Monday, November 2, 2015

මිතුදමක් පමණක්...


           මං බලාගෙන හිටියා. ගුරුවරු ඇවිත් කාල බීලා අපෙ ගුණ ගායනාකරලා ගියා. සමහරු ඉතිරිවා අස් කරනවා. තවත් සමහරු වටවෙලා කතාව. ඒත් පන්තියෙන් බාගයක්වත් අද ආවෙ නෑනෙ.

එකපාරම එයා මං ගාවට ඇවිත් මගෙ ළ තිබ්බ පුටුව ඇදලා වාඩි උනේ මගෙ උරහිසටත් පාරක් ගහන ගමන්. මගෙ මනෝපාර කෑවා.

“මොනාද අනේ ඔච්චර කල්පනා කරන්නේ...“

“නෑ බං... අවුරුදු දෙකක් තමන්ට උගන්නපු ගුරුවරුන්ට සංග්‍රහයක් කරලා අන්තිම වතාවට වැලා යන දවසෙවත් ඉස්කෝලෙ එන්න බැරි තරමට අපෙ සමහරක් එවුන් පාඩම් කරනවනේ නෙහ්. නැද්ද?“



“හ්ම්...“


මං හොට එයා දිහා බැලුවා. පාට තලෙළු උනාට මොකද මාර ලස්සනයි. පියකරුයි. හැමතිස්සෙම ඉස්සරහට දාගෙන ඉන්න කොණ්ඩ කරල් දෙක මට හැමවෙලේම මතක් කළේ චිත්‍රපටිවල තියෙන නැව්වල රුවල් අදින කඹ.

පන්තියෙ එවුන් මොනා කිව්වත් එයා මගෙ යාළුවෙක්. හොම යාළුවෙක්. එච්චරයි. උසස් පෙළට ආව අළුත මට වැඩියම ෆිට් වෙච්ච කෙල්ලො කීප දෙනාගෙන් කෙනෙක් එයත්. දෙන්න ම කවි ලියන හින්දා තමයි තවත් ෆිට් උනේ.

ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට කිසිම තේරුමක් නෑ ඒ දවස්වල. මොකද ඉතිං අත්දැකීමකුත් නෑනේ. ඒත් අනික් අයට වඩා මගෙ හිතේ එයාගැන විශේෂයක් තියෙනවා කියල මට දැණුනා. එයාගෙ හිතෙත් මං ගැන එහෙම දෙයක් තියෙන බව මට හොටම තේරුණා.

මට එයාගෙ වෙන්න හොටම පුළුවන්කම තිබුණා. ඒත් ඉතිං එයාට මගෙ වෙන්න බෑනේ. ඒ වෙනකොටත් එයා වෙන කෙනෙක්ගෙ වෙලා ඉවරයි. ඒක මම හොටම දැනගෙන හිටියා.

මං කොහොමටත් ම කුරුළු කූඩු කඩන පව්කාරයෙක් නෙවෙයි. ඒ හින්දා වෙන්නැති එයාගෙන් එන පුංචි ඉියකට පවා කිසිම අනුබලයක් නොදී විහිළුවෙන් ම මඇරලා ගියෙ. නැතුව හිතකින් කළා නෙවෙයි.

“මොකද අනේ ඔයාට අද වෙලා තියෙන්නේ...? මොනාද ඔච්චරම කල්පනාව...? ඇයි දැනටමත් විභාග භීතිකාවද...?“


ආයෙමත් කෑව මගෙ මනෝපාර.

“එහෙම රෙද්දක් නෙවේ බං... මං මේ කල්පනා කරේ ඉතිං ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයිනෙ නේහ් කියලා...“



“හ්ම්...“

මට සද්දෙ දැම්මට මොකද එයත් ඒ පාර කල්පනාවට වැටුණා. එකපාර ම මූණ අුරුවෙලා ගියා. කාටත් ඉතිං අවුල් තමයි ඉස්කෝලෙ කාලෙ ඉවර වෙන එක.

“මේං...“

එකපාර මෙයා මගෙ අතින් අල්ලලා ඇද්දෙ මීට කලින් මුදු දාපු අත් දැකලා නෑ වගේ. මැදගිල්ලෙ තිබ්බෙ අපල කියලා අම්මා දම්මවපු මුද්ද.

“හ්ම්...“



“ලස්සනයි...“
         
එහෙම වෙන්න එපැයි රෙද්ද ඉතිං මමනෙ මොස්තරේ තේරුවෙ. මුද්දත් එක්ක ම ඇිල්ලත් ඇදලා ගලවන්න කලින් මම ම ඒක ගලවලා එයා අතට දුන්නා.

“ඇයි මේක දැම්මෙ...“

ඕන්නැති මඟුලක් නෑ ඉතිං. වෙලාවකට මෙයත් අහන්නෙ මහ පුදුම දෙවල් තමයි. ඇයි දෙයියනේ... අපලවලට මිසක් ආතල් එකට අපල මුදු දාන්නෙ නෑනේ.

“ඕක දාපුහාම විභාගෙ පාස් වෙනවා... නිකංම...“

මං කින්ඩියට වගේ කිව්වෙ.

“නෑ... ඇත්තමයි ද...?“



“ඇත්ත තමා රෙද්ද ඉතිං... ආයෙ මං බොරු කියනවය...“

          ටිකක් වෙලා මුද්ද ඒ මේ අත හරව හරව ඉලා ආයෙම මගෙ අත ඇදලා අරන් මුදු දාන ඇිල්ලෙන් අල්ල ගෙන ඒක අඹරලා අතෑරියා. මගෙ මූණ දිහා බැලුවා.

“මැගිල්ලට මුදු දදා ඉන්නෙ, මේකට මුද්දක් දාගන්න අදහසක් නැද්ද තාම...?“

          ඔය ඇහුවෙ ඉඳලා ඉඳලා හොඳ ප්‍රස්නයක්. අනේ ඉතිං මොකටද මගෙ කට.

“දාගන්නනම් අදහසක් තියෙනවා... ඒත් ඉතිං මොනා කරන්නද, මේකට මුද්දක් දාන්න කවුරුවත් ම කැමති නෑනේ... මම පව්“

මං එහෙම කිව්වට මොකද ඒ ඇඟිල්ලට මුද්ද දාන වැඩේ කෙනෙක් බාර අරන් ගොඩක් කල්.

එයා එකපාර මගෙ මූණ දිහා බැලුවා. එනපොට හොඳ නෑ කියලා මට හිතුණෙ කලාතුරකිනුත් කලාතුරකින් විතරක් ම එයාගෙ මූණෙ දකින්න හම්බවෙන අමුතු ම විදිහෙ දඟකාර හිනාව දැක්කාමයි.

“මං මේ මුද්ද ඒකට දාන්න ද...?“


එහෙම ඇහුවෙ අයෙමත් මගෙ ඇඟිල්ලෙන් ඇදලා අල්ලන ගමන්. තව පොඩ්ඩෙන් මුද්දක් දාන්න ඇඟිල්ලක් ඉතුරු වෙන්නෙ නෑ.

“හ්ම්...“

මං එහෙම කිව්වෙ ඇයි ද කියලා මට ම හිතාගන්න බෑ. මේක කොහොමටවත් වෙන්න ඕනි දෙයක් නෙවේ. විහිළුවටවත් වෙන්න ඕනි දෙයක් නෙවේ. අපි දෙන්නා යාළුවො විතරයි. යාළුවො විතරමයි.

අනේ මන්දා. මෙයාගෙ හිතේ මොනව තියෙනවද කියල මට හිතාගන්න බෑ. අපි දෙන්නම හොට ම දන්නවා අපිට අපේ වෙන්න බෑ කියලා. එක අතකට මෙහෙම බොරුවට හරි එයා මගෙ අතට මුද්දක් දැම්ම එක කොච්චර දෙයක්ද...? මට එහෙම හිතුණා. එයාටත් එහෙම ම හිතුණද මන්දා.

ිල්ලෙ මුලටම හිරවෙන්න මුද්ද දාපු එයා අත් දෙකෙන්ම මගෙ අත අල්ලලා මිරිකුවා.මගෙ ඇට එකපාර ම කරන්ට් එක වැදුණ වගේ දැණුනා.මං එයා දිහා බැලුවා. ඒ මූණෙ තිබ්බ හැීම් මට වචන වලින් කියන්න බෑ. කොහොමටවත් ම බෑ.

සමහරක් විට මගෙ මූණත් එහෙම්ම ම වෙන්නැති.

    ෴

පෙර භවයක දී
එක් වී ඉන්නැති

ඒකයි නුඹ මට හුරුපුරුදූ...



ළං වී තනි වී

දොඩමලු වෙන්නැති

ඒකයි මේ හැටි හිතමිතුරූ...



බිඳක් තරහ වී

යළිත් සිනහවෙන

නොමියෙන මිතුදම මට සොඳුරූ...



දුරකින් සිටියත්

අමතක වෙන්නැති

හේතුව දන්නෑ මම මිතුරූ...

41 comments:

  1. යාලු කම විතරක් ම වෙන්න් බෑ තිබිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අවංකවම කිව්වොත් පිටින් නම් තිබ්බෙ යාළුකමක් විතරක්ම තමයි අයියා.........

      Delete
    2. ඔ්කනේ කියන්නේ අැතුළ වනචරයි...

      Delete
    3. අපෝ නෑ...... මං අහිංසකයා..............

      Delete
  2. iwan kiwa wage yalukamata eha giya makado deyak tibila tiyanawa.....

    දුරකින් සිටියත්

    අමතක වෙන්නැති

    හේතුව දන්නෑ මම මිතුරූ...

    ekane mehema hitenne.....

    mano mandira

    ReplyDelete
    Replies
    1. යාලු කමට එහාගිය දෙයක් තිබ්බා. හැබැයි හිතේ විතරයි. කවදාවත් එළියට ආවෙ නෑ. මේ කවිය ඒ ගෑණූ ළමයම ලිව්ව එකක්. ඒ දවස්වල...... එයාගෙන් අහලා තමයි මෙතන දැම්මේ......

      Delete
  3. ඔය හිතේ තියාගෙන නොකියවෙන ආදරේ නිසා විඳවන තරමක් ..කියන්නෙත් නෑ හරියට කෙලින් අහන්නත් බෑ මොකක්ද වගේ අන්තිමට හැමදාම ගොළුවෝ වගේ ඉඳගෙන හිතින් දුක් විඳිනවා නැද්ද මම කියන්නෙ ;) කතාව හරි ලස්සනට ගලාගෙන ගියා කවියත් ලස්සනයි.එකම එක දෙයක් ..අර දාපු පින්තූරෙට නම් මගේ වැඩි කැමැත්තක් නැහැ ..කම්මැලියා ... ලස්සන පින්තූරයක් හොයාගන්න තිබ්බනෙ කතාවටත් දැනෙන විදිහට :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි හංසි..... හෙහ් හෙහ් අවංකවම මට තේරෙන්නෑ කතාවට ගැළපෙන්න පිංතූරයක් හොයාගන්න............ ඒකයි හිතිච්ච එකක් දැම්මේ...............
      මෙතනදිනම් එහෙම වි‍දෙව්වා කියන්න අමාරුයි....... කියන්න තේරෙන් නෑ........... ඒක අමුතුයි.

      Delete
  4. නන්නාදුනන ලෙසේ
    මඟතොට යළීත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා.......

    ReplyDelete
    Replies
    1. මට මතක් වෙන්නේ මේක......

      අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
      කුළුදුලේම පෙම් බැන්දේ මම ඔබටි රහසේ
      කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ
      සිහිනෙන්වත් ඔයා ළගින් නෑ වෙන්වූයේ

      යහලු යෙහෙලියන් සමගින් අපි පාසල් පාර්
      ඇවිද ගියපු මග පාලුයි අපි අද නෑනේ
      කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ
      හිතින් නේද අපි දෙන්නා ළං වී ආදරේ කළේ

      Delete
  5. සමහර වෙලාවල් එනවා, ඔහොම ආදරයක් හිතේ තියාගෙන ඉන්න.. කියන්න බය හිතෙන.. ඒක හැබැයි අවාසනාවමත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත........ කොච්චර අමාරු උණත් නොගැළපෙන දේවල් කරන්න හොද නෑ........ එවෙලෙට අමාරු උනත් පස්සෙ තේරෙනව එහෙම කළ එක හොදයි කියලා.........

      Delete
  6. මං මේ කොහෙද ඉන්නෙ? ඉස්කෝලෙද? හොයාගන්න බෑ බං.

    ReplyDelete
    Replies
    1. අවංකවම මට මේ කොමන්ට් එකෙන් කියන දේ හිතාගන්න බෑ........... ඒ හින්දා උත්තරයක් දෙන්නත් අමාරුයි යාලුවා..........

      Delete
  7. මටත් තිබුනා බං මේ වගේ අත්දැකිමක් ඒක අකුරැ කරලා උඔලා කාගේ හරි බ්ලොග් එකක දාන්න ඔනේ..
    එල ද බ්‍රා ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මෙන්ඩයියා.......... ඔව් ඔව් දාන්න දාන්න.......... ඔයා ඉතිං එකක් ලියන්නෙ නෑම කියනවනේ..............

      Delete
  8. ආදරය කියෙන්නේ හිමි කර ගැනීමම නෙවෙයි කියනවනේ....

    අකුරු අතරේ රූප පේලියක් මැවුනා වගේ දැනුනේ... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි තුෂානි........ ඔව් ඒක ඇත්ත........ ආදරය කියන්නෙ හිමිකර ගැනීමම නෙවේ.....

      Delete
  9. මචෝ ලියවිල්ල නම් පට්ට, ඉවාන් අයියා කිව්වා වගේ යාළුකමට එහා ගියපු දෙයක් දැනෙනවා, හැබැයි වචන වලට පෙරලිලා කවදාවත් දිවගින් නොකියවුණු හිතේ කොනක කිටි කිටියේ තද වෙච්ච.
    අනිත් කාරණේ උඹගේ බ්ලෝග ෆලෝ කරන්න බැහැනේ, කොහොම උනත් රෝල්ට එල්ල ගත්තා, මේ මම කාලෙකට කලින් විරහ ආදරේ ගැන ලියපු කවියක්.

    නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

    ජය මචන්.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි යාලුවා.......... කවිය පට්ට.........
      // යාළුකමට එහා ගියපු දෙයක් දැනෙනවා, හැබැයි වචන වලට පෙරලිලා කවදාවත් දිවගින් නොකියවුණු හිතේ කොනක කිටි කිටියේ තද වෙච්ච. //
      ඔයා මේ ටික කිව්වෙ අවංකවම නම්, මං හිතනවා මම සාර්ථකයි කියලා..........

      Delete
    2. සොමියා..

      නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
      ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
      තුරුලේම ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
      පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

      මෙන්න මේ වගේ කවියක් තියෙනව මගෙ එහා පැත්තෙ එකාගෙ මේසෙ. ඒක නම් කියුවෙ එයාගෙ ගෑනු ළමයා දුන්න එකක් කියලා.

      මේක මීට කලින් ලියලා කාට හරි කෙල්ලෙක්ටවත් දුන්නද?

      Delete
    3. මෙහෙමයිනෙ මචං..... ඔය කවි කියන එව්වා ලියපු එකාගෙන් කියලා ඉල්ලලා හරි හොරෙන් උස්සලා හරි වෙන අය පාවිච්චි කරනවා. ඒ අයගෙන් තවත් අය ගන්නවා. අවසානෙ ගොඩක් අය අතට ගියාම ලියපු කෙනා කවුද කියලා දන්නෙත් නෑ. ඌට ඒක ඔප්පු කරන්නත් බෑ. ඔහොම ගිහින් ගිහින් ආපහු ඒක ලියපු එකාටම එන වෙලාවලුත් තියෙනවා. මොකද මට එහෙම වෙලා තියෙනවා. මේකත් ඒ වගේ වෙන්නැති....

      Delete
  10. දැන් එතකොට කෙලලා ඇරියද කුරුළු කූඩුවට ඒ ගමන?

    ReplyDelete
    Replies
    1. අනේ නෑ ඩූඩ් අයියා....... ඒ කූඩුව තාමත් එහෙම්මම යහතින් තියෙනවා......... අදටත් හොදම යාලුවෝ විතරමයි...............

      Delete
  11. හෙ හේ! ඔය සීන් එක මට ඕනතරම් වෙලා තියෙනවා! දැනටත්...

    ReplyDelete
    Replies
    1. හැමෝටම වෙනවා ඉතිං ඔයවගේ දේවල්....... නැද්ද......

      Delete
  12. කිව්වත් වගේ ඒක යාලුකමක් නෙමෙයි.. :)
    කොහොමවුනත් ඉතින් කුරුලු කූඩුව මුද්දක් නිසා නොකැඩුන එක නම් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් හිතනවා ඒක එහෙම නොවුනෙ දෙන්නගෙම හොදටයි කියලා.......

      Delete
  13. කවියනං සුපිරිම සුපිරියි......

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි කුරුටු...... සම්පූර්ණ අයිතිය ලියපු කෙනා සතුයි. හැබැයි එයානං කවදාකමවත් මේක කියවන්නෙවත් මේ කමෙන්ට් එක දකින්නෙවත් නැතිවෙයි.................

      Delete
  14. මං මේ මුද්ද ඒකට දාන්න ද...?“ අනේ හැබෑට......

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....... කිසිම හැදියාවක් නෑ නේද?

      Delete
  15. යකෝ මේක මරුනෙ බං.හරිම සුන්දරයි කවියක් වගේ.ඇත්තටම අවංක ආත්ම ප්‍රකාශනයක්.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි හැලප අයියා....... මං ඉතිං කෝමත් අවංකයානේ..............

      Delete
  16. පමා වෙලා කතාව බැලුවේ.ඒ නිසා කමෙන්ටුව පමා වුණා.ලස්සන කතාව.දෙන්නගෙම හිත්වල ආදරය තිබිලා තියෙනවා.

    ReplyDelete
  17. පමා වෙලා කතාව බැලුවේ.ඒ නිසා කමෙන්ටුව පමා වුණා.ලස්සන කතාව.දෙන්නගෙම හිත්වල ආදරය තිබිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි අක්කේ......... මමත් එහෙම හිතනවා............. ආයෙමත් බෝම ස්තූතියි කමෙන්ට් දෙකක්ම දැම්මට........... දිගටම එන්න............

      Delete
  18. මොකුත් කියන්න බෑ ඔවැනි අද්දැකීම් එමටයි හැබැයි මට පාසලෙන් නමෙයි මගේ එකේ හිටිය එකම ගැනු පරානේ මිසා විතරයි නෙහ්..
    කුඩු නොකඩන ප්‍රතිපත්තියට මගේ ආචාරය නුබට..හරියට වචන ටික ගැලපුවනම් එවෙලේ උබට එයාව ඊසි තව හිතකට ගින්දර වීසි...
    හැබැයි මචෝ මම නම් කීප් ඉන් ටච් ලෙසටම කරනවා අපි නොකැඩුවට කුඩු කඩෙන ක්‍රම බෝමයි නිදැල්ලේ ඉන්න කිරිල්ලිට දුකමයි නිසා ටික කාලෙකට දුක බෙදාගන්න ක්ෂණික ඇඩ්මිට් වෙනවා මම

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ආචාර්ය තුමාගෙ මේ වචන ටික හරියට නිකං කවියක් වගේ................ දුක බෙදාගන්න යන එක මගෙනං තියරිය නෙවේ. ඒක මහා එපාකරපු වැඩක්.................

      Delete
    2. දුක බෙදාගත්තට මොකෝ බන් ප්‍රතිලාබ හම්බ වෙනවා නෙහ් ඒවාට

      Delete
    3. හෙහ් හෙහ් ඒකත් ඇත්ත තමා..................

      Delete