Tuesday, October 27, 2015

මකුළු දැල





මම බලාගෙන හිටියා. අරමුණක් නැතුව ඔහේ බලාගෙන හිටියා. ඇ‍දේ වැතිරිලා සීලිම දිහා ඔහේ බලාගෙන හිටියා. කාලයක් තිස්සෙ ප්ලෑන් කරපු දේ හරියාගෙනයි එන්නේ. මේ දේ වෙනුවෙන් මං කොයිතරම් නම් කාලයක් බලන් හිටියද...

මොකක්... කාමරේ සුද්ද කළේ දැන් සතියකට විතර උඩදි. මේං කොහෙවත් යන මකුළුවෙක් ඇවිත් සීලිමේ දැලක් බඳිනවා. මුගෙ අම්මට යකෝ. මං වටපිට බැලුවෙ කොස්ස කොහෙද කියලා. එතකොටම තමයි ෆොන් එක රිංග් වෙන්න පටන් ගත්තෙ. හුටා... කල්පනා කර කර ඉලම වෙලා ගිහිල්ලා. දැන් අය මකුළු දැල් කඩකඩා ඉන්න වෙලාවක් නෑ. සුබ කටයුත්තකට යනකොට පරක්කු වෙන්න හොඳ නෑ. මේ වගේ වැඩකට යනකොටනං කොහොමත් පරක්කු වෙන්න හොම නෑ කියලා මං අත්දැකීමෙන් දන්නවා.

ආපහු ආව ගමන් මං කරේ ඇට වැටිච්ච එක. ඒකත් හරි. ආයෙ ඉතිං එයාට මාව අතාරින්න බෑනේ. පව්... කෙල්ල ඇඬුවත් එක්ක. කමක් නෑ ඉතිං ඒකි අතාරින්නෑනෙ මං මොනා උණත්. මොනවා... උදේ යනකොට චුට්ටක් තිබ්බ මකුළුදැල දැං හෙන ලොකුයිනේ. මූනං යකාගෙ මුකුළුවෙක්. හෝ ගාලා වැඩ. දැං අයෙ ‍ඕක කඩන්න නැගිටින්නත් කම්මැලියි. කමක් නෑ පස්සෙ සුද්ද කරනවා. මට එහෙම්ම ම නින්ද ගියා.
~ ~ ~
එදා ඉන් හැමදාම උදේ පාන්දර නැගිටපු ගමන්ම මට පෙණුනෙ ඒ මකුළුදැල. මොන හේතුවක් හින්දද මන්දා මට ඒක කඩලා දාන්න අවස්ථාවක් හම්බුණේම නෑ. පස්සෙ පස්සෙ මට ඒ කඩල දාන්න හිතුණෙ නෑ. මං පුරුද්දක් විදිහට ඒ දිහා බලන් හිටියා. උදේට, දවල්ට, හවසට, රෑට කියලා වෙනසක් නෑ ඇට වැටුණ හැම වෙලේම මගෙ ඇස් නැවතුණේ එතන. කොහොමත් මගෙ ජීවිතෙන් වැඩි හරියක් ගෙවුණෙ ඇදේම හින්දද කොහෙද මං ඒ දිහා බලන් හිටියා. ඒක නිකංම නිකං මකුළු දැලක්. කිසි පිළිවෙලක් නෑ. අඩුගානෙ අර කාටුන් වල වගේ ලස්සනක්වත් නෑ. එකම අපිළිවෙල දැල් ගොඩක් විතරයි. ඒත් ඒක හරි හයියයි කියලා මට තේරුණා. ඒ විතරක් නෙවේ ඒක එන්න එන්නම ලොකු වුණා.

ඌ නිකංම නිකං මකුළුවෙක් විතරයි. ලොකුත් නෑ. ලස්සනත් නෑ. විෂත් නෑ. ඒත් මට හිතුණ විදිහට ඌ තමන්ගෙ වැඩේ හරියට කළා. මුලින්ම පොඩියට තිබ්බ දැල ඌ කොච්චර ලොකු කළාද? මට ම පුදුමයි. මුලින්ම දැලේ පැටළුණේ ඇහැට පේන්නෙත් නැති ගාණෙ පුංචි ම පුංචි සත්තු. ඒත් ඌ එතනින් නැවතුණේ නෑ. දැල තව තව ලොකු කළා. ඊට පස්සෙ ටික ටික ලොකු සයිස්වල සත්තු අහුවෙන්න ගත්තා. චූටි මැස්සො, මදුරුවො නිතරම වගේ දැලේ පැටළුණා. 

දැලට පැටලෙන හැම සතාම ගැළවෙන්න දැගලුවා. ඒකෙන් වෙන්න සතා තව තවත් දැලේ පැටලෙන එක. එතකොට ම මකුළුවා එතෙන්ට ආවම ආයෙ සතාට ගැළවීමක් නෑ. ඊට පසුසෙ මකුළුවා සතාව රෝල් කර කර ඌ වටේට දැල් ඔතනවා. ටිකකින් සතාගෙ සද්දෙයි දැලිල්ලයි නවතිනවා. ඌ ඉවරයි. පස්සෙ දකින්න හම්බෙන්නෙ දැල් එතිච්ච රොඩ්ඩක් විතරමයි.  වැඩි කල් නොයා දැල පුරාම එහෙම මැරිච්ච සත්තුන්ගෙ රොඩු තිබුණා. ඒව පෙනි පෙනී ම තවත් සත්තු ඇවිත් දැලේ පැටළුණා.
~ ~ ~
මට හිතාගන්න බෑ මේ කෙල්ල මොනවගේද කියලා. අනික් හැමොට ම වඩා වෙනස්නෙ. දැං කොච්චර කල් වෙනවද. ෂිහ්... තාම අතින් අල්ලන්නවත් දෙන්නෙ නෑ හරියට. රූම් එකකට තියා ෆිල්ම එකක් බලන්න යන්නවත් කැමති නෑනේ. මේකනං හරියන වැඩක් නෙවේ. තව ටික දවසක් බලලා අතෑරලා දාන්න ඕනි. රෙද්ද. ඒත් මතක් වෙද්දි අතාරින්න හිතෙන්නෙත් නෑ. කරුමේ. අනික විලිලැජ්ජාවෙ බෑ ඔච්චර කරපු මට මේකි අතාරින්න උණා කිව්වොත්. කමක් නෑ බලමුකෝ. ගොඩක් වෙලා ඇදේ පෙරලි පෙරලි ඉලා අන්තිමේ මට නින්ද ගියා.

මොන කරච්චලයක්ද මේ උදේ පාන්දර. ගොඩක් වෙලා ඉවසලා ඉවසලා බැරිම තැන මං ඇස් ඇරලා බැලුවා. මැෂින් එකක් ස්ටාට් කරල වගේ. ඊයෙ රෑ හරියට නින්ද ගියෙත් නැති හින්දා ඇටත් අමාරුයි. ඒ මදිවට මේ මුල් සද්දෙ. කොහෙන්ද එන්නෙ. වටපිට බැලුව මට ඉබේම උඩ බැලුණා. හයියෝ රෙද්ද. මේ කරුම මකුළු දැලට ගෙමැස්සෙක් අහුවෙලා නේද? ඒකා බේරෙන්න දලනවා. මකුළුවා දාගෙන රෝල් කරනවා. ඒපාරනම් මගේ ඉවසීම නැති උනා. කාමරේ මුල්ලෙ තිබ්බ කොස්ස ඇදලා ගත්තා. එකපාරයි දෙපාරයි. මකුළුදැල ඉවරයි. මකුළුවා හොයන්නත් නෑ. සමහරවිට මැරුණද දන්නෙත් නෑ.

හම්මෙ යන්තම් ඇති. අයියෝ වෙලාව තාම අටාමාරයිනේ. මං ආපහු ඇට වැටුණෙ තව ටිකක් නිදාගන්න කියලා. නොද්දකිං. ආයෙත් ඒ කරුම සද්දෙ නේද. ඒපාර පහළින් අහෙන්නෙ.  මං බිමට එබිල බැලුවා. සික් මේ කරුමක්කාර මැස්සා ඇගේ තියෙන මකුළු දැල් ටික ගලවගන්න බැරිව දලනවා. චුරු වෙන්න එකක් දීලා දාන්නත් හිතලා, අයෙම මම නැගිට්ටා. ගත්තා මැස්සව අතට. හෙමීට ඇිලි තුඩුවලින් අල්ලලා උගෙ ඇ‍ගේ තිබ්බ දැල් ටික ඇදලා දැම්මා. හ්ම්... මේන්න මේකා අයෙම දලලා ගිහින් අතින් බිමට වැටුණා. දෙපාරක් තුන්පාරක් උඩපැනලා එකපාරම පියාඹලා යන්න ගියා. හ්ම්... ඒ කරුමෙත් ඉවරයි. නිදිමතත් නැතුව ගියා.

අදවත් මොකුත් කරගන්න බලන්න ඕනි. දැං ඉතිං කොහොමත් එකයි හින්දා අන්තිම තුරුම්පු ටිකත් ගහලා දාලම බලන්න තමයි තියෙන්නෙ. මං බුරුසුවත් අරන් මූණ හොදගන්න ගියේ. නෙද්දකිං. මාරි ඇන්ටි අදත් වතුර වහලා. මං හෙමීට බිත්තියෙන් අත දාල ඇතුලෙන් ටැප් එක ඇරගත්තා. ඒ උනාට සල්ලි ගනිද්දිනං බලන්න ඕනි ගෑණිගෙ රෙස්පට්. කරුමෙට මෙතන වැටිල ඉන්නෙ. හරියට වැඩක් සෙට් වෙච්ච ගමන් වෙනතැනක් හොයාගන්න ඕනි. 

ුම් අදින ගමනුත් මං කල්නා කරේ සල්ලි ටිකක් හොයාගන්න විදිහක් ගැන. අතේ තිබ්බ සතපහත් ඉවරවීගෙන යන්නෙ. මං පර්ස් එක ඇරලා බැලුවා. පර්ස් එක ඇතුලෙ තිබ්බ දේ දැකලා මට ම හිනා ගියා. මේක දැන් කී දවසක් තිස්සෙද පර්ස් එක ඇතුලෙ වේලෙන්නේ. කමක් නෑ බලමුකෝ. එතකොටම වාහනයක් ඇතුලට හරවලා නවත්තන සද්දෙයි කවුරු හරි මාරි ඇන්ටිත් එක්ක කතා කරන සද්දෙයි ඇහුණා. හ්ම්... බෝඩිමක් හොයනව වෙන්නැති.

එතකොටම තමයි මගෙ කාමරේ දිහාවට කවුරු හරි ඇවිදන් එන සද්දෙත් එකකම කවුදෝ මගෙ දොරට තඩිබාන්න පටන් ගත්තෙ.

“අඩෝ දොර ඇරපන් යකෝ...“

ඒ පාර මොන මරාලයක්ද පාත් වෙන්න යන්නේ.

“කවු ද?“

මං දොර ලාවට ඇරලා එළිය බලන ගමන් ඇහුවා.

“කවු ද? කවු ද කියලා පෙන්නන්න වරෙං පකයා එළියට...“

දොර ඇතුළට තල්ලු කරන ගමන්ම හයිය අතක්  ඇවිදින් මගෙ කොලර් එකෙන් ඇදලා එළියට ගත්තා. මං එළියට ඇදිල ගියේ පාවෙලා වගේ. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් මට වෙලාවක් තිබ්බෙ නෑ.

“තොගෙ අම්මට @#%$......... තෝ කෙල්ලො අමාරුවෙ දාලා හැමදාම හැංගිලා ඉන්නද හිතුවෙ පකයෝ......... බලපන්කෝ දැං මීයා වගේ බලන අපූරුව.“

මරුමුස් මූණූ ටිකක් මැද්දෙ අසරණ විදිහට බලන් ඉන්නවා ඇරෙන්න මට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. කම්මුල් දෙපැත්තට හෙණ පාරවල් වගේ අතුල් පාරවල් දෙකක් වැදෙද්දි හතර වටෙන් ම ඇපුරා හයේ හතරෙ පාරවල් වැදෙන්න ගත්තා. එකපාර ම මං දැක්කෙ මිටමොළවපු අතක් මූණ කෙලින් එනවා විතරයි. මුළු මූණම හිරිවැටිලා ගියා.

වටේ ඔක්කොම අුරු වීගෙන යනවා මට දැණුනා.
     

27 comments:

  1. මොන හු*** ද ඒ වුණේ... මකුළුවට සොට් එක දුන්නට උට බැස්ටියපහම්බුණා කියන්නත් බෑ.. නැත්තං කාගෙ හරි ටිං කිරි තලියක්ද උගෙ ඇගේ ගෑවුණේ...
    සමහර විට පත්තිනි උන්දැ වගේ ඉදල වෙන වෙන ජවුසමක් නැටුවද මංද..
    හැබෑටම උට මක්කද කොල්ලො වුණේ...

    ReplyDelete
    Replies
    1. දැං තමා කතාව තේරුණේ..
      පේනවනෙ කොයිතරං ටියුබ් ලයිට්ද කියල.. හය්යෝ විලිලැජ්ජාවෙ බෑ...

      Delete
    2. හෙහ් හෙහ් ගණන් ගන්න එපා අයියා. හැමෝටම වෙලාවකට ටියුබ් ලයිට් වෙනවනේ..... අන්තිමේ හරි තේරුණානං ඒ ඇතිනෙ.

      Delete
  2. මකුළු දැලේ පැටලුනා නේද කොලුවෝ , හැක

    පට්ට , නියමෙට කතාව ගොඩ නැගල තියෙනවා අ.ආ. මකුළු දැල සංකේතයක් හැටියට ඉතාම ප්‍රබලව යොදාගෙන තියෙනවා , නියමයි

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි පවුලූෂයියා...........

      Delete
  3. //@#%$// මේක රහස් අකුරෙන් ලියුවාට

    //පකයෝ// කියලා ඒළිපිටම ලියනවා නේද??? ඒකත් හරි.... පාර්ලිමේන්තුවේ භාවිතා වෙන වැදගත් වචනයක් වෙච්චි ඒකේ අපිට බ්ලොග් වල ලියන්න බැරියෑ නේද????? දැන් ඒ ප-යා සද්ද නෑ නේද????

    ReplyDelete
    Replies
    1. ඔව් කරුටු අයියා..... අනික් වචනත් පාර්ලිම්න්තුවේ පාවිච්චි වෙන්න ගත්තාම ඒවත් එළිපිට ම දානවා. දැනට අරක විතරයි පුළුවන්................

      Delete
  4. ඔන්න මචං එන්න වුන වෙලාව..අද ඒතරමට වැඩ...
    කතාව නියමෙනුත් නියමෙට ලියලා....
    මටනම් මකුලු දැල් කැඩිල්ල එපාවෙලා තියෙන්නේ....මුන් මම දවස් දෙකක් නැතිවුනාම මොනිටරෙ වටෙත් දැල් බදිනවා...

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි මනෝ අයියා............ හැබැයි ඉතිං මකුළු දැලක් නැති කාමරේක කිසි ගතියක් නෑ අනේ......... ඒ හින්දා මමනං වැඩිය දැල් කඩන් නෑ...............

      Delete
  5. ආ පර්ස් එකේ තිබ්බේ මොකක්ද? ප්‍රීතී පුරෝහිත ප්‍රීතී ද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මමත්නං හරියට දන්නෙ නෑ බණ්ඩයියා...... ඔය වෙච්ච එකා කිව්ව විදිහට තමා ලිව්වේ.......... ප්‍රීති පුරෝහිත කියන්නෙ මොනවද ? මම දන්නෙ නෑනේ...............

      මහේෂ් : ඒ කියන්නෙ ඔයා දන්නවා ඈ......... මම කිව්වෙ ප්‍රීති පුරෝහිත ගැන.............

      Delete
  6. ගැලපීම නියමයි.. අයියෝ මකුළු දැල .....

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි.......... දැල් ඉතිං කෝමත් කවදා හරි කැඩෙනවා........ ස්ථිර නෑ...............

      Delete
  7. මු අනුන්ගෙ පරිප්පුවක් කර ගැහැව්වද?

    ReplyDelete
    Replies
    1. තරහ නොවී හැකිනම් තා එක පාරක් කියෝල බලන්න මෙන්ඩයියා........ එතෝට තේරෙයි. ඒමත් නැත්තං මහේෂ් අයියගෙන් අහන්නකෝ.......... එයා ඔක්කෝම දන්නවා...........

      Delete
  8. දැන් හරිනෙ. කාල හිටහංකො.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පලදෙයි දාසක කළකම්.......

      Delete
  9. සැප කණේ! ඔහොම දැල් වියෙනවා බං අපි නොදැනිම. ආදරයනං මන්දා රාගයනං අන්ධයි. නියමෙට සමාන්තරව සිද්ධි ගලපලා තියෙනවා. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ...//ආදරයනං මන්දා රාගයනං අන්ධයි. //...

      ප්‍රායෝගික අත්දැකීම් බහුල පුද්ගලයෝ යමක් කියන්නේ නිකමට නෙමෙයි..ෂොට් එක හම්බවෙලා වගේ කොහේදි හරි

      Delete
    2. බෝම ස්තූතියි මදාවියයියා........ ඒකනං සිරා කතාවක් ඈ........ ආදරයනං මන්දා රාගයනම් අන්ධයි......... ඇත්ත තමා අපිටත් නොදැනි ඉබේම දැල් වියෙන අවස්ථාත් නැතුව නෙවේ. සත්තු පි්‍යාඹලා ඇවිත් බලෙන්ම දැලේ පැටලෙනවානම් කනවා ඇරෙන්න මකුළුවා වෙන මොනව කරන්නද නේහ්.............

      මනෝ : හෙහ් හෙහ් ළගදි කෙසේවෙතත් කවද හරි ප්‍රාෙයා්ගිකව ඔය හැමදේම කාලා තියෙන හින්දා නේන්නම් අර සුපිරියටම එකක් ලියන්නෙ ඇත්තම වගේ කතාවක්..............

      Delete
  10. අවංක ආර්යන් මගෙ බ්ලොග් එක පැත්තෙ ආවත් මට එන්නම බැරි වුනා. අද තමයි ආවෙ.

    සුබ පැතම් ඔබට.

    ReplyDelete
    Replies
    1. ආවට බෝම ස්තූතියි, සාදරයෙන් පිළිගන්නවා අක්කේ........ දිගටම එන්න.............

      Delete
  11. පුදුම කැපවීමකින් දැල එලලා තියෙන්නේ. සංකේත භාවිතය අපූරුයි ආර්යන්.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ම ස්තූතියි ඩූඩ් අයියා.......

      Delete