ කවද්ද?
ReplyDeleteනවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......
හම්මේ නින්දෙන් නැගිටලා ඉන්නෙ...... මෙව්වා මේ ආපහු හීනියට නිදිමත හැදීගෙන එනකොට වෙන දේවල්.............. හරියට නිකං මේ වගේ අවුල් එකක් කියවපුවාම ඔබතුමාටත් නින්දෙන් වගේ ඔය කවියම ටයිප් වෙනවා වගේ......... හැක්.
Delete//නැති වෙච්ච දේවල් ගැන කොච්චර හිතුවත් ඔච්චර තමයි// මොකද බොල හිතන්නේ, අමාරුවෙන් හරි නොහිතා හිටහන් ,,
ReplyDeleteකවුද අයියා හිතන්නේ...... අමතක කරන්න හැදුවට මතක් වෙනවා......... එතෝට ඉබේම හිතෙනවා ඉතිං................
Deleteඑල ද බ්රා
ReplyDeleteසිරාවටම එල
බෝම ස්තූතියි මෙන්ඩයියා..........!
Deleteආරිමල්ලි උඹ කොහේද බං ගියේ.
ReplyDeleteපොඩ්ඩක් ඩිස්කනෙක්ට් උනා අයියා.... ඔන්න ආපහු කනෙක්ට් උනා..............
Delete