Friday, September 11, 2015

පළමුවෙනි සිතුවිල්ල

                                                  ජීවිතේ හරි පුදුමාකාරයි. දුකයි සතුටයි මාරුවෙන් මාරුවට ඇවිත් යනවා. දවසක් ගෙවිල තව අලුත් දවසක් උදාවෙනවා. සතුටින් ඉන්න හිතුවට, දුකත් අනිවාර්යෙන් ම විදින්න වෙනවා. තත්පරෙන් තත්පරේ ගෙවෙද්දි, අපිටත් නොදැනිම අපි වෙනස් වෙනවා. බාහිරින් නැතත්, අභ්‍යන්තරයෙන් අලුත් අලුත් සිතුවිලි ඇතිවෙනවා. ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.



                                                  ජීවිතේ කියන්නෙ තරගයක්. ඇත්තටම තරගයක්. ඉතින් ඒ තරගෙ ඇතුලෙ, තවත් කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ කාලය යොදවන්න ගොඩක් අය කැමති නෑ. මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. මං හැමදාම හිතන දෙයක් තමයි, හැම කෙනෙක්ට ම හැමදේකට ම සාධාරණ හේතුවක් තියෙනවා කියන එක. ඉතිං ඒ අනුව බැලුවා ම මිනිස්සු බයයි තමන් පොඩ්ඩක් හරි පරක්කු වුණොත් තමන් මේ ජීවන තරගයෙන් පරදියි කියලා.

                                                  අන්න  ඒ වගේ මිනිස්සු ගොඩක් අතරේ, අර කලින් කිව්වා වගේ තමන්ගෙ ම හිත ඇතුලෙ හිරවුණු “හුදෙකලා සිතුවිලි“ ගොන්නක හිමිකාරයෙක් තමයි මම. කියන්න කෙනෙක් නෑ. අහන්න කෙනෙක් නෑ. අහන්න වුවමනා වුණත් ගොඩක් අයට වෙලාවක් නෑ. ඉතිං මෙච්චරකල් මගෙ හිතේ තියෙන ඒ හුදෙකලා වුණු සිතුවිලි මම ලිව්වා. පිටු ගණන් ලිව්වා. පොත් පිරෙන්න ලිව්වා. ඔහොම ඉන්න අතරෙ තමයි මං බ්ලොග් කියවන්න පටන් ගත්තෙ. මගෙ හිතේ තියෙන දේවල් මාත් බ්ලොග් එකක ලිව්වනම් කවුරුම හරි ඒවත් කියවයි නේද කියලා මට හිතුණා.

                                                  මං දෙයක් කරන්න හිතුවොත් අනිවාර්යෙන් ම මං ඒ දේ කරනවා. ප්‍රතිඵලය මොකක් උනත් මං ඒ දේ කරනවා. ඉතිං ඒ හින්දා මං මේ බ්ලොග් එක පටන් ගත්තා. ඉතිං දැං මට මගෙ හුදෙකලා වෙච්ච ඒ සිතුවිලි මෙතන ලියනවට අමතරව තවත් දෙයක් පුළුවන් වෙනවා. මෙච්චරකල් ඔය ගොල්ලන්ගෙ බ්ලොග් සටහන් කියවලා විතරක් නිකං හිටිය මට දැන් එව්වට අදහස් පළකරන්නත් පුළුවං.
මං දෙයක් ගැන කියනවනං, ඒ කියන්නෙ මගෙ අවංක අදහස. මට හිතුණ දේ හින්දා අදාළ කෙනාගෙ හිත රිදෙයි කියල මට හිතෙනවනං, මුකුත් ම නොකියා නිහඩව ඉන්න එක තමයි මගෙ සිරිත.

                                                  එහෙනං ඉතිං ඔන්න නමො විත්තියෙන් මගෙ බ්ලොග් එකත් පටන් ගත්තා. ඔයාටත් නිදහස් වෙලාවක ඇවිල්ලා මගෙ මේ හුදෙකලා වුණු සිතුවිල පොඩ්ඩක් කියවලා යන්න. සමහර විට යම් වැදගත් දෙයක් ඒ ඇතුලෙ තියෙන්නත් ඉඩ තියෙනවා වෙන්න පුලුවං. මං කිසිම දේකින් සීමා වෙච්ච කෙනෙක් නෙවෙයි.ඒ හින්දා මගේ සිතුවිලිත් එක ආකාරයකට ම සීමා වෙනනෙ නෑ. විචාර, කවි, කතා, අනං මනං මේ හැම විදියකටම මං ලියයි. හැබැයි ඒ මගෙ ම සිතුවිලි. මගෙම අවංක සිතුවිලි. මගෙ හිත ඇතුලෙ හුදෙකලා වෙච්ච සිතුවිලි.

                                                 අනෙක් හැමදේ ම වගේ මගේ ආදර සිතුවිලිත් තියෙන්නෙ හුදෙකලා වෙලා. හදවතින් අපි අපෙ ම උණාට, ළං වෙලා ආදරේ කරන්න, ආදරෙ විදින්න අපිට අවස්ථාව අඩුයි. කතා බහ කරන්න තියා දකින්නවත් අවස්ථාවක් නෑ ගොඩක් වෙලාවට. මතකයන් තියෙන්නෙත් ගොඩාක් සීමිත ප්‍රමාණයක්. ඒත් අපි හැමදාමත් එකවගේ ම ආදරෙයි. ඉතිං මේ තියෙන්නෙ ඒ සීමිත මතකයන් මතක් වෙද්දි, සුපුරුදු විදියට ම හුදෙකලා වුණු මගෙ තවත් එක සිතුවිල්ලක්....

නිසංසල තරු දෑස අභියස,
නෙතු පියන් නොසලා....
බලා ඉන්නම් ආදරෙන් මං,
ඔය දෑත පටලා....

හැගුම් දහසක් හිතේ ඇතිමුත්,
දෙතොල් ගොළු කරලා....
සියක් දහසක් පෙම් පැතුම් ඔය,
නෙත් දෙකේ ඇදිලා....

දෙසිත එක් වී එක සිතක් වී,
ආදරෙන් බැදිලා....
ඉන්න සැමදා සෙනෙහසින් මගෙ,
හදවතේ රැදිලා....

                                                 පළමුවෙනි පෝස්ට් එක නිකං ම දාන්න බැරි හින්දයි ඕක දැම්මෙ. එහෙනම් ඉතිං දැනට මං නවතින්නම්. ඒත් මේ පටන් ගැන්ම විතරයි. ලැබෙන හැම ප්‍රතිචාරයක් ම සතුටින් භාරගන්නවා.
නිදහස් වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!


52 comments:

  1. අප්පට උඩු උඹ විචාරත් ලියන්නයි යන්නෙ.. මුලින් උඹ විචාරෙකට ඉන්න බලහං...

    ඕම කොරං යංකො ඒනං...

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොගට පළවෙනි කමෙන්ට් එක ජෙමයියගෙන් එහෙනං ආ...... ගොඩාරියක් ස්තූතියි.....

      Delete
  2. හ්ම් හ්ම් අලුත් කෙනෙක් .දිගටම ලියමු. ඔබට ගිගු ගමනකට ආසිරි ! ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔව්... අලුත්.... ගොඩාරියක් ස්තූතියි ඔබට.........

      Delete
  3. ඔන්න එහෙනම් අපෙනුත් සුබ පැතුම්.. අතරමග නතර නොවී දිගු ගමන් යන්න ලැබෙන්න කියල පතනවා මලේ..! ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි අයියා.......... මග නවතින්න අදහසක් නෑ මේ පාරනම්.................

      Delete
  4. අදම ඒන්න ලැබුණාට සතුටුයි...... අපේ සින්ඩියටත් දා ගත්තා... සතුටුයි...

    දිගට ම ලියන්න.... ජයවේවා....

    කුගෑගීප

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  5. මදූවගේ බිලොග් එකේ කමෙන්ටි එකේ ලින්ක් එක දැකලා ආවෙ.මමත් බිලොග් එක පටන් ගෙන මාස දෙකයි තවම.කුරැටු සින්ඩි එහෙම තමයි අපිටත් අත හිත දුන්නේ.මෙ ටිකට සෑහෙන මිත්‍රෙයා පිරිසක් මුන ගැහුනා.දිගටම ලියාගෙන යමු.අපිත් එන්නමි මෙ පැත්තේ.මගේ බිලොග් ලිස්ටි එකටත් දාගන්නමි මෙක.ඔනන පහල තියනවා මගේ බිලොග් එකේ ලින්ක් එක

    මනෝ මන්දිර

    ReplyDelete
  6. සාදරයෙන් පිළිගන්නවා .

    ReplyDelete
  7. පටන් ගත්තා වගේම ඇදගෙන යාමයි පුතෝ ඕනි කරන්නෙ.
    දිගටම ලියමු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කොහොමහරි ඇදගෙන යනවා... අනිවාර්යෙන්......... ගොඩාරියක් ස්තූතියි.....!

      Delete
  8. නන් ඉස්ටොප් ලියන්න...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවට.......... මේක හැදුවෙත් ඔබගෙ ලිපි පෙළ බලලා තමයි. දිගටම ලියන්න තමයි අදහස..............

      Delete
  9. ෆලෝ ගැජට් එක වැඩ නෑ පොඩ්ඩක් බලන්න

    ReplyDelete
    Replies
    1. බලන්නම් අයියා..... කිව්වට ස්තූතියි.............

      Delete
  10. ඔය එනවා කියන සිතුවිලි දිගටම උපද්දවලා ගනින් ඈ ! ජය !

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි අයියා.......... එල එල උපද්දන්නම්කෝ..............

      Delete
  11. දිගටම ලියන්න සුබ පතනවා... අපි ඇවිත් පදිංචි වෙන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි........... එන්න එන්න මම දිගටම ලියන්නම්.........

      Delete
  12. මාත් එවුනේ අහම්බෙන් ඔබේත් ප්‍රබුද්ධ සිතිවිලි වලින් බ්ලොග් ලෝකය තවතවත් එළිය වැටේවි . ජයවේවා හිතවත

    ReplyDelete
  13. ඔබේ බ්ලොග් එකට සුබපැතුම්!

    ReplyDelete
  14. සුපිරි මචං දිගටම කරගෙන යමන් :)

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි මචං........!

      Delete
  15. ලියපං මචං සිතිවිලි පද ගලපලා
    සිරවෙලා තිබුණු සිත දස අත විහිදලා
    යන්නට දිගුගමන් නුඹ හට ඉගිලිලා
    අාසිරි පතන්නෙමි "සිතිවිලි හුදෙකලා"

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි මචං..............!

      Delete
  16. ඕං අපිත් ආවා හුදෙකලා වෙන්න
    ජයවේවා අ.ආ!

    ReplyDelete
  17. අලුත් බ්ලොග් එක සාර්ථකව කරන යන්න ශක්තිය දහිර්ය ලැබේවා...දිගටම ලියමු..

    ReplyDelete
  18. හරි මේ පැත්තේ ඔන්න ආවා. ඔයා මගේ බ්ලොගට ඇවිත් තිබුනා. ඒ පාරෙන් මේ ආවේ.

    දිගටම ලියමු. මමත් හුදකලා වෙන්න එන්නම්.
    ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතියි...! දිගටම එන්න..............

      Delete
  19. සුබපැතුම් ..දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි...........!

      Delete
  20. අ.ආ මං පරක්කු නෑ නේද... ආයිත් එන්නම්කො හොදේ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පරක්කු නෑ............ ආවට බොහොම ස්තූතියි.............. දිගටම එන්න.......!

      Delete
  21. //ඒ ඇතිවෙන සිතුවිලි කියන්න කෙනෙක් නැති වුණාම, ඒ සිතුවිලි අහන්න කෙනෙක් නැති වුණාම, එ් සිතුවිලි ඒ ඇති වුණ හිත ඇතුලෙම හුදෙකලා වෙනවා.//

    පලමු සිතුවිල්ල ලස්සනයි. අනිත් ඒවත් මේ වගේම ලියන්ට. සුබ පැතුම්.:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි..............!

      Delete
  22. සුබ පතනවා ඔබට මම මුලු හදවතින්ම..... දිගටම ලියන්න...!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි.................!

      Delete
  23. මගේ බ්ලොග් එකට ආපු එකගැන ස්තූති කරන්න සහ ඔබේ බ්ලොග් එක ෆොලෝ කරන්න ආවේ. අර බටන් එක වැඩ කරන්නේ නැහැනේ. ආයිමත් ඇවිල්ල බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ආවට බොහෝමත්ම ස්තූතියි........ ආයෙමත් එන්න..........

      Delete
  24. Replies
    1. ගොඩාරියක් ස්තූතියි මචං.......!

      Delete
  25. මගෙ බොගෙ කමෙන්ට් එක දැකලයි මේ පැත්තට ආවේ...මාත් බොග දාන්න පටන් ගත්තෙ ඔයාගෙ හේතුව නිසාම තමයි.හිතේ හිරවෙලා තියෙන දේ ලිව්වම හිත සැහැල්ලු වෙනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අපි ඔක්කොම එක යායක නේ බලන් ගියාම...... එල එල ආවට බෝම ස්තූති......... දිගටම එන්න හොදේ...........

      Delete
  26. දිගටම කරගෙන යමු !! :D

    පොස්ට් වල හොද ගැම්මක් තියේනව..!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ආවට............ දිගටම එන්න...........!

      Delete