Thursday, September 17, 2015

~ආදරය~






මාතෘකාව දැක්ක ගමන් ම “ඇරඹුම ම කුලක් වෙලා......“ වගේ හැීමක් ඇතිවුණා ද? ගොඩක් දෙනාට එහෙම වෙන්න ඇති. මොකද ආදරේ කියන්නෙ ගොඩක් දෙනෙක් විවෘතව කතාකරන්න කැමති මාතෘකාවක් නෙවෙයි. අනේ මන්දා....... මමනං හරිම කැමතියි ආදරය කියන දේ ගැන කතාබහ කරන්න. අනික් අයගෙ අදහස් දැනගන්න. ඉතිං.... අපි කතා කරමු.


මොකක්ද ඇත්තටම මේ ආදරය කියන්නේ. සමහරු කියනවා දුකක් ලු, තවත් සමහරු කියනවා සුන්දරයි ලු. මොකක්ද මේ දෙකෙන් ඇත්ත. ගොඩාක් දේවල් වලට පැහැදිලි ස්ථිර නිර්වචන තියෙන මේ ලෝකෙ ඇයි මේ “ආදරය“ කියන දේ ස්ථිර නිර්වචනයක් නැති ගොඩට එකතු වෙන්නෙ.

පාසල් ප්‍රේමය සුන්දරයි“ කියනවා. තව සමහරු කියනවා “ප්‍රථම ප්‍රේමය සුන්දරයි“ කියලා. තවත් සමහරු කියනවා “ප්‍රථම ප්‍රේමය සත්‍ය ප්‍රේමයට යටපත් වෙනවා“ කියලා. 

ආදරයයි ප්‍රේමයයි කියන්නෙ එකක් නෙවේ ඒ දෙක දෙකක්“ කියලා සමහරු කියනවා.

ආදරේ සුන්දරයි“ කියන අයම තවත් ටික කාලෙකින් “ආදරේ දුකයි“ කිය කියා අනවා. ඒ තමන්ට ලැබුණු ආදරේ අහිමි උණාම. අනික් අතට ආදරෙ නොලැබී “ෆෝරෙවර් අලෝන්“,“ඉස්ටිල් වෙයිටින් ෆෝ යූ“ කියපු අය ම, තමන්ට ගැළපෙන, තමන් බලාපොරොත්තු වෙච්ච ආදරේ ලැබුණහම “ලව් යූ ෆෝරෙවර්“,“ට්රූ ලව් නෙවර් එන්ඩ්ස්“ කියලා කියනවා

ආදරේ........... මං හිතන විදිහට නොකරපු කෙනෙක් නෑ.විඳපු නැති අය ඉන්න පුළුවන්, ඒත් ආදරේ කරපු නැති අය ඉන්නවද? ඒක ඇත්තටම ප්‍රශ්නයක්. අවංකව ම කිව්වොත් විඳින්න ලැබුණු අවස්ථා අඩු උණාට, මමත් හිතපුරා ආදරේ කරපු කෙනෙක්. ඉතිං මටනං හිතෙන්නෙ ඇත්තටම “ආදරය සුන්දර වරදකී“ කියලා තමා.

මට ඇහුම්කන් දෙන්න කවුරුත් ම නැති උනාට, හො සවන්දෙන්නෙක් විදිහට මං ගොඩක් අයට උදව් කරල තියෙනවා. ආදරේ ලැබෙන උන් කියවන පම්පෝරි අහගෙන ඉන්නවා වගේම ආදරේ නොලැබෙන, නැතිවුණ අයගෙ දුක් අ‍ඳෝනා අහගෙන ඉන්නත්, පුළුවන් විදියට ඒ අයට උදව් කරන්නත් මං  පෙළඹෙන්නෙ ඇයි කියලා මට ම හිතා ගන්න බෑ. සමහර විට ඒ මං ආදරේට ආදරේ කරන හින්දා වෙන්න ඇති. ඒත් මං අත්දැකීමෙන් එක දෙයක් දන්නවා. ආදරේ වෙනුවෙන් පණ දෙන අයම, ඒ ආදරේ නොලැබෙද්දි, වෛර කරන්න වගේ ම පළි ගන්නත් පෙළඹෙනවා. හරි පුදුමයි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ විදිහට බලද්දි “ආදරයයි වෛරයයි අතරෙ වෙනස කෙස් ගහට සමානයි“ කියන කතාවෙත් ඇත්තක් තියෙනව කියල මට හිතෙනවා.

බලාගෙන යනකොට මේ හැම එකක් ම ඇත්ත. ජීවිතේ එක එක අවස්ථාවලදී මේ හැම දෙයක්ම ඇත්ත කියලා මට ම හිතිලා තියෙනවා.

එතකොට ඇත්තටම මොකක්ද මේ ආදරේ......?

කල්පනා කරගෙන කරගෙන යනකොට මට හිතෙනවා මෙන්න මෙහෙම. හැමෝම මේ ආදරේ කියන දේ විග්‍රහ කරන්නෙ තම තමන්ගෙ අත්දැකීම්වලට අනුව. මගෙ ජීවිතෙත් විවිධ අවස්ථාවල ආදරේ ගැන තිබ්බ ආකල්පය විවිධාකාරයි. ඒ කාලවල් වලදි මං හිතනවා මේ දැනෙන දේ තමයි ආදරේ කියන්නෙ කියලා. අන්න ඒ හින්දා තමයි මේ ආදරේට ස්ථිර නිර්වචනයක් නැත්තේ. 

අවසානෙ මට හිතෙන්නෙ මෙච්චරයි. අපි හැමෝම ආදරේ කරන්න ඕනි. ආදරයක් නැති ජීවිතයක කිසි ගතියක් නෑ. ආදරේ දුකයි දුකයි කිය කියා ඉන්නෙ නැතුව ඒක සතුටක්, සුන්දර දෙයක් බවට පත් කරගන්න ඕනි තමන්මයි. කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් දුක්විින එකනම් කොහොමටවත් ම අනුමත කරන්න බෑ. “ලබා ගත නොහැකි දෙයක් අත්හැරීමෙන් පිළිබිඹු වන්නේ ඔබ  දුර්වල බව නොවේ, වෙනස් කළ නොහැකි යමක් අත්හැරීමට තරම් ඔබ ශක්තිමත් බවයි“ කියලා කතාවක් මං අහලා තියෙනවා. ඒක ගොඩක් දුරට හරි මං හිතන්නේ. 

වෙන කියන්න දෙයක් නෑ ඉතිං. ආදරේ කරන්න. අවංකව. මුළු හදවතින්ම. එතකොට තමන්ටත් ඒ වගේම අවංක සුන්දර ආදරයක් විඳින්න ලැබේවි. “සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය උතුම්“ කියල කිව්වට, හම්බෙන්නෙ සොයන්නාට විතරයි. උත්සාහය අත්හරින්න එපා. දිගටම හොයන්න. මේ මං කරනව වගේ ආදරේ කියන්නෙ මොක්ද කියලා හොයන්න යන්න එපා. ලැබෙනකොට විදින්න. ඔයාටත් ලැබේවි............. සුන්දර ආදරයක්.
ප.ලි :
හදිස්සියේම මේ ආදරය කියන දේ ගැන කල්පනා උනේ, පරණ පොතක තිබිලා මීට ගොඩාක් දුර ඈත අතීතයේ දවසක, ඒ කියන්නෙ මං උසස් පෙළ කරන කාලෙ ලියපු කතාවක් හම්බුණා. ඒක මට ඒකපාර්ශවික ආදරවන්තයෙකුගේ චරිතයක් රපාන්න වෙච්ච අවස්ථාවක්. දැන් කියවලා බලනකොට මට ම තනියම හිනා යනවා. ඒ තරම් ම බොලඳයි. ඒත් ඒ ලියවිලා තියෙන්නෙ ඒ කාලෙ මගෙ හිතේ ඇතිවෙච්ච අවංක අදහස්. කාටවත් කියාගන්න බැරුව හිතේ හිරවෙච්ච ඒ සිතුවිල්ල ඊළ පෝස්ට එක හැටියට දාන්න මං හිතුවා. ඒකෙන් හමුවෙනකම්, හැමෝටම තෙරුවන් සරණයි...!

9 comments:

  1. ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට තමා, තම තමන්ට පෙන ව්දිහට තමා අර්ථ කථනය කරන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම එන්න............

      Delete
  2. ආදරේ ගැන හැමෝම කියනේ අන්ධයෝ අලියා ගැන කියපු හැටියට තමා, තම තමන්ට පෙන ව්දිහට තමා අර්ථ කථනය කරන්නේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්......... ආවට ස්තූතියි........... දිගටම එන්න............

      Delete
  3. ඒක පාර්ශවීය ආදරයක් මටත් තිබ්බ ..මමත් ලිව්ව පෝස්ටුවක් යලි අප හමුවේවි කියල ...ඔය ආදරේ ගැන සින්දු ලියන්න ගිහින් පද රචකයො කීයක් නම් දේවල් ලියල තියනවද ...මේ හැමෝටම ආදරේ කියන්නේ මොකක්ද හරියටම කියන්න බෑ ..ඒක වචනවලින් කියන්න බැරි අසන්තතික හැඟීම් ගොඩක් .....

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදිහට හැමෝටම ඒක පාර්ශවීය ආදරයක්, එහෙමත් නැත්තන් තමන්ගෙ නොවුණු තමන්ගෙම ආදරයක් තිබිලා තියනවා කවදම හරි.... ඔව්, ආදරේ කියන දේ වචන වලින් කියන්න බෑ තමයි....... ආවට ස්තූතියි....... ආයෙත් එන්න...........

      Delete
    2. ඔය ඒක පාර්ශවික ආදර කතා මටත් හැට හුටාමාරක් තිබිලා තියෙනවා..පුලුවන්නම් බලන්න මගෙ "අප්‍රකාශිත ආදරය" පෝස්ට් එක

      Delete
  4. මටත් ඒ පාර්ශවීය ආදර අන්දර නම් ගොඩක් ඒ කියන්නෙ 50% සක්සෙස්. මම ෆුල් ලව් අනික් කෙනා මම කියල එකෙක් ඉන්නවද කියල දන්නෙත් නැහැ. ඒ වගේ අති සාර්ථක ආදර අතීතයක් අතරේ මෙන්න මෙහෙම ආදරයකුත් තිබිලා කොඳ පණ නැති කමට ගිලිහිලා ගියා

    ReplyDelete
  5. සාහිත්‍යය තියෙන්නේ විප්‍රලම්භ ශෘංගාරය විදදරාගන්න කියලා කතාවක් තියෙනවනේ...... ගීතයත් ඉතාම ලස්සනයි........... ආවට බොහෝම ස්තූතියි......... ආයෙත් එන්න..........

    ReplyDelete