Sunday, October 23, 2022

මතක වැසි

 


මං වැස්සට පට්ට ආසයි.


හැබැයි ක්ලාස් කට් කරලා ටවුන් එකේ කොනක දුමක් දාද්දි වහින්න ගන්නකොට ඉතිං කුණුහරප තමයි මතක් වෙන්නෙ. දෙවසරක ප්‍රථම ප්‍රේමයෙන් කුළුඳුලේ බූට් කාල දිරවගන්න බැරුව හිටිය මම, ඔන්නොහෙ කියලා වැස්සෙම ක්ලාස් එක දිහාට ඇදුණෙ ඉගෙනගන්න ඕනි නිසා නෙවෙයි, වැස්සෙ ඉන්න වෙන තැනක් නොතිබුණු නිසා.


කොල්ලොන්ගෙ සයිඩ් එකේ බංකුවල ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ, ෆුල් පැක්. මුන් ඔක්කොම අදම ක්ලාස් ආවෙ මොන මඟුලකටද මංදා. වෙනදට වල බහින උනුත් අද මම වගේම වැස්සට ක්ලාස් ඇවිත්ද කොහෙද. මගෙ වෙලාව තමයි. මොකෝ දැන් කරන්නෙ කියලා ටික්කා අයියගෙන් අහන්න හැරෙනකොටම,


"දුල්සිත්... මේකට එන්න..."


අම්මටසිරි, කෙල්ලොන්ගෙ සයිඩ් එකේ අවසාන බංකුවේ අවසානෙටම ඉඳගෙන හිටිය, මං කවදාවත් දැකලා නැති කෙල්ලෙක් මට කතා කරනවා. කෙල්ල එහාට වෙලා මට ඉඳගන්න ඉඩත් හදලා දුන්නා. මේකි සුරංගනාවියක්වත් ද ? නෑ මට ඉඩ දුන්න නිසා නෙවෙයි, කෙල්ල ඇත්තටම ලස්සනයි. කළුපාට සායයි කොළ පාට බ්ලවුස් එකයි සුදුපාට මූණට අමුතුම එළියක් ගේනවා. කැරළි කොණ්ඩෙ පිට මැද්දට කඩාවැටිලා. බෝල ඇස්දෙක මට කතා කරනවා.


මම එයා ළඟින් ඉඳගත්තා නෙවෙයි, මට ඉන්ඳවුණා. 


"කොහොමද මගෙ නම දන්නෙ..."


"ඇයි හලෝ... අලුත් ගෙදරකට ගියාම, වටේ පිටේ ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලන්නෙ නැද්ද ? මම ඉන්නෙ ඔයාලගෙ ඉස්සරහ ගෙදර..."


අප්පට සිරි. එහෙමත් එකක්ද. මට මීටර් උනේ නෑනෙ. අපි අලුත් ගෙදර පදිංචියට ආවෙ ඊයෙ. මහගෙදර අයිතිය තාත්තට තිබ්බට, පවුලෙ ඔක්කොගෙම විකාර දරන්නම බැරි තැන තාත්තා අපිවත් අරන් මහ ගෙදර දාලා අලුත් ගෙදරක පදිංචියට ආවා. ඒක ගොඩක් කල් ඉඳන් එයාගෙ ප්ලෑනක් වෙන්න ඇති, මොකද ටිකක් හොඳ තැනකින් ගෙදරක් ගන්න එයා සල්ලි ඉතුරුකරලා තිබ්බා. 


මම ඒකට වඩා කැමති උනේ අලුත් ගෙදර ඉඳලා මගෙ ඉස්කෝලෙට බස් එකේ විනාඩි පහළවක වගේ පොඩි දුරක් තිබුණ නිසා. ටවුන් එකටත් උපරිම විනාඩි හතළිහක් ඇති. හැම අතින්ම පහසුයි. ඉස්සරහ ගෙදර ගැන මට මීටර් උන එකම දේ, ඒ ගෙදර ගෑනියි මිනිහයි සැරටම රණ්ඩුවෙනවා කියලා විතරයි. මොකද ඊයෙ රෑත් හොඳටම සද්දෙ ඇහුණා. උන්ට මේ වගේ ලස්සන දුවෙක් ඉන්නවා කියල මම දන්නෙ නෑනෙ.


"තමුසෙ සිගරට් බීලද ඉන්නෙ..."


එයාගෙ කටහඬින් මම ආයෙ ක්ලාස් එකට ආවා.


"ඔව්, සොරි..."


"ඒකට කමක් නෑ. තව තියෙනවද ?"


මම ඔව් කියන්න ඔළුව වැනුවා.


"යනකොට බොමු..."


මොකක්. යනකොට බොමු කියන්නෙ මේකිත් සිගරට් බොනවද. පේන තරම්ම අහිංසක නෑ වාගෙ මේකිත්. ඕනි මඟුලක්. මම බංකුවට ඔලුව තියාගත්තා. නින්දත් නොනින්දත් අතරෙ, අහිමි උන ආදරේ මතක අතරේ මම ආයෙ පාවෙන්න ගත්තා. අපි යාළු උනේ ඕලෙවල් කාලෙ. හැබැයි උසස්පෙළට මම ආට් කරනකොට එයා කොමස් එකට ගියා. එයින් මාස දෙකක් ඇතුළත, ආට් කරන මට වඩා කොමස් කරන දහතුනේ එකෙක් හොඳයි කියලා එයා තීරණය කරලා තිබුණා. පට්ට බැල්ලි.


"නැඟිටිනවා... ගෙදර යන්නෙ නැද්ද..."


යකෝ මේකි මගේ භාරකාරයා වගේ. කෙසේ නමුත් මාත් ඔන්නොහේ කියලා කෙල්ල පස්සෙන් වැටුණා. ගෙදර ඉස්සරහ නම් ඉතිං කොහොමත් එක දිහාටනෙ යන්නෙ. බස් ස්ටෑන්ඩ් එකට යන මඟ දිගට කෙල්ල මගෙන් අනං මනං ඇහුවා. මාත් ඔහෙ උත්තර දුන්නා. ඒ මොනාද කියලා මට හරියට ගාණක් තිබ්බෙ නෑ. 


බස් එකට නැඟලා කෙල්ල ඩබල් සීට් එකකින් වාඩි උනා. මට නිකම් මොකද්ද වගේ. එක ළඟ වාඩි උනොත් අපි නිකම් කපල් එකක් වගේ වෙනවනේ. මං මොනා උනත් ලැජ්ජ බයට හැදුණු කොල්ලා. එයාට ඒකෙ ගාණක් තිබ්බෙ නෑ. මට මොකෝ, මාත් වාඩි උනා. වැඩි කතාවක් බහක් නැතුවම බස් ගමනත් ඉවර උනා. අපි බස්සෙකෙන් බහිනකොට ලාවට කළුවර වැටීගෙන එනවා.


දැන් ඉස්සර වගේ ගෙදර යන්න මහ වෙලාවක් යන්නෙත් නෑ. බස් එකෙන් බැහැපු ගමන් පයින් යන දුර. ඒක වෙන්දේසි ඉඩමක්. ඉඩමෙ කොනෙන්ම දිගට පාරක් තිබුණා. ඒක දිගේ යනකොට වම් පැත්තට අංක පිළිවෙලට අතුරු පාරවල් බෙදලා තිබුණා. ප්‍රධාන පාර අයිනෙන්ම ඉඩම් ගනං. අපි හිටියෙ අටවෙනි පටුමඟේ. ඉතිං ටිකක් විතර දුරයි. පාරට දකුණු පැත්තෙන් ඔයක් ගලාගෙන යනවා. 


හතරවෙනි පටුමඟ හරියෙ පාරයි ඔයයි අතරෙ පරණ ලෑලි කඩයක් තියෙනවා. කඩේ ගරා වැටිලා දැන්නම්. කෙල්ල මාත් එක්ක කඩේ පිටිපස්සට ගියා. අම්මටසිරි, කඩේ අවුල් උනාට පිටිපස්සට පොල් අතු බාපු කෑල්ලක් තාමත් හොඳ මට්ටමේ තියෙනවා. ලෑලි බංකුවකුත් තියෙනවා. ඒකෙ ඉඳගත්තාම ඉස්සරහින් ඔයත් ගලාගෙන යනවා. මරු පොට් එක.


සිගරට් එක පත්තු කරලා ඇතුළට ඇද්ද හැටියෙන්ම මට තේරුණා මේකිට නම් සිගරට් බීලා මටත් වඩා පුරුදුයි වගේ කියලා. මාත් පාඩුවෙ එකක් පත්තු කරගත්තා. පපුව පිරෙන්නම බර දුම් උගුරක් ඇද්දා.


"ඔයා මොකක් හරි අවුලකින්ද ඉන්නෙ..."


"නෑ... ඇයි ඒ..."


"ඇයි ඒ කියන්නෙ. තමුසෙ සිහියෙන් නෙවෙයිනෙ ඉන්නෙ..."


මං හිනාවෙලා කරබාගෙන සිගරට් එක බිව්වා.


"මං ඊයෙ බලාගෙන හිටියෙ මහ රෑ ජනේලෙන් පැනලා සිගරට් බොනවා..."


මේකිගෙ අම්මට යකෝ. ඒකත් දැකලද. අලුත් ගෙදරට ආව ගමන් මම කළේ මගෙ කාමරේ ජනේලෙ ග්‍රිල් එකේ ඇණ ටික ගළවලා, එක ඇණයයකින් විතරක් තියපු එක. එතකොට මට රෑට ශේප් එකේ ග්‍රිල් එක පැත්තකින් තියලා ජනේළෙන් එළියට පැනලා නිදහසේ දුමක් දාන්න පුළුවන්. දොරවල් ඇරගෙන එළියට යනකොට වගේ, අනික් අය ඇහැරෙන අවධානම එතකොට නෑ. 


දුම දාලා ඉවරවෙලා අපි හෙමීට ආයෙ එන්න පිටත් උනා. එයාලගෙ ගෙදරයි අපේ ගෙදරයි මූණට මූණ. හැබැයි ඒක නම් තට්ටු දෙකේ එකක්. අපෙ එක ඉතිං පොඩියි. එදා රෑත් එයාගෙ අම්මයි තාත්තයි රණ්ඩුවෙන සද්දෙ ඇහුණා. රෑ මම දුම දාන්න එළියට ආවම තමයි මට තේරුණේ කෙල්ලගෙ කාමරේ බැල්කනිය තියෙන්නෙත් මගෙ කාමරේ කෙලින්මයි කියලා. මොකද ඒකි එළියට වෙලා ඉඳගෙන හිටියා. හැබැයි කෙල්ල මාව දැක්කෙ නෑ. එයා අනන්තය දිහා ඔහේ බලාගෙන හිටියා.


දවසෙන් දවස සතියෙන් සතිය අපේ යාළුකම වැඩි උනා. ඒ අපි එකට ක්ලාස් ගිය නිසාවත් ඉස්කෝලෙ ගිය නිසාවත් නෙවෙයි. ඒ යන එන ගොඩක් වෙලාවල එකට සිගරට් බීපු නිසා. මම නම් ලැබුණ පළවෙනි වතාවෙම බූරුවෙක් වගේ මගෙ බූට්කෑමේ ස්ටෝරිය කෙල්ල ඉස්සරහ දිගෑරියා. හැබැයි එයා වෙනස්. ගෙදර ප්‍රශ්න, අනං මනං මොක ගැන උනත් කතා කරේ ගොඩක් පරිස්සමෙන්. හරියට තදින් වහපු පොතක් වගේ. හැබැයි හැමදාම රෑට බැල්කනියෙ වාඩිවෙලා අනන්තය දිහා බලන් ඉන්න එයාගෙ රූපෙ මට දකින්න ලැබුණා.


එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර එන්න ටිකක් රෑ වෙන නිසා ගොඩක් වෙලාවට එයා හිටියෙ තනියම. ඒ නිසා නිතරම අපේ ගෙදර ආවා. අපෙ අම්මටත් එයාව හොඳටම අල්ලලා ගියා. අපේ තාත්තා ගෙදර ආවෙ සති අන්තේ විතරයි. අම්මා හය වෙනකොට වගේ ගෙදර එනවා. නංගි ගියෙ ටවුමෙ ඉස්කෝලෙකට නිසා ගොඩක් දවස්වලට එයා ඉස්කෝලෙ ඇරිලා අම්මගෙ ඔෆිස් එකට ගිහින්, හවසට අම්මත් එක්කම ගෙදර ආවා.


එයා එක්ක ඉන්න ඉන්න මගෙ බූට් එකේ අවුල ටිකෙන් ටික නැතිවෙලාම ගියා. අපි ළඟම යාලුවො උනා. පිස්සු නැටුවා. ගේම් ගැහුවා. පාඩම් කරා. හැබැයි නොවරදවාම සිගරට් බිව්වා. ටිකෙන් ටික එයා මට විවෘත වෙන්න පටන් ගත්තා. පිටතට කොච්චර සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙණුනත්, ඇතුලෙන් එයා කොච්චර මානසික පීඩනයකින්ද ඉන්නෙ කියලා තේරුම් ගන්න පුළුවන් තරමට ඒ වෙද්දි අපි ළංවෙලා. 


එදා නිවාඩු දවසක්. අපි හිටියෙ මගෙ කාමරේ. එයා මගෙ ඇඳේ වාඩිවෙලා හිටියෙ.


"අම්මයි තාත්තයි ඉස්සර ඔහොම නෑ. අපි ගොඩක් සතුටෙන් හිටියේ. මේ ඔක්කොම පටන් ගත්තෙ මල්ලි නැති උනාට පස්සෙ තමයි..."


ඒක මට අලුත් කතන්දරයක්. 


"මට මල්ලියෙක් හිටියා. එයා නැතිඋනා. එයා හරි හොඳයි. මට හරි ආදරෙයි. එයා... එයා..."


තවත් කතා කරගන්න බැරිව එයාට ඉකිගැසුණා. මම ඉබේම වගේ එයා ගාවින් වාඩි උනා. කඳුලුවැල් ගලාගෙන යනකොට ඒ මූණ මගෙ උරහිසට බරඋනා. කොච්චරක් වෙලා ගත උනාද කියලා මම දන්නෙ නෑ. එතකොට මල්ලි නැති උන වේදනාවයි, අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්නයි, ඒ ඔක්කොම මේ කෙල්ල තනියම දරාගෙනද මේ හිනාවෙලා ඉන්නෙ. මට පුදුම හිතුණා. මගෙ නංගිට මොනා හරි උනොත්, මට නම් ඒ ගැන හිතන්නවත් බෑ...


අම්මා දොර ගාව ඉඳන් බලන් ඉඳලා ආපහු යනවා මට ලාවට පෙණුනා. ඒත් පස්සෙවත් මගෙන් මොකුත් ඇහුවෙ නෑ. සමහරවිට එයා සිද්දිය දන්නවත් ඇති කලින්. 


එදායින් පස්සෙ මම තවත් එයාට ළංඋනා. හැමදේකදිම එයාට මම ඉන්නවා කියලා ඇඟෙව්වා. මොකද ඇත්තටම ඒ වෙනකොටත් මටත් නොදැනීම මම එයාට ආදරේ කරන්න පටන් අරන්. හැබැයි එයාගෙන් මට කවදාවත් යාලුකමකට එහා දෙයක් ගැන ඉඟියක්වත් ලැබුණෙ නෑ. ඒත් ඒකෙ වෙනසක් තිබුනෙ නෑ මට. මං හිතන්නෙ එයත් මට ආදරේ කරා. අපි වචන වලින් නොකිව්වට අපි අපේ වෙලා හිටියෙ. මට තේරුණේ එහෙමයි. මම දන්නෑ.


ඔහොම කාලෙ ගෙවිලා ගියා. ජනවාරි මාසෙ මට එච්චර හොඳ උනේ නෑ. ස්පෝට්මීට් එකට ඔක්කොම පිට්ටනියෙ ඉන්නකොට, මගෙ පරණ කෙල්ල එයාගෙ අලුත් කොල්ලත් එක්ක මට පෙනෙන්න ගොඩක් ලොකු රංගනයක් ඉදිරිපත් කළා. බහුතරයක් දෙනා කතාව දැනගෙන හිටිය නිසා, මට හතරවටින්ම අනුකම්පා ලුක් නම් නොසෑහෙන්න හම්බුනා.


හැමදාම හවසට එයත් එක්ක දුමක් දාන ගමන් හැමදේම අකුරක් නෑර කිය කියා මම මගෙ ඔලුවෙ තිබ්බ ඔක්කොම තරහා පිටකරගත්තා. එයා ඒ හැමදේම අහගෙන හිටියා. හරියට එයා ගෙදර ප්‍රශ්න ගැන දොඩමලුවෙන වෙලාවල මං අහගෙන හිටියා වගේම. අම්මයි තාත්තයි ගැන එයාට තිබුණෙ තරහක්, හැබැයි මල්ලිව මාතෘකාව උන හැම කතාවම අවසන් උනේ එයාගෙ කඳුලුවලින්. ජීවිතේ ගැන එයාට තිබුණෙ කලකිරීමක්. 


ස්පෝට්මීට් දවසත් ආවා. දොළහමාරට ඒක පටන්ගෙන ජයටම යනවා. මම පිට්ටනිය කොනේ මාර ගහකට හේත්තුවක් දාගෙන පිට්ටනියෙ එහේමෙහේ අලුත බැඳපු ජෝඩුව වගේ ඇවිදින පරණ කෙල්ලයි ඒකිගෙ කොල්ලයි දිහා බලාගෙන හිටියා. වැටෙන් එහාපැත්තෙ නොයෙක් වෙළෙන්දෝ වාහන නවත්තන්. පොඩි උන් ඒ තැන්වල පොරකනවා. හැමෝම වගේ ස්පෝට්මීට් එක උපරිමයෙක් විඳිනවා. මම විතරක් සයිඩ් එකේ.


"ස්ස්ස්... දුල්සිත්... දුල්සිත්..."


එයාගෙ කටහඬින් මම ගැස්සිලා හැරිලා බැලුවා. මේකි මොකද මෙතන කරන්නෙ. එයා ඉස්කෝලෙ ඇරුණ ගමන් අපේ ඉස්කෝලෙ ගාවට ඇවිත්. එහෙම එන බවක් මට නිකමටවත් කිව්වෙ නෑ. මම වැටේ කැඩුණු තැනකින් එළියට පැන්නා.


"තමුසෙ මොකක්ද මෙහෙ කරන්නෙ..."


"මං ආවෙ අර බැල්ලිට පේන්න ටිකක් ඉඳලා යන්න. බැල්ලි කිව්වෙ අර තමුසෙගෙ මහ ලොකු ප්‍රථම ආදරේ..."


මේකිගෙ අම්මට යකෝ. සිරාවට. ඒත්... ආයෙ මඟුලක් හිතනවා. ඔන්නොහෙ මේකි කියන දේ කරනවා. මටත් හොඳයිනේ. කොහොම හරි එදා එයා මගෙ කෙල්ල වගේ හැසිරුණා. අපි අනං මනං කෑවා. මම වැටෙන් එයාව ඉස්කෝලෙ ඇතුළට ගත්තා. පිට්ටනියෙ කොනේ පොඩ්ඩක් එහා මෙහා ඇවිද්දා. එයා මා එක්ක ඉන්නවා දැක්කාම අරකිගෙ නම් මූණ දෙක උනා.


එහෙම වෙන්නෙපෑ ඉතිං. ඒකිට වඩා මෙයා අවංකවම ලස්සනයි. කොහොමින් හරි ඒ රංගනෙන් පස්සෙ ආයෙ නම් කවුරුත් මට අනුකම්පා බැල්මට් දැම්මෙ නෑ. ඇයි ඉතිං නැති උන එකීට වඩා ලස්සන කෙල්ලෙක්ව බැස්සුවනෙ කොල්ලා. ඒකෙන් පස්සෙ මට තවත් ඉස්කෝලෙ ඉන්න ඕනි උනේ නෑ. පොඩි වැහි කළුවරකුත් එනවා. තවම ස්පෝට් මීට් එක ඉවර වෙන්න ළඟත් නෑ. මම එයාවත් අඬගහගෙන වැටෙන් පැන්නා, ගෙදර යන්න.


අපි බස් එකෙන් බහිනකොට ලාවට වහිනවා. ඉක්මනට ගෙදරට යාගන්න පය ඉක්මන් කළාට වැඩක් උනේ නෑ. වැස්ස තදින් වහින්න ගත්ත නිසා අපි තෙමි තෙමීම දුවල ගිහින් කඩේ පිටිපස්සට පැනගත්තා. වාව්. සුදු ගවුම තෙමුණාම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඒ විතරක් නෙවේ, තෙමුණ විඩාබර ඒ මූණ අමුතුම ලස්සනක්. මට කට උත්තර නෑ. සිගරට් දෙකක් පත්තු කරගෙන අපි එක ළඟින්ම බංකුවෙන් වාඩි උනා. 


තෙත ඇඳුම්වලට යටින් අපේ ඇඟවල්වල උණුසුම දැන් අපටම දැනෙනවා.


"සීතලයි නේහ්..."


මං කිව්ව එකට එයාගෙ පිළිතුර උනේ කටේ තිබුණ දුම්පාර මගෙ මූණට පිම්බ එක. මගෙ ඇස් දැවිල්ල හැදිලා කඳුලු එනකොට, එයා කළේ හිනාවුණ එක. මට ඇත්තටම තරහ ගියා. ඒ පාර නම් එයාගෙ මූණ අවුල් උනා. 


"අනේ සොරි..."


මගෙ මූණට එබිලා එයා කිව්වා. මට ඒකෙ සිහියක් තිබුණේ නෑ. ඒ වෙලාවෙ ඒ මූණෙ තිබ්බ අහිංසක පෙනුමට මට තවත් මාව පාලනය කරගන්න බැරි උනා. මම එහෙමම ඉස්සරහට නැඹුරුවෙලා මගෙ තොල් ඒ තොල්පෙති උඩින් තිබ්බා. මගෙ ඇස් මටත් නොදැනිම පියවීගෙන ගිය නිමේශයක, ඒ තෙත ඒත් උණුසුම් තොල්පෙතිවල රසයෙන් මම අතරමං උනා. 


මම ඇස් අරිනකොට ඒ ඇස් පුදුමයෙන් මං දිහා බලාගෙන ඉන්නවා. මම ගැස්සිලා පස්සට උනා. මම ඒ කළේ වැරැද්දක්ද. අපේ යාලුකමත් අදින් ඉවරවෙයිද. මම නම් මහ බූරුවෙක්. මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. අතේ තිබුන සිගරට් එකත් අතෑරුණා. 


මම ඒ ඇස් මඟ ඇරලා ඉන්න උත්සහ කළා. එයා තියුණු විදියට මම දිහාම බලාගෙන පාඩුවෙ සිගරට් එක ඉවර කළා. ඒ ඇස්වල සැරට, වැරදිලා බලපු පාරක් දෙපාරක් මාව පිච්චිලාම ගියා. ඇයි මම හැම වෙලේම වැරදි වෙලාවල වැරදි දේවල්ම කරන්නෙ. එකිනෙකට පැටලුණු සිතුවිලි මගෙ ඔලුව විකාර කරන්න ගත්තා.


"අපි යමුද ?"


වැස්ස තාමත් වහිනවා. අපි දෙන්නටම ඒකෙ ගාණක් උනේ නෑ. අපි තෙමි තෙමීම ඉස්සරහට ගියා. ගෙවල් ගාවට එනකම්ම ආයෙ අපි අතරේ කතාවක් උනේ නෑ. 


"දුල්සිත්, මම උදේ යතුර අරන් නෑනෙ..." 


බෑග් එකට එබීගෙන එයා කිව්වා. 


"අ..අ..අම්මලා එනකම්, අපේ ගෙදරින් ඉම්මු. එන්න..."


මම පැටලි පැටලි කිව්වා. අපි ගෙදරට ගොඩ වෙනකොට වැස්ස තවත් තදින් වහින්න ගත්තා. අහස ගොරවලා අකුණු ගහන්න ගත්තා. එයා කෙලින්ම මගෙ කාමරේට ගියා.


"පුටුව උඩ ටවල් එක තියෙනවා. අරන් පිහදාගන්න..."


ඉස්සරහ දොර ලොක් කරන ගමන් මම කිව්වා. ඒත් මම කාමරේට යනකොටත් එයා කාමරේ මැද හිටගෙන හිටියා. මං දිහාම බලාගෙන. මම මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව දොර ළඟ හිටගෙන එයා දිහා බලාගෙන හිටියා. එයා හෙමින් හෙමින් මගේ ළඟ ආවා. මගෙ බෙල්ල වටේට අත දාලා, කකුල් දෙකෙන් ඉස්සිලා ඒ තොල්පෙති මගෙ තොල් උඩින් තිබ්බා.


මම ගල්ගැහුණා. මේ මොකක්ද වෙන්නෙ. ඒත් වැඩිවෙලා නොගිහින්ම මම එයාට අවනත උනා. එයාගෙ රිද්මයටම අනුගත වෙලා මමත් එයාගෙ පිට හරහා අත් යවලා එයාව මඟේ ළඟට ගත්තා. තදින් මගෙ ඇඟට තුරුළු කරගත්තා. මොහොතක් අපේ ඇස්, ඇසිපිය නොහෙලා එකිනෙක පැටළුණා. ඒ බැල්මට මාව ඇවිළෙනවා. පිච්චෙනවා. අතරමංවෙනවා.


මහ වැස්සත් එක්ක මුළු පරිසරයම සීතලෙන් වෙව්ලද්දි, කාමරේ ඇතුළේ අපි දෙන්නා ඇවිළුණා.


මම ඇඳේ වාඩිවෙලා එයා දිහා බලාගෙන හිටියා. එයා ආයෙ ඇඳුම් අඳින ගමන්. ඒ ඇඟ කොච්චර ලස්සනද. කොච්චර සර්ව සම්පූර්ණද. 


"ඇත්තමයි. මේ මගෙ පළවෙනි වතාව..."


එහෙම බලං ඉන්න ගමන් මං අහපු මෝඩ ප්‍රශ්නෙට එයා ඒ විදියට උත්තර දුනා. ඒත් මට ඒක විශ්වාස කරන්න බැරි උනා. ඒ වෙලාවෙ එයා මාව හැසිරෙව්වෙ මටවත් හිතාගන්න බැරි විදියකට. මගෙ සිතුවිලි එයාට මගෙ මූණෙන් පේන්න ඇති.


"බොරු කියලා මගෙ පිරිසිදුකම තමුසෙට ඔප්පු කරන්න, මොකෝ මම තමුසෙව කසාද බඳින්න කියලද..."


ඒ කතාවට මගෙ හදවත නතර උනා. මොකද මේ දේවල් වෙන්න කලින් ගොඩක් කාලෙක ඉඳන්ම මම එයාව බඳින එක ගැන හීන දැකලා ඉවරයි.


"ඇයි බැරිද...."


පුදුමෙන්  වගේ මම කිව්වෙ මගෙ කටහඬේ බලාපොරොත්තු කඩවුන ගතිය පුලුවන් තරම් නොදැනෙන්න.


"පිස්සුද ඔයාට... විකාර."


"ඒ ඇයි..."


"කසාද... ආදරේ... ඕව මට කෙරෙන දේවල් නෙවේ දුල්සිත්."


"ඒ ඇයි..."


"අපි කෙනෙකුට ළං උනාම, ආයෙ ඈත්වෙන දවසට ඒ අයට දුක හිතෙන නිසා..."


"ඉතිං වෙන් නොවී හැමදාමත් ළංවෙලා ඉන්න පුලුවන්නේ..."


එයා ඒකට උත්තර දුන්නෙ අමුතු හිනාවකින්. ඒ හිනාව ඇතුලෙ හැංගිලා තිබුණ දේ ඒ වෙලාවෙ මට තේරුම් ගන්න බැරිඋනා.


"මං යනවා..."


ඇඳුම් ඇඳගෙන ඉවර වෙලා එයා පොත් බෑග් එකත් අරන් නැඟිට්ටා.


"කොහෙද..."


"ගෙදර..."


"ඒත් යතුර..."


"ආ... යතුර මා ළඟ තියෙනවා..."


මම මොනව කියන්නද කියලා හිතාගන්න බැරුව දොරකඩට වෙලා එයා යන දිහා බලාගෙන හිටියා.


ඉන් පස්සෙ ආයෙමත් සුපුරුදු විදියටම කාලෙ ගෙවුණා. අපි වෙනදා වගේම වැඩ ටික කරගෙන ගියා. එයාලගෙ ගෙදර රණ්ඩු එන්න එන්නම වැඩිඋනා. එයා බැල්කනියට වෙලා අනන්තය දිහා බලාගෙන ඔහේ තනිවුනා. එයාට මාව තවත් අවශ්‍ය වෙන්න ඇති. ඒත් එයා මගේ වෙලත් මගේ ම කරගන්න බැරි එක ගැන මම පසුතැවුණා. ඒ මොහොතෙ, එයාව මට මඟඇරුණා.


එක මූසල උදෑසනක, එයා මාවයි එයාට එපාවුන මේ මුළු ලෝකෙමයි දාල යන්න ගිහින් තිබුණා. එක පුංචි බෙහෙත් පෙති ටිකක්, එයාව සදහටම මට අහිමිකරලා තිබුණා. මට ඒක විශ්වාස කරන්න බැරි උනා. එයා ජීවත්ව ඉන්නකම්ම මට වචන වලට පෙරළගන්න බැරි උන,


 "මං ඔයාට ආදරෙයි..." 


කියන වචන මගෙ ඔලුව ඇතුළෙ කෑමොරදුන්නා. ඒත් එයාට ඒව ඇහුණෙ නෑ. ආයෙ කවමදාවත් ඇහෙන්නෙත් නෑ. මං දන්නවා. මම නොකිව්වට එයා ඒක දැනගෙන හිටියා. එයත් මට ආදරේ කළා. අපේ නොවුණට අපි අපේ වෙලා හිටියෙ. ඒත් මට එයාව රැකගන්න බැරි උනා. මම පැරදුණා.


වෙනදා වගේම සුදු ගවුමක් ඇඳගෙන එයා සාලෙ මැද නිදාගෙන හිටියා. ඒ සුදු මූණ සුදුමැළිවෙලා ගිහින්. ඒත් එදා පළවෙනි දවසෙ මම දැකපු ඒ අහිංසක පෙනුම තවමත් එහෙමමයි. මම කෑගැහුවෙ නෑ. මට එච්චරකටවත් ශක්තියක් තිබුණෙ නෑ. කඳුළුවැල් මගෙ මූණ දෙපැත්තෙන් ගලාගෙන යද්දි මං එයා ඉස්සරහ හිටගෙන බලාගෙන හිටියා. කොච්චර වෙලාවක්ද කියන්න මං දන්නෙ නෑ. එයාව සදහටම මගෙන් ඈතට අරන් යනකම්ම මම එයා ළඟට වෙලා හිටියා.


ගොඩක් කාලයක් යනකම් ම මම ඔහේ ජීවත් උනා. ඒත් ටිකෙන් ටික මම හිත හදාගත්තා. එයාව මට නවත්තන්න බැරි උනා. ඒත් මාත් එක්ක හිටපු පුංචිම පුංචි කාලය හරි එයාට හයියක් වෙන්න, සතුටක් වෙන්න, ආදරේ දෙන්න මට පුළුවන් උනා. ඊටත් වඩා තව මොනවද. මං එයාට ආදරේ කළා.


ටික කාලෙකට පස්සෙ මම ලංකාවෙන් ආවා. පරණ මතක එහෙමම තියෙද්දි, අලුත් ජීවිතයක් පටන් ගත්තා. දැන් එහෙමකට සිගරට් බොන්නෙත් නෑ මම.


මෙහෙටත් ඉඳහිට වහිනවා. තාමත් මම ඒවට තෙමෙනවා. ඒත් අදටත් මම කැමතිම වැස්ස, එදා එයයි මමයි එකට තෙමුණ වැස්ස. ජීවිතේ කියන්නෙ මොකක්ද, ආදරේ කියන්නෙ මොකක්ද කියලා මට තේරුම් කරලා දුන්න එයාගෙ ඒ මතකයට, මං අදටත් ආදරෙයි, ඒ වැස්සට වගේම...❤️


-ප්‍රභාත්-

Wednesday, February 16, 2022

මඟහැරුණු නෙත්


 මට එයාව මුලින්ම හම්බෙන්නෙ IT ක්ලාස් එකේදි. සුදුපාට ඉස්කෝලෙ ඇඳුමට ඒ සුදු මූණ තවත් පාට වැටිලා තිබුණා. මුලින්ම ඒ ඇස් මගෙ ඇස් එක්ක පැටලුණු වෙලේ ටික වෙලාවක් යනකම් අපෙ ඇස් පැටලිලා තිබුණා. ඒක හරියට හීනයක් වගේ. අමුතුම හැඟීමක්. හරියට ගොඩක් කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් වගේ. 

ක්ලාස් එක ඉවර වෙනකම්ම මගෙ ඇස් තිබ්බෙ එයා ඉන්න දිහාවට. අපෙ ඇස් එකට පැටලෙන හැම මොහොතකම අපි අපිට හරි හුරුපුරුදුයි වගේ මට දැණුනා. විස්තර මොකුත්ම දන්නෙ නැති උනත්, මට හිතුනා එයාව අඳුරගන්න. ක්ලාස් ඉවර වෙනකම් ඉඳලා පොඩි කොල කෑල්ලක නම්බරේ ලියාගෙන ගියා එයා ගාවට. එයා හෙමීට පොත් බෑග් එක ලෑස්ති කරනවා. ඒ වැඩේ ඉවර කරලා බලනකොට මම ඉස්සරහ ඉන්නව දැක්කාම එයා ගැස්සුණා. 

මම ඒ ඇස් දිහා බලාගෙනම කොලකෑල්ල ඩෙස්ක් එක උඩින් තිබ්බා. ටිකක් වෙලා මගෙ ඇස් දිහා බලන් හිටපු එයා කොල කෑල්ල අරන් අතේ ගුලි කරගෙන නැඟිටලා යන්න ගියා. මම එතනම හිටගෙන එයා යනදිහා බලන් හිටියා. ක්ලාස් එකේ දොර ගාවට ගිය එයා ආයෙම හැරිලා මං දිහා බැලුවා. බලලා කට කොනකින් ලස්සන හිනාවක් දාල යන්න ගියා.

දවස් දෙකකට පස්සෙ මට එයාගෙන් මැසේජ් එකක් ආවා. එතන ඉඳන් අපි ගොඩක් දේවල් කතා කරා. එයා ටිකක් දුර ඉස්කෝලෙක. ඊළඟ දවසෙ ක්ලාස් ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩ් එකට යනකම් අපි එකට ගියා. කතා කරකර. සතියකට වතාවක් මුණගැහුනට අපි හැමදාම මැසේජ් කරා. ඉඳ හිට ෆෝන් එකෙන් කතා කරා. සති කීපයක් ඔහොම ගෙවිලා ගියා.

ක්ලාස් එකේ මං පරණ අඳුරන කොල්ලෙක් දවසක් මට අහම්බෙන් කතා කළා. ඌත් එයා ඉන්න පැත්තෙ. "මචං, ඔය කෙල්ලෙගෙ කාඩ් එක එච්චර හොඳ නෑ. පොඩ්ඩක් පරිස්සමින්..." මට හිතාගන්න බැරි උනා. මේ මාත් එක්ක කතා කරන මේ අහිංසක කෙල්ල, කාඩ් එක නරක් වෙන්න තරම් දේවල් කරයි කියන එක මට විශ්වාස කරන්න බැරි උනා. හෝ මට විශ්වාස කරන්න ඕනි උනේ නෑ. 

එක දවසක් අපි ක්ලාස් ඇරිලා කතා කර කර බස් ස්ටෑන්ඩ් එකට එනකොට එකපාරම කොල්ලො තුන් දෙනෙක් අපේ ඉස්සරහට ආව. කෙල්ල බය උනා. ඉන් එකෙක් කෙල්ලෙගෙ අතින් ඇදගෙන යන්න හැදුවා. මට මුකුත්ම හිතාගන්න බෑ. ඒත් මං ඌව වළක්වන්න හැදුවා. එහෙමම හැරිලා ඌ ගහපු පාරට මගෙ කම්මුල පුපුරන්න තරම් රිදුණා. උගෙ යාලුවො දෙන්නත් මාව අල්ලගත්ත නිසා මට මොකුත්ම කරගන්න බැරි උනා. 

මං දිහාට දබරැඟිල්ල දික්කරල තර්ජනාත්මකව බලපු කොල්ලා එයාවත් ඇදගෙන යන්න ගියා, යාලුවොත් එක්කම. මම එතෙන්ට වෙලා හිටගෙන බලාගෙන හිටියා. ඒ යන ගමනුත් එයා මං දිහා හැරිලා බැලුවා. කඳුලු පිරුණු ඇස්වල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් සටහන්වෙලා තිබුණා. එයාගෙ රූපෙ පේන මානෙන් නැතිවෙලා ගිහිනුත් ගොඩක් වෙලාවක් යනකම් මම එතන හිටගෙන හිටියා.

එදායින් පස්සෙ එයා කවදාවත් ආයෙ ක්ලාස් ආවෙ නෑ. එයාගෙ සිම් එකත් වැඩ කළේ නෑ. මට එයාව ආයෙ කන්ටැක් කරගන්න විදියක් දැනගෙන හිටියෙත් නෑ. අර ඒ පැත්තෙ කොල්ලගෙන් විස්තර අහන්නත් මට හිත හදාගන්න බැරි උනා. මොකද ඒ එයාව ඇදගෙන ගියේ කවුද කියලවත් මම දන්නෑ. එයාගෙම අයියද, පරණ කොල්ලෙක්ද, නැත්තන් මාත් එක්ක ඉන්න ගමන්ම යාලුවෙලා හිටපු තවත් කොල්ලෙක්ද... ඒ මොනවත් මම දැනන් හිටියෙ නෑ.

කාලයක් යනකම් එයා මගේ හිතේ හිටියා. ක්ලාස් එකේ එයා වාඩිවෙන්න පුරුදුවෙලා හිටිය ඩෙස්ක් එක දිහා හැමදාම බැලුවෙ, ආයෙ එයා ඇවිත්ද කියලා බලන්න. ඒත් කවදාවත් එයා ආයෙ ආවෙ නෑ. කාලයත් එක්ක මගෙ හිතිනුත් එයා අමතක වෙලා ගියා. ඒක හරි පුංචි කාලෙක සිද්ධ  වුනු හරි අමුතු කතාවක්. මගෙ හිත හදාගන්න මට ගොඩක් උදව් උනේ මගෙ පාසලේ හිටිය පෙම්වතිය. මං මූඩ් ගහලා කල්පනා කරනකොට, "ඔහොම ඉන්න එපා, ප්‍රශ්නයක් තියෙනව නම් අපි ඒව විසඳගමු, ඔයාට මං ඉන්නවනේ..." කියලා එයා හැමදාමත් මගේ හිත හැදුවා.

අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ පුංචිම පුංචි  කාලයක් මගෙ ජීවිතේ හිටපු ඒ අහිංසක කෙල්ල ඉඳ හිටලා මගෙ මතකෙට එනවා. ඒ සුදුපාට ඉස්කෝල ගවුම ඇඳගෙන, කොණ්ඩෙ කරල් දෙක බැඳගෙන. එදා වගේම අදත් හිනාවෙනවා. ඒ වෙලාවට, එදා වගේම අදත් මට ඉන්න තැන අමතක වෙනවා. අමුතුම හැඟීමක හිත පාවෙලා යනවා.

(පොටෝ එක ගූගල් එකෙන් ගත්තෙ ❤️)

Saturday, February 5, 2022

මඟහැරුණු මතකයන්


අක්කෙක් හිටියා. අපේ ගමේමයි. එතකොට මම 4 වසරෙ එයා 7. අපි ඉස්කෝල දෙකක උනත් ගියෙ එකම ස්කූල් වෑන් එකේ. ස්කූල් වෑන් එකෙන් බැහැලා අපි දෙන්න තමයි කතා කර කර ගෙදරට එනකම් එන්නෙ. අපෙ ගෙදර ගාවින් මම නවතිනවා. එයා තව ටිකක් දුර යන්න ඕනි.

මට මතක විදියට ඉස්සරලම මාත්තෙක්ක කුණුහරප විහිළු කියපු, මට වල් කතා කියල දුන්න පළවෙනි කෙල්ල තමා එයා. මට හරියටම ශුවර් නෑ. ඒත් ස්කූල් වෑන් එකේ යනකොට ඒ සිනිඳු අත්වලින් කොට කලිසම හරියෙ මගෙ කකුල් ලාවට අතගාපු, ඒ වෙනකොට රෝස පොහොට්ටු විතර සයිස් ඒ සිනිඳු පපුව මගෙ අතේ ගෑවි නොගෑවී ගියපු අතීතයක් තිබුණා වගේ  මතකයක චායාවක් මගෙ හිතේ ඉතිරිවෙලා තියෙනවා.

හවස මම ගෙදර ඉස්සරහට වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට එයා අම්මත් එක්ක පාරදිගේ යනවා. ලොකු බඩකුත් එක්ක. 

පහ වසෙරෙන් පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගිය නිසා අපේ යාළුකමත් එහෙමම නැතිවෙලා ගියා. එයාට ඒ දේවල් මතකේ තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මං කියන්නෙ, මටවත් හරියට ඒවා මතක නෑ. නිකම් චායාවක් වගේ මතකයක් විතරයි ඉතිරි.

කියන්න තේරෙන්නෙ නැති හේතුවකට මගෙ හිතට මහ බරක් දැනෙනවා. හරියට කවදාවත් යාලුවුනේ නැතිවත් පත බූට් එකක් කෑවා වගේ හැඟීමක්. අපි හිතන්නෙ නැති, අපිට දැනෙන්නෙ නැති පුංචිම පුංචි සම්බන්ධතා උනත්, ජීවිතේ පස්සෙ කාලෙක ආයෙම හැරිලා බලද්දි මහා ලොකුවට දැනෙනවා. මඟහැරුණාම රිදෙනවා.

කුතුහලය, ආශාව නිසා හරි වැරැද්දක අදහසක්වත් කරන්නෙ මොකක්ද කියන දැනුමක්වත් නැතුව, දෙන්නම දැනුවත්ව උනත් දෙන්නටම හොරෙන් වගේ ඒ පපුවෙ ලාවට රටා ඇඳපු මගෙ ඇඟිලි තුඩු, මම එයාටත් හොරෙන් හෙමීට නහයට තියලා ඉඹලා බලනවා. පරණ රෙදි, සබන්, දාඩිය මිශ්‍ර සුවඳකින් මගෙ මුළු ඇඟම අමුතු ආස්වාදයකින් පිරිල යනවා. මං ඒකට ආශා කරනවා. තවත් ටිකක් එයාට ළංවෙලා තුරුළුවෙනවා.

මතක දිගේ හිත ඇදිලා යද්දි කියාගන්න තේරෙන්නෙ නැති ඒ සුවඳ ආයෙම මගේ මතකයට හෙමීට ගලාගෙන එනවා. දුකක්ද සතුටක්ද කියල කියාගන්න තේරෙන්නෙ නැති හැඟීමකින් මුලු ඇඟම හිරිවැටිලා යද්දි, එදා ඒ විඳපු සුවඳ ආයෙම දැනෙයි කියල බලාපොරොත්තුවෙන් මම හෙමීට මගෙ ඇඟිලි තුඩු නහයට ළං කරලා ලොකු හුස්මක් ගන්නවා.

කවදාවත් අයිති නොවුණු, කවමදාවත් අයිතිවෙන්නෙත් නැති සුවඳක මතකය විතරක් හිතේ පුරවලා, ඒ හුස්ම  මගෙ පපුවෙන් එළියට ඇදිල යනවා. එයත් අම්මත් එක්ක පාරේ ඈත කොනෙන් නොපෙනී යනවා...💔