Friday, July 22, 2016

ආයෙත් වරක්....

කාලෙට පස්සෙ ඔන්න ආපහු විවේකයක් ලැබුණා. හරියටම කිව්වොත් විවේකයක් ම නෙවෙයි, දුවන වේගෙ පොඩ්ඩක් විතර අඩුවුණා. ඉතිං කොහොම ද? මාව මතකනම් නැතුව ඇති වැඩියම. මොකද බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා විරයි ඒක අතෑරලා දාලා යන්න උනානෙ. කමක් නෑ. ජීවිතේ ඕම තමයි නෙහ්?

 කෙලවීම කලාවක් නම් මං එහි පිකාසෝ කියලා කියන බොහොමයක් දෙනා දන්නෙ නෑ කෙලවීම කියන්නෙ හැමෝටම පොදු දෙයක් කියලා. කෙලවෙන එක පොදුයි. ගොඩයන වගකීම තමන්ගෙ අතේ තමයි තියෙන්නෙ. අන්න ඒකයි ජීවිතේ කියන්නෙ.

අර කතාවක් තියන්නෙ ගඟක් උනත් ලස්සන වෙන්නෙ ගල්පර බාධක වැඩි උනාම කියලා. අන්න ඒක හිතේ තියාගෙන “ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ“ කියලා පාඩුවේ තමන්ගෙ ගමන යන එකයි කරන්න ඕන. කොහොමින් කොහොම හරි අවුරුද්දකට ආසන්න කාලෙකට පස්සෙ මෙන්න මං ආපහු.


පොඩ්ඩක් අතුපතු ගාල දූවිලි ටිකක් එහෙම පිහලා දාල ගත්තාම මේ තියෙන්නෙ මගෙ බ්ලොග් එක තිබ්බා වගේම. නියමයි. එහෙනම් ඔන්න ආපහු වැඩ පට්ටාන් ගන්නයි යන්නෙ. දැන් ඉතින් හෙමීට එක දෙක පොස්ට් වැටෙයි. හැමෝටම ආරාධනා කරනවා ආයෙම පොඩ්ඩක් මේ පැත්තෙ ඇවිත් යන්න එන්නෙයි කියලා.

වැඩ ටික ටික අඩුවෙලා ගිහින් පොඩ්ඩක් විතර විවේක ගන්න කියලා මං ලැහැස්ති උනේ පහුගිය ඇරියස් කවර් කරන්නත් එක්ක එක දිගට සති දෙක තුනක් නිදා ගන්න කියලා. දෙයියනේ කියලා ඇඳට ගොඩවෙන්න හදන කොට ම........ මෙන්න මේසෙ උඩ පොත් ටිකක්. එකක් දෙකක් නෙවෙයි තුනක් ම.

මහන්සිය, නින්ද කොහ ගියාද නෑ කියල කිව්වොත් ඒක පට්ටම අමු බොරුවක්. ඒත් ඒ දෙකම පරද්දන්න පුලුවන් දෙයක් තමයි පොතක් කියන්නෙ. අවංකවම. පොත් තුනම මං කැමතිම මාතෘකාවක් ගැන. පුද්ගල සංවර්ධනය. පොත් තුනේ ම කතුවරයා කැළුම් වැලිගම.

මුලින් ම මගෙ ඇහැයි හිතයි දෙක ම ගියෙ මෙන්න මේ පොතට. එක හුස්මට කියවගෙන යා යුතු ජාතියෙ පොතක් නොවුණත්, මං නින්ද සහ පොත යන දෙක ම බැලන්ස් කරගෙන පොත කියවලා අවසාන කළා. පොතේ තුන්වන පරිච්ජේදයේ කොටසක් මෙන්න මෙතනින් ඔබට කියවන්න පුළුවන්.



මේ මට දැනෙන දේ. “තරඟයේ වීරයා“,  හුදු ධනාත්මක චින්තනය කියන දෙයින් එහාට ගිය වටිනාකමක් මේ පොතේ මම දකිනවා. එක මෙහෙමයි කියලා කියන්න මට හරියට ම බෑ. ඒ නිසා මං කියන්නෙත් නෑ. නමුත් අවස්ථාවක් ලැබුණොතින් අනිවාර්යෙන් ම කියවලා බලන්න.



මේ පොත් දෙකට නම් තවම අත තිබ්බේ නෑ. නමුත් මට හිතෙනවා ඒවත් උපරිමෙන් ම ඇති කියලා. “ජීවිතය වෙනස් කරන කතා“ 1 සහ 2. ඒ හැරුණා ම කතුවරයාගෙ තවත් පොතක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා “මහමොළකාරයෝ“ නමින්. ඒකත් ලබා ගන්න ඕන.

මේ දිනවල පුවත් පත් ලිපිවලින් සහ රූපවාහිනී වැඩසටහන්වලින් මේ කතුවරයා නිතරම දැකගැනීමට ලැබෙනවා. ඊට අමතරව ඔහුව ඔබට “Kelum Weligama“  යන ගිණුමෙන් සහ “ Man of the Match“ යන පිටුවෙන් ෆේස් බුක් සමාජ ජාලයේ දී සම්බන්ධ කරගන්න පුළුවන්. 

මේක කොහෙත් ම මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමක් නොවෙන අතර ප්‍රයෝජනවත් යැයි සිතුණ යමක් පිළිබඳ තොරතුරු බෙදා හදා ගැනීමේ අවංක චේතනාවෙන් පළ කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න...


දැං ඉතින් ඉස්සරහට දිගටම හමුවෙන්න හැකියාව තියෙන නිසා, එතෙක් සමුගන්නම්. ඉක්මනින් ම නැවත හමුවෙමු. එතෙක් හැමෝටම ජයෙන් ජය...!!!

18 comments:

  1. අහ්හ් මේ අර ආර්යන් නෙ :D කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තේ ආපුවම මේ කට්ටියත් ආයෙ ඇවිල්ලනේ :) සතුටුයි සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.... මේ පැත්තෙ ආවට අපිටත් සතුටුයි හොදේ....

      Delete
  2. මටත් කාලෙකින් බ්ලොග් පැත්ත මතක් වුනා. ඔන්න ආර්යන් මාත් කියවල ගියා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... එසේම වේවා... ඔන්න අපිත් ඇවිත් ගියා....

      Delete
  3. අම්ම ගායි.... එල ද බ්‍රා....

    ReplyDelete
  4. ආරි මල්ලි සෑහෙන කාලෙකට පස්සේ. මට වැඩි වෙලා ඉන්නේ බං බිලොග් බලන්න වෙලාවත් අඩුයි. බැලුවත් කොමන්ටුවක් කොටා ගන්නවත් වෙලාවක්වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා... සෑහෙන කාලෙකින්... එලම, වැඩ අඩු උනාම ආයෙත් ලියමු...

      Delete
  5. ඔත්තුවට ස්තුති...

    ReplyDelete
  6. දිගටම ලියන්න එහෙනම්.. ධනාත්මක චින්තනය උන්මාදයක් කර නොගත යුතු මුත් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා නම් බොහෝ ගැටලු විසඳෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි... ධනාත්මක චින්තනයනම් මන්දා,පුද්ගල සංවර්ධන මනෝ විද්‍යාවටනම් මං පට්ට ලයික්...

      Delete
  7. බ්ලොග් අතර සැරිසරන එක බ්ලොග් ලියන එක විවේකය ගත කරන්න හොඳ මාර්ග දෙකක් ඉතින් ඉඩ ලැබෙන හැටියට මොනවහරි ලියන්න ...

    තොරතුරටත් ස්තුතියි.. පොත් ටික හොයා ගන්න බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා... එසේම වේවා... විවේකය ගත කරන්න ක්‍රම කොච්චර තිබ්බත් වැඩක් නෑ අප්පා විවේකයක් නැති උනාම... හෙක්

      Delete
  8. Replies
    1. එසේම වේවා... මිත්‍රයා...

      Delete
  9. අදයි මේ පැත්තේ ආවේ...ධනාත්මකව හිතීමෙන් ජීවිතේ අරමුණු වලට ලඟා වෙන්න පහසුයි...ඒත් සමහර විට යථාර්තය ඊට වෙනස් වෙන්න පුළුවන්...පොත් ගැන තොරතුරට ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්. කොච්චර ධනාත්මක උනත් වැඩක් නෑ සමහර වෙලාවට ජීවිතේ දෙනවා රිදෙන්න. ඒ වෙලාවට ධනාත්මක කැලේ.... මේ පැත්තෙ ආවට ස්තූතියි.

      Delete