Tuesday, October 20, 2015

පසුතැවෙන්නට පෙර ටිකක් හිතන්න....




මේක කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම කියන්න ඕනි මං මේක ලියන්න ගත්තෙ එක හේතුවක් හින්ද නෙවෙයි. හේතු ගොඩක් හින්දා. ආසන්න හේතුව මට සහභාගී වෙන්න සිද්ධවුණ මළ ගෙවල් දෙකක්. ඒ ඇරෙන්න එහෙන් මෙහෙන් ඇහෙන නිව්ස් එහෙමත් හේතුවක් උනා. ආදරණීය දුවක් තමන්ගෙ තාත්තව බලු කූඩුවෙ එහෙම දාල තිබ්බෙ. ඔය ඔක්කොම නිසා මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ලියන්න.


දරුවන්ගෙන් කොහොම සැලකුම් ලැබුණත් යන්න වෙලාව ආවම කාටත් යන්න ම වෙනවා. තමන්ගෙ අම්මා තාත්තා අහිමි වෙනවා කියන්නෙ ඕනිම කෙනෙක්ට දරාගන්න බැරිතරම් දුකක් තමා බොහෝවිට. ඉතිං තමන්ගෙ අම්මගෙ තාත්තගෙ අවසන් කටයුතු හැකි තරම් ඉහළින් ම කරන්න තමයි කවුරුත් උත්සාහ කරන්නේ. මිලෙන් වැඩි හො පෙනුමක් තියෙන පෙට්ටියක්, හො අලුත් ම ඇුමක්, මළගෙදරට එන අයට ඉහළම සැලකීම්, සැරසිලි ආදිය එහෙම පුලුවන්තරම් කරලා තමන්ගෙ අම්මගෙ තාත්තගෙ අවසන් කටයුතු ඉහළින්ම කරන්න ගොඩක් දෙනා පෙළඹෙනවා.

මෙතනදි මං දෙගොල්ලක් අත්හරිනවා. ඒ තමයි අම්මා තාත්ත ජීවත්ව ඉන්න කාලෙ තමන්ට හැකිතරම් හොඳින් සලකලා එයාලගෙ හිත රිද්දන්නෙ නැතිව අවසාන ටිකේ පුලුවන් තරම් එයාලගෙ හිත සතුටෙන් තියපු අය. ඒ අය ගොඩක් දුරට පුලුවන් තරම් ඉහළින් නෙවෙයි, පුලුවන් තරම් හොඳින් තමන්ගෙ අම්මගෙ තාත්තගෙ අවසන් කටයුතු කරනවා. අනෙක් කොටස තමයි ඉන්නකනුත් කිසිම සැලකීමක් කරේ නැතුව, නමුත් මැරුණාම තමන්ගෙ තත්වෙ සමාජයට පේන්න ඕන නිසා ඉහළින් අවසන් කටයුතු කරන පිරිස. මේ ගොල්ලන්ට තමන්ගෙ අම්මා තාත්තා නැතිවුණ එක දුකක්වත් වේදනාවක්වත් නෙවෙයි. එක අතකින් සහනයක්. අනික් අතින් තමන්ගෙ තත්වෙ ලෝකයාට පෙන්න ගන්න හොඳ අවස්ථාවක්.

දැං අනිත් කොටස. මං අවධානෙ යොමුකරන්නෙ මෙයාලට. ඉන්නකන් දෙමව්පියන්ට සලකන්නෙ නෑ. එයාලට නියම වටිනාකම දෙන්නෙ නෑ. නමුත් මැරුණාම මතක් වෙනවා “දෙයියනේ මේ මගෙ අම්මා න්ද? මේ මගෙ තාත්තා නේද?“ කියලා. ඔන්න ඒ ගොල්ල තමන් වෙනුවෙන් කරපුවා මතක් වෙනවා. දරාගන්න බැරි වෙනවා. ඊට පස්සෙ ඉතිං තමන් එයාලට සලපු හැටි මතක් වෙලා තමන්ටම සමාව දීගන්න බැරිවෙනවා. පොළවේ පස් කන්න හදනවා ඊට පස්සෙ. ඊට පස්සෙ ලෝකෙටම විහිලුවක් වෙන විදිහට මළ ගෙදර ඉහළින්ම අරගෙන මිනිය අරන් යන්න උස්සන වෙලාවෙ මැරෙන්න හදනවා. නමුත් මිනිස්සු දන්නවනේ මෙයා කොහොමද ජීවත්ව ඉන්න කාලෙ අම්මට තාත්තට සැලකුවෙ කියලා. ඉතිං කවුරුත් හිතන්නෙ මේ බොරුවට දෙන ඇඩ් එකක් කියලා.

ටිකක් හිතන්න. ඔබ මම කවුරුත් සදාකල් ජීවත් වෙන අය නෙවෙයි. ඉන්නකම් කරපු දෙයක් තමයි යනකොට අරන් යන්න වෙන්නෙ. දැන් හිතල බලන්න ඔබගෙ අම්මට තාත්තට ඔබ හොඳට සලකනවද කියලා. සැලකුවාට විතරක් මඳි. ඔවුන්ට නියම වටිනාකම දෙනවද කියලා. ඒ කියන්නෙ ඔවුන්ගෙ ගෞරවය රකිනවද, ඔවුන්ට ඇහුම්කන් දෙනවද, ඔවුන් කියන දේ පිළිගන්නවද කියන එක. මොකද වයසට ගියත් ඔවුන් ඔබේ දෙමාපියන්. ඔබට වඩා අත්දැකීම් තියෙනවා. වැදගත්ම දේ. ඔවුන් ඉන්නෙ සතුටෙන්ද කියන එක. කොච්චර සැලකුවත් වැඩක් නෑ තමන් තනිවෙලා, තමන් අසරණ වෙලා වගේ හැඟිමක් ඔවුන්ට දැණුනොත්. හරියටම ඔබ පුංචි කාලෙ ඔවුන් ඔබ ළඟින්ම හිටියා වගේ, ඔවුන්ට බැරි කාලෙදිත් ඔබ ඔවුන් ළඟින්ම හිටියොත් ඒ හිත්වලට කොච්චර සතුටක් ලැබෙයිද?

ඔබ කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් තමන් වෙනුවෙන් ජීවිතේම කැප කරපු අය වෙනුවෙන් එක පුංචි විනාඩියක් වෙන් කරන්න බැරි නෑනෙ. එතකොට කවදාක හරි ඔවුන් මියගිය දාක ඔබට සතුටු වෙන්න පුළුවන් මගෙ අම්මයි තාත්තයි ජීවත්ව ඉන්න කාලෙ මට හැකි තරමින් මම ඔවුන්ට සැලකුවා, ඔවුන්ව සතුටින් තිබ්බා කියලා. එතකොට ඔබට කිසිම හැඟීමක් දැනීමක් නැති මළ මිනියක් බදාගෙන බොරුවට අඬන්න උවනා වෙන්නෙ නෑ.

මියගිය පසු ඔබ කොතරම් ඇඬුවත් වැළපුනත්, අවසන් කටයුතු කොතරම් ඉහළින් කළත් ඔවුන් ඒක දන්නෙ නෑ. ඔවුන් දන්නෙ, ඔවුන්ට මතක තියෙන්නෙ ඔබ ජීවත්ව ඉන්න කාලෙදි ඔවුන්ට සලකපු විදිහ විතරයි. බදාගෙන ඇඬුවට වැඩක් නෑ. ඒක තවදුරටත් ඔබේ අම්මා හෝ තාත්තා නෙවෙයි. නිකම්ම නිකං මළ සිරුරක්. ඔබ කියන කරන දේ පෙනෙන්නෙවත් දැනෙනනෙවත් නෑ එයට. නමුත් ඉතිං ඒ ඔබෙ අම්මා හෝ තාත්තගෙ මළ සිරුර නිසා එයට නිසි ගෞරවය ලබාදෙන එක ඔබේ යුතුකම.

අද තරුණ පරම්පරාවෙ බොහෝ දෙනෙක් අම්මව තාත්තව ගණන් නොගන්න තත්වයක් තියෙනවා. මං දැකල තියෙනවා සමහර දූවරු පුත්තු පිරිසක් ඉදිරියේ පවා අම්මට තාත්තට නිසි තැනක් ලබා නොදී තමන්ගෙ පොරත්වය පෙන්නන්න උත්සාහ කරනවා. (මගෙ එකෙක්නං එහෙම මකවනවා) තමන්ගෙ අම්මගෙ තාත්තගෙ ගෞරවය රැක්කොත් තමා තමන්ගෙ ගෞරවය ආරක්ෂා වෙන්නෙ කියන එක මේ අයට අමතක වෙලා. මේකට දෙමව්පියන්ට ම වැරදි කියන්න බෑ. පොඩි කාලෙ කොච්චර අවවාද දීල හොඳට හැදුවත් ලොකු වෙනකොට යම් යම් හේතු නිසා හිතාගන්නත් බැරි තරම් වෙනස්වෙන අය මම දැකලා තියෙන නිසා. මොකද සමහරු කියනවනේ “දරුවො හරියට හැදුවනම් ඔහොම වෙන්නෙ නෑ“ කියලා. ඒ කතාව හරි. නමුත් හැම විටම නෙවෙයි.



                                  ( පින්තූරය ගත්තෙ මෙතනින් )



ටිකක් හිතන්න. ඔබ තරුණයි නම්, ඔබෙ මැදිවියේ දෙමව්පියන්ට ඔබ නිසි ගෞරවය ලබාදෙනවද කියලා. ඔබ තරුණවිය ඉක්මවලා නම්, ඔබෙ වයස්ගත දෙමව්පියන්ට ඔබ නිසි ගෞරවය ලබාදෙනවද කියලා. එහෙම නොකළොත් ඔවුන් මියගිය පසු ඔබට සිද්ධ වෙන්නෙ පසුතැවෙන්නයි. “අනේ! මගෙ අම්මට තාත්තට මං කොච්චර බැන්නද? කොච්චර එයාලව අපහසුතාවයට පත් කළාද?“ කියන එක අනිවාර්යයනේම එදාට සිහියට එන එක එනවමයි. නමුත් ඒ වෙනකොට ඔබ පරක්කු වැඩිවෙයි.

අම්මට තාත්තට තරහින් දෙයක් කියන්න කලින් හිතන්න මේ මගෙ අම්මා තාත්ත, ඔවුන්ට මෙහෙම කතා කරන එක යුතු නෑ. කවදා හරි මට පසුතැවෙන්න වෙයි කියලා. ගොඩක් දුරට තරහින් යමක් කියනවට වඩා ඔවන්ට ළංවෙලා ආදරෙන් කියපුවාම ඔවුන් තමන්ට අවනත වෙනවා. මේ අත්දැකීමෙන් මම කියන්නේ. ඒක තමයි ඇත්ත. මොනවා කළත් ඒ ඔබෙ අම්මා. ඒ ඔබෙ තාත්තා. ඉතිං වෙන හේතු මොකටද? ඔබට හැකි තරම් ඉහළින් ඔවුන්ට සලකන්න. ඔවුන්ට නිසි ගෞරවය දෙන්න. ඔවුන්ව සතුටින් තියන්න. එවිට ඔවුන් මියගිය දිනක ඔබට සතුටු වෙන්න පුළුවන් මගෙ අම්මට තාත්තට ජීවත්ව ඉන්නකොට මං මට පුළුවන් ඉහළින් මගෙ යුතුකම් ඉටුකළා කියලා.

       

ප.ලි : ලියන්න ගියෙ මොකක්ද ලියලා තියෙන්නෙ මොකක්ද කියලා මට තේරුම් ගන්නත් බෑ වගේ කියවලා බැලුවාම. ඒත් මේක ඇතුලෙ මට කියන්න ඕනි උන හැමදේම මං කියලා තියෙනවා. හිතලා බලන්න. ඒ ඔබෙ අම්මා.ඒ ඔබෙ තාත්තා....


19 comments:

  1. දෙමාපියන් කෙරෙහි කොහොමද කටයුතු කරන්න ඕන කියලා ආගමික දර්ශන වල දක්වා ඇති කරුනු කිහිපයක් කෙටියෙන්.

    බුදු සමය (කිහිපයක් පමනයි)
    *දෙමාපියන් වයස්ගතවූ පසු පෝෂණය කර රැකබලා ගතයුතුය
    *දෙමාපියන්ගේ කටයුතු නොපිරිහෙලා ඉටුකරදීම
    *ඔවුන්ගෙන් ලද දායාදා විනාශ නොකර ආරක්ෂා කිරීම

    ශුද්ධවූ බයිබලය-හිතෝපදේශ
    *පියාගේ අවවාද අසන්න,මවගේ අවවාද ඉවත නොදමන්න,ඒවා ඔබේ හිසට හොබනා කිරුළක්ද,‍ගෙලට අගනා මාලයක්ද වන්නේය.
    *ඔබට ජීවයදුන් පියාගේ බස් අසන්න,මහලු වියට පත් ඔබේ මව අත් නොහරින්න.
    *දෙමව්පියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැයි කියන්නා අන්ත හොරෙකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ.......... වැදගත් කරුණු ටිකක් ගෙනහැර දැක්වීම ගැන...........

      Delete
  2. හිත් රිදවන්න හරිම ලේසියි. තමනුත් එතැනට ඇවිත්, ඒ වයසට ඇවිත්, ඒ ඒ අවස්ථාවන්ට මුහුණ දෙනකොටයි ඇත්තටම තේරෙන්නේ එදා මම එහෙම කියනකොට අම්මට/තාත්තට මොනවා හිතෙන්න ඇද්ද/කොහොම දැනෙන්න ඇද්ද කියලා. මේක නොනවතින විෂම චක්‍රයක්. එක පැත්තක හෝර්මෝන්.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල ෆලෝවර්ස් ගැජට් එකේ අවුලක්. පස්සෙ එන්නලු. මම පස්සෙ එන්නම්. නමුත් උඹ මගේ රෝල්වල ඉන්නවා.

      Delete
    2. මේක නොනවතින විෂම චක්‍රයක්. ඒකනම් ඇත්ත. බොහොම ස්තූතියි ආවට....... දිගටම එන්න........... ෆලෝ ගැජට් එකේ අවුල ඉක්මනටම විසදගන්න උත්සහ කරනවා..........

      Delete
  3. අර රූපේ නම් සීයට සීයක් ම අැත්ත................

    ReplyDelete
    Replies
    1. ඒක ගැළපෙනවා කියල හිතුණු නිසා තමා හොයලා දැම්මෙ....... ආවට බෝම ස්තූතියි කුරුටු..........

      Delete
  4. Replies
    1. ඒක හරි...... ආවට බෝම ස්තූතියි අයියා............

      Delete
  5. කතාව සම්පුර්ණ ඇත්ත. මේ වැඩේ ආපහු තමන්ටත් තමන්ගේ දරුවන්ගෙන් වෙනවා කියලා නොහිතන එක තමයි ප්‍රශ්නේ....

    ReplyDelete
    Replies
    1. ආවට බෝම ස්තූතියි බණ්ඩයියා........ හිතන්නැති උනාට කවදම හරි තේරෙයි. එතකොට පරක්කු වැඩිවෙයි...............

      Delete
  6. කතාව සහතික ඇත්ත ආරි මල්ලි . වැඩේ තියෙන්නේ තමනුත් මේ චක්රයේම කොටසක් කියලා කිසි කෙනෙකුට නොතේරෙන එක .

    ReplyDelete
    Replies
    1. ආවට බෝම ස්තූතියි පව්ලූෂයියා............ තමන්ටත් බඩු හම්බෙනකොට තමයි තේරෙන්නේ............. එතකොට බොරුවට දැගලුවාට වැඩක් වෙනනෙ නෑ.............

      Delete
  7. මං ෙකාතන හරි කලිනුත් කීව මචං ෙම් ගැන..
    සංසාෙර සර්කල් ඒකක්.. අද මම කරන ෙද් ෙහට මට ෙවනව.. ඒ්ක ෙහා්දලවත් නවත්තන්න බෑ ෙමාකද හිත තමයි හැම ෙද්ටම මුල හින්ද
    හිත කියන්ෙන බැංකුවක් අාත්ම ගාණක් ගියත් ඔය බැංකුෙව තියන ඒ්වට ෙපාලී ඒක්ක හම්ෙබනව
    නැදිද හා

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා........ පොලී එක්කම හම්බෙනවා........... ආවට බෝම ස්තූතියි මහේෂ් අයියා.........

      Delete
  8. මම අර පිංතුරය ගත්තා බං..ඒක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. එල එල මෙන්ඩයියා. මාත් ඒක ගත්තෙ වෙන බ්ලොග් එකකින්. ලිංක් එක යටින් දාලා තියෙන්නේ.............

      Delete
  9. ආරි මට මේ පැත්තෙ ආවට කොමෙන්ට් කරන්න වෙලාව තිබුනෙ නෑ. අද මේ නිවාඩුව ගන්න ගමන් බ්ලොග් වලට දාපු නැති කොමෙන්ට් දානවා. මේක යවන්න ඔය විදිහෙ දරුවන්ට. මේක කියවලාවත් පස්සෙ දෙමව්පියන්ට සලකයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ආවට බෝම ස්තූතියි කසුන් අයියා..........
      වැඩක් නෑ අයියා මෙව්වා කියෙව්වා කියලා එහෙම එවුන් හැදෙන්නෙ නෑ.................... තමන්ටත් වෙච්ච දවසක තමා ඒ වගේ අයට තේරෙන්නේ...............

      Delete