Wednesday, February 16, 2022

මඟහැරුණු නෙත්


 මට එයාව මුලින්ම හම්බෙන්නෙ IT ක්ලාස් එකේදි. සුදුපාට ඉස්කෝලෙ ඇඳුමට ඒ සුදු මූණ තවත් පාට වැටිලා තිබුණා. මුලින්ම ඒ ඇස් මගෙ ඇස් එක්ක පැටලුණු වෙලේ ටික වෙලාවක් යනකම් අපෙ ඇස් පැටලිලා තිබුණා. ඒක හරියට හීනයක් වගේ. අමුතුම හැඟීමක්. හරියට ගොඩක් කාලෙක ඉඳන් දන්න අඳුනන කෙනෙක් වගේ. 

ක්ලාස් එක ඉවර වෙනකම්ම මගෙ ඇස් තිබ්බෙ එයා ඉන්න දිහාවට. අපෙ ඇස් එකට පැටලෙන හැම මොහොතකම අපි අපිට හරි හුරුපුරුදුයි වගේ මට දැණුනා. විස්තර මොකුත්ම දන්නෙ නැති උනත්, මට හිතුනා එයාව අඳුරගන්න. ක්ලාස් ඉවර වෙනකම් ඉඳලා පොඩි කොල කෑල්ලක නම්බරේ ලියාගෙන ගියා එයා ගාවට. එයා හෙමීට පොත් බෑග් එක ලෑස්ති කරනවා. ඒ වැඩේ ඉවර කරලා බලනකොට මම ඉස්සරහ ඉන්නව දැක්කාම එයා ගැස්සුණා. 

මම ඒ ඇස් දිහා බලාගෙනම කොලකෑල්ල ඩෙස්ක් එක උඩින් තිබ්බා. ටිකක් වෙලා මගෙ ඇස් දිහා බලන් හිටපු එයා කොල කෑල්ල අරන් අතේ ගුලි කරගෙන නැඟිටලා යන්න ගියා. මම එතනම හිටගෙන එයා යනදිහා බලන් හිටියා. ක්ලාස් එකේ දොර ගාවට ගිය එයා ආයෙම හැරිලා මං දිහා බැලුවා. බලලා කට කොනකින් ලස්සන හිනාවක් දාල යන්න ගියා.

දවස් දෙකකට පස්සෙ මට එයාගෙන් මැසේජ් එකක් ආවා. එතන ඉඳන් අපි ගොඩක් දේවල් කතා කරා. එයා ටිකක් දුර ඉස්කෝලෙක. ඊළඟ දවසෙ ක්ලාස් ඇරිලා යනකොට බස් ස්ටෑන්ඩ් එකට යනකම් අපි එකට ගියා. කතා කරකර. සතියකට වතාවක් මුණගැහුනට අපි හැමදාම මැසේජ් කරා. ඉඳ හිට ෆෝන් එකෙන් කතා කරා. සති කීපයක් ඔහොම ගෙවිලා ගියා.

ක්ලාස් එකේ මං පරණ අඳුරන කොල්ලෙක් දවසක් මට අහම්බෙන් කතා කළා. ඌත් එයා ඉන්න පැත්තෙ. "මචං, ඔය කෙල්ලෙගෙ කාඩ් එක එච්චර හොඳ නෑ. පොඩ්ඩක් පරිස්සමින්..." මට හිතාගන්න බැරි උනා. මේ මාත් එක්ක කතා කරන මේ අහිංසක කෙල්ල, කාඩ් එක නරක් වෙන්න තරම් දේවල් කරයි කියන එක මට විශ්වාස කරන්න බැරි උනා. හෝ මට විශ්වාස කරන්න ඕනි උනේ නෑ. 

එක දවසක් අපි ක්ලාස් ඇරිලා කතා කර කර බස් ස්ටෑන්ඩ් එකට එනකොට එකපාරම කොල්ලො තුන් දෙනෙක් අපේ ඉස්සරහට ආව. කෙල්ල බය උනා. ඉන් එකෙක් කෙල්ලෙගෙ අතින් ඇදගෙන යන්න හැදුවා. මට මුකුත්ම හිතාගන්න බෑ. ඒත් මං ඌව වළක්වන්න හැදුවා. එහෙමම හැරිලා ඌ ගහපු පාරට මගෙ කම්මුල පුපුරන්න තරම් රිදුණා. උගෙ යාලුවො දෙන්නත් මාව අල්ලගත්ත නිසා මට මොකුත්ම කරගන්න බැරි උනා. 

මං දිහාට දබරැඟිල්ල දික්කරල තර්ජනාත්මකව බලපු කොල්ලා එයාවත් ඇදගෙන යන්න ගියා, යාලුවොත් එක්කම. මම එතෙන්ට වෙලා හිටගෙන බලාගෙන හිටියා. ඒ යන ගමනුත් එයා මං දිහා හැරිලා බැලුවා. කඳුලු පිරුණු ඇස්වල කියාගන්න බැරි මොකක්දෝ දෙයක් සටහන්වෙලා තිබුණා. එයාගෙ රූපෙ පේන මානෙන් නැතිවෙලා ගිහිනුත් ගොඩක් වෙලාවක් යනකම් මම එතන හිටගෙන හිටියා.

එදායින් පස්සෙ එයා කවදාවත් ආයෙ ක්ලාස් ආවෙ නෑ. එයාගෙ සිම් එකත් වැඩ කළේ නෑ. මට එයාව ආයෙ කන්ටැක් කරගන්න විදියක් දැනගෙන හිටියෙත් නෑ. අර ඒ පැත්තෙ කොල්ලගෙන් විස්තර අහන්නත් මට හිත හදාගන්න බැරි උනා. මොකද ඒ එයාව ඇදගෙන ගියේ කවුද කියලවත් මම දන්නෑ. එයාගෙම අයියද, පරණ කොල්ලෙක්ද, නැත්තන් මාත් එක්ක ඉන්න ගමන්ම යාලුවෙලා හිටපු තවත් කොල්ලෙක්ද... ඒ මොනවත් මම දැනන් හිටියෙ නෑ.

කාලයක් යනකම් එයා මගේ හිතේ හිටියා. ක්ලාස් එකේ එයා වාඩිවෙන්න පුරුදුවෙලා හිටිය ඩෙස්ක් එක දිහා හැමදාම බැලුවෙ, ආයෙ එයා ඇවිත්ද කියලා බලන්න. ඒත් කවදාවත් එයා ආයෙ ආවෙ නෑ. කාලයත් එක්ක මගෙ හිතිනුත් එයා අමතක වෙලා ගියා. ඒක හරි පුංචි කාලෙක සිද්ධ  වුනු හරි අමුතු කතාවක්. මගෙ හිත හදාගන්න මට ගොඩක් උදව් උනේ මගෙ පාසලේ හිටිය පෙම්වතිය. මං මූඩ් ගහලා කල්පනා කරනකොට, "ඔහොම ඉන්න එපා, ප්‍රශ්නයක් තියෙනව නම් අපි ඒව විසඳගමු, ඔයාට මං ඉන්නවනේ..." කියලා එයා හැමදාමත් මගේ හිත හැදුවා.

අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ පුංචිම පුංචි  කාලයක් මගෙ ජීවිතේ හිටපු ඒ අහිංසක කෙල්ල ඉඳ හිටලා මගෙ මතකෙට එනවා. ඒ සුදුපාට ඉස්කෝල ගවුම ඇඳගෙන, කොණ්ඩෙ කරල් දෙක බැඳගෙන. එදා වගේම අදත් හිනාවෙනවා. ඒ වෙලාවට, එදා වගේම අදත් මට ඉන්න තැන අමතක වෙනවා. අමුතුම හැඟීමක හිත පාවෙලා යනවා.

(පොටෝ එක ගූගල් එකෙන් ගත්තෙ ❤️)

Saturday, February 5, 2022

මඟහැරුණු මතකයන්


අක්කෙක් හිටියා. අපේ ගමේමයි. එතකොට මම 4 වසරෙ එයා 7. අපි ඉස්කෝල දෙකක උනත් ගියෙ එකම ස්කූල් වෑන් එකේ. ස්කූල් වෑන් එකෙන් බැහැලා අපි දෙන්න තමයි කතා කර කර ගෙදරට එනකම් එන්නෙ. අපෙ ගෙදර ගාවින් මම නවතිනවා. එයා තව ටිකක් දුර යන්න ඕනි.

මට මතක විදියට ඉස්සරලම මාත්තෙක්ක කුණුහරප විහිළු කියපු, මට වල් කතා කියල දුන්න පළවෙනි කෙල්ල තමා එයා. මට හරියටම ශුවර් නෑ. ඒත් ස්කූල් වෑන් එකේ යනකොට ඒ සිනිඳු අත්වලින් කොට කලිසම හරියෙ මගෙ කකුල් ලාවට අතගාපු, ඒ වෙනකොට රෝස පොහොට්ටු විතර සයිස් ඒ සිනිඳු පපුව මගෙ අතේ ගෑවි නොගෑවී ගියපු අතීතයක් තිබුණා වගේ  මතකයක චායාවක් මගෙ හිතේ ඉතිරිවෙලා තියෙනවා.

හවස මම ගෙදර ඉස්සරහට වෙලා ෆෝන් එක ඔබ ඔබා ඉන්නකොට එයා අම්මත් එක්ක පාරදිගේ යනවා. ලොකු බඩකුත් එක්ක. 

පහ වසෙරෙන් පස්සෙ මම වෙන ඉස්කෝලෙකට ගිය නිසා අපේ යාළුකමත් එහෙමම නැතිවෙලා ගියා. එයාට ඒ දේවල් මතකේ තියෙනවද කියන්න මම දන්නෙ නෑ. මං කියන්නෙ, මටවත් හරියට ඒවා මතක නෑ. නිකම් චායාවක් වගේ මතකයක් විතරයි ඉතිරි.

කියන්න තේරෙන්නෙ නැති හේතුවකට මගෙ හිතට මහ බරක් දැනෙනවා. හරියට කවදාවත් යාලුවුනේ නැතිවත් පත බූට් එකක් කෑවා වගේ හැඟීමක්. අපි හිතන්නෙ නැති, අපිට දැනෙන්නෙ නැති පුංචිම පුංචි සම්බන්ධතා උනත්, ජීවිතේ පස්සෙ කාලෙක ආයෙම හැරිලා බලද්දි මහා ලොකුවට දැනෙනවා. මඟහැරුණාම රිදෙනවා.

කුතුහලය, ආශාව නිසා හරි වැරැද්දක අදහසක්වත් කරන්නෙ මොකක්ද කියන දැනුමක්වත් නැතුව, දෙන්නම දැනුවත්ව උනත් දෙන්නටම හොරෙන් වගේ ඒ පපුවෙ ලාවට රටා ඇඳපු මගෙ ඇඟිලි තුඩු, මම එයාටත් හොරෙන් හෙමීට නහයට තියලා ඉඹලා බලනවා. පරණ රෙදි, සබන්, දාඩිය මිශ්‍ර සුවඳකින් මගෙ මුළු ඇඟම අමුතු ආස්වාදයකින් පිරිල යනවා. මං ඒකට ආශා කරනවා. තවත් ටිකක් එයාට ළංවෙලා තුරුළුවෙනවා.

මතක දිගේ හිත ඇදිලා යද්දි කියාගන්න තේරෙන්නෙ නැති ඒ සුවඳ ආයෙම මගේ මතකයට හෙමීට ගලාගෙන එනවා. දුකක්ද සතුටක්ද කියල කියාගන්න තේරෙන්නෙ නැති හැඟීමකින් මුලු ඇඟම හිරිවැටිලා යද්දි, එදා ඒ විඳපු සුවඳ ආයෙම දැනෙයි කියල බලාපොරොත්තුවෙන් මම හෙමීට මගෙ ඇඟිලි තුඩු නහයට ළං කරලා ලොකු හුස්මක් ගන්නවා.

කවදාවත් අයිති නොවුණු, කවමදාවත් අයිතිවෙන්නෙත් නැති සුවඳක මතකය විතරක් හිතේ පුරවලා, ඒ හුස්ම  මගෙ පපුවෙන් එළියට ඇදිල යනවා. එයත් අම්මත් එක්ක පාරේ ඈත කොනෙන් නොපෙනී යනවා...💔


Wednesday, December 1, 2021

රෝස පෙති

 


හැන්දෑවෙද්දි වහින්නද මංදා රස්නේ හොඳටම. හිටගෙන ඉඳලම කකුල් දෙකත් රිදෙනවා. මං පදික වේදිකාව අයිනෙ තියන යකඩ බට පේළියට හේත්තුවක් දාගත්තා. දැන් කොරෝනා කියල ලොකුවට ගාණක් නෑ. ටවුන් එක පිරෙන්නම සෙනඟ. පාර පිරෙන්නම වාහන.


"අඩෝ මචං..."


ඒ සද්දෙට හැරිලා බලද්දි දැක්කෙ සෙනඟ මැද්දෙන් මං දිහාට එන ටිකක් පුරුදු රූපයක්. 


"අඩෝ... චාමර..."


චාමර අපෙ ඉස්කෝලෙට ආවෙ උසස් පෙළට. ඉස්කෝලෙන් අවුට් උන ගමන් මූ රට ගියා, මට මතක විදියට. අවුරුදු ගාණකින් දැක්කට මොකද ලොකු වෙනසක් වෙලා නෑ කොල්ලගෙ. චාමර හෙනම වාචාලයා. තැනක් නොතැනක් නෑ. මූ හම්බුන එකත් හොඳයි. දැන් කම්මැලිම යන්නත් එක්ක කියව කියව ඉන්න පුලුවන් ටික වෙලාවක්.


අපි පරණ දේවල් කිය කිය ටිකක් වෙලා කතා කරා. හරියටම කිව්වොත් ඌ කියනේව මං අහන් හිටියා. ගොඩක් කාලෙකින් හින්ද ඌට කියන්න දේවලුත් ගොඩක් තිබුණා. දැනෙන්නෙම නැතුව හෙන වෙලාවක් ගියාද මංදා.


"අඩෝ... අර...."


ඌ එකපාර පාරෙන් අනිත් පැත්ත බලාගෙන කිව්ව පාර මාත් හැරිලා බැලුවා.


"අඩෝ අඩෝ උඹට පේනවද අර සුදුපාට ටොප් එකක් ඇඳන් එන කෙල්ලව. අඩෝ අහපන්කො. ඕකි හිටියෙ අපෙ ගෙවල් පැත්තෙ ඉස්සර. මාත් මේ හෙන කාලෙකින් දැක්කෙ. ආතල්ම සීන් එක බං ඕකි සාමාන්‍ය පෙළ කාලෙදිම කොල්ලො හත අටක් එක්ක යාලුවෙලා හිටියා. හැබැයි එකෙකුටවත් කඩන්න දුන්නෑ. අනික් ආතල් ඔක්කොම ඕකේ. ඕකිට ඒ දවස්වල කොල්ලො කිව්වෙ '#කේ අරින සුගන්ධිකා' කියලා. අන්න හරි. ඕකිගෙ නම සුගන්දිකා...


"ආහ්..."


"දැන් බලපන්කො ළමේකුත් ඉන්නවා. කොහෙ හරි ඉන්න අහිංසක හරකෙක්ගෙ කරේ එල්ලෙන්න ඇති... අඩෝ අන්න ඒකි පාර පැන්නා. ඒ මේ පැත්තට නේද එන්නෙ..."


සුගන්ධිකා ළමයත් වඩාගෙනම අපි ළඟට ආවා.


"සුගා... මේ ඉන්නෙ චාමර, මගෙ ඉස්කෝලෙ යාලුවෙක්. මචං, මේ ඉන්නෙ සුගන්ධිකා... මගෙ වයිෆ්..."


* * * * * * * * * *                    * * * * * * * * * *                    * * * * * * * * * * 


"අයියෙ මේං..."


ඇඳට එළලා තිබුණ සුදු රෙද්දෙ විසිරිලා තිබුණ තැලිලා පරවෙලා ගිය රෝස පෙති මැද්දෙන් වියළිලා තිබුණ ලේ බිංදු කීපයක් සුගන්ධිකා මට පෙන්නුවා. මං ආයෙමත් එයා දිහා බලද්දි ඒ ඇස් දිළිසුණා.


එහෙමම එයාව ළඟට ඇදලා අරන් තුරුළු කරගත්ත මං ඒ සුදු ලස්සන නළලෙන් මගෙ තොල්පෙති පරිස්සමට තියලා උණුසුම් හාදුවක් දුන්නා. හරිම ආදරෙන් වගේම බොහොම ගෞරවෙන්...

Tuesday, November 23, 2021

අන්සතු රූ


"නැඟිටලා මේ තේ එක බීල ඉන්න. අද මොකුත් වැඩක් නැද්ද..."


මගෙ උරිස්සෙන් හොලවන ගමන් මාලි කිව්වා. මේ ගෑනිගෙනුත් මාර වදයක් තියෙන්නෙ වෙලාවකට. මම එහෙමම ඇඳේ අනික් පැත්තට පෙරලිලා  අතට අහුවුණ කොට්ටයක් බදාගෙන, පොරෝනෙ ඇතුළට තව ටිකක් ගුළි උනා. එතකොටම මැසේජ් එකක් ආව කියල ෆෝන් එක වයිබ්‍රේට් උනා. අම්මටසිරි. තව පොඩ්ඩෙන් අමතක වෙනවනෙ. මං එහෙම්මම ඇඳෙන් බිමට පැනල මේසෙ උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා. 


මාලි තාමත් දොර ළඟ ඉඳන් පුදුමවෙලා වගේ මං දිහා බලන් ඉන්නවා. මොන මඟුලක් වෙලාද මේ ගෑනිට. මට මගෙ ෆෝන් එකවත් නිදහසේ අතට ගන්න බැරිද. එක පාරයි රැව්වේ ගියා යන්න පාඩුවෙ. මම ස්ක්‍රීන් එක අන්ලොක් කරලා මැසේජ් එක ඕපන් කළා.


"ඔයා එනව නේද අද ?"


වෙලාව අටත් පහුවෙලා. 


"එනව මැණික එනවා..."


මං ඉක්මනට රිප්ලයි එකක් දාල තුවායත් අරගෙන වොශ් රූම් එකට රිංගගත්තා. 


*****     *****     *****     *****     *****


"මං මේ නර්සරිය ඉස්සරහ ඉන්නෙ අනේ. අවුවයිත් එක්ක..."


දකුණු පැත්තෙ තිබුණ කකුල කරට ගත්ත මම ඒක තද කරගෙන ටිකක් වේගෙ වැඩිකරා. ෆෝන් එක කනේ තියෙද්දිම ඇස් කරකවලා මා දිහා බලන ගමන්, එයා අත මගෙ බඩට තද කරලා මාව නවත්තන්න හැදුවා. ඒව කොහෙද මාත් එක්ක...


"වෙලාව හරි තමා... වෙලාව හරි උනාට තාම ඇරියෙ නෑ. ඒකතමා මාත් මේ බලන් ඉන්නෙ..."


මම ඉස්සරහට බරවෙලා දකුණු අතින් ඒ පිරුණු පපුව මිරිකන්න ගත්තා. එකක් මගෙ අල්ලටත් ගන්න බැරිතරම්, ලොකුයි. මගෙ පාරක් පාරක් ගානෙ එයා පස්සට විසිවෙනවා. ඒත් යටින් අතදාල අල්ලන් ඉන්න නිසා ගැස්සෙනවා විතරයි. යටිතොල හපාගෙන ආයිමත් මා දිහාවට දඟකාර බැල්මක්. මං දන්නව දැන් කෙඳිරිය පිටකරගන්න බැරුව හෙනම අමාරුවෙන් ඉන්නෙ, කෝල් එක නිසා.


"හරි අන්න ඒ පාර නම් ඉවරයි වගේ. එහෙනම් මං තියන්නම්.... ආ හරි... පරක්කු වෙන්නෙ නෑනෙ අද....? හරි.... පරිස්සමින් ඉන්න. බුදු සරණයි...."


ෆෝන් එක කට් කරල ඇඳේ පැත්තකට විසිකරපු එයා ලොකු හුස්මක් පිටකළා. 


"වෙලාගියා නේද අද. දැන් ඇත්තටම වෙලාව හරි මං හිතන්නෙ. පොඩි එකා බලාගෙන ඇති..."


"ඒකට කමක් නෑ අනේ. ටීචර්ස්ලා බලාගන්නව එක්කන් යන්න එනකම්. ටිකක් පරක්කු උනා කියල මොනා වෙනවද. අනික ගියත් එතෙන්ට වෙලා ඉන්නෙපැයි ලොක්කගෙ පංතියත් ඇරෙනකම්ම..."


එයා එහෙම කියලා තවත් කොට්ටයක් අරන් ඔලුවට යටින් තියාගත්තා. ඉස්සරහට බරවෙලා මගෙ ඔලුවෙන් අල්ලලා එයා ළඟටම මාව පහත් කරගත්තා.ඒ කරල මගෙ ඇස් දිහාම බලන් ඉන්න අතරෙ බාගෙට ඇරුණු තොල්පෙති අතරින් ලාවට කෙඳිරියක් පිටවුණා, ගොඩක්ම ගොඩක් සරාගික විදියට. ආයෙමත් සැරයක් අපෙ තොල් එකිනෙකට පැටලුණා.


වහලෙ උළුපේලි දිගේ ගිහින් ගිහින්ම මගෙ ඇස් දෙකට මහන්සියි. එයා තවමත් මගෙ උරහිසට ඔලුව තියන් සුව නින්දක. මේ ගතවුණු මොහොත හීනෙනුත් විඳිනවා වගේ කට කොනක හිනාවක් රැඳිලා, උඩුතොලේ දාඩිය බිංදුත් එක්ක හරි ලස්සනට පෙණුනා. නින්දෙන්ම ඒ දිග ඇඟිලි තුඩු මගෙ පපුව පහුරුගානවා. රිද්මයකට ගන්න ඒ ගැඹුරු හුස්ම පාර කෙලින්ම වදින්නෙ මගෙ පපුවට. 


පපුවෙ තිබ්බ අත අයින් කරලා, උරහිසේ තිබ්බ මූණ හෙමීට කොට්ටයක් උඩින් තියන ගමන් මම ඇඳෙන් නැගිට්ටා. පුටු ඇන්ද උඩ තිබුණ කලිසමෙන් සිගරට් පැක් එකයි ලයිටර් එකයි අරන් ඇඳකොනෙන් වාඩිවෙලා ඇඳ විට්ටමට හේත්තු උනා. මේ කරන වැඩේ හරිද වැරදිද කියන දෙක අතරෙ හිත මොහොතකට දෝලනය උනා. ආයෙ රෙද්දක් හිතනවා මමත්. සිගරට් එකක් පත්තු කරලා බර දුම් උගුරක් ඇද්දා. ඒක දුම් වළාකුළක් වෙලා පාවෙලා යනකොට ඒත් එක්කම හිතේ තිබුණ දෙගිඩියාවත් ඈතට පාවෙලා ගියා. 


උර තලය මත තවම - මැණික සුව නින්දේ

සිහිනෙන්ද සොඳුර මා - තොල් පහස වින්දේ

තවම නොදනිමි කිමද - පතිනි දම් බින්දේ

ඇඟිලි තුඩු ළමැද මත - රූ රටා ඇන්දේ


පමා වූ මලවිසර - දෙසිත් මල්සැනසූ

බොරු චාටු ඇයි හිමිට - නුඹ කොහිද විමසූ

රන් මුදුව ඉකිබිඳියි - අතැඟිල්ල සැරසූ

පව්කාරයා මමද -කැදැල්ලක් වැනසූ


*****     *****     *****     *****     *****


බස් හෝල්ට් එකේ කණුවට හේත්තුවෙලා ඉඳලම මගෙ පිටත් රිදෙන්න ගත්තා. පළවෙනි සිගරට් එක ඉවර වෙලත් ටික වෙලාවක්. මං තව සිගරට් එකක් පත්තුකර ගත්තා. අහස අඳුරුවෙලා තියෙන විදියට නම් හවසට හොඳටම වහියි වගේ. ඉක්මනට ගෙදරට යාගන්න ඕනි. මේ යකා මොන මඟුලක් කරනවද මෙච්චර වෙලා. කෝල් එක දීලත් පැය බාගෙකට වැඩී දැන්.


ඈතින් වාහනේ එනව අඳුරගත්ත ගමන් මම සිගරට් එක බිම දාල පෑගුවා. මේක ඉවරයක් කරගන්න ඕනි ඉක්මනට. මං ගාවම නැවැත්තුව කාර් එකේ වීදුරුව හෙමීට පාත් උනා. ඒකෙන් ඇතුළට එබුණ මම, මගෙ අතේ තිබුණ පෙට්ටිය හිස් සීට් එක උඩින් තිබ්බා. මගෙ දිහාට දික් උනු ලියුම් කවරෙ අරගෙන සාක්කුවට දාගත්ත මම, ආපහු එන්න හැරුණෙ වාහනේ ආයෙ පිටත් වෙන්නත් ඉස්සරලා.


ගෙදරට ළංවෙනකොට මාලි මං එනකම් බලන් ඉන්නව මට දුර තියාම පෙනුනා. මං එළියෙ තිබුණ පුටුවකට බරදුන්නෙ ශර්ට් එක ගලවලා ඇන්දට දානගමන්මයි. වචනයක්වත් නොකියා ගෙට ගිය මාලි ටික වෙලාවකින් ආයෙම ආවෙ මට තේ එකකුත් අරගෙන. තේ එක අරගෙන ටිකක් බොනකම්ම සද්දයක් නෑ. මගෙන් වචනයක් පිටවෙනකම්ම බලන් ඉන්නවා. ඒ එයාගෙ හැටි.


"ඒ වැඩෙත් ඉවරයි..."


මං කිව්වම ඒ මූණ ටිකක් එළිය උනා. ඒත් ප්‍රශ්නාර්ථයක්...


"හොඳටම විශ්වාසයිද ඔයාට ඕකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ කියලා..."


"ඔව්. මං හිතන්නෑ කොහොමත් මිනිහා ඕවා එළියට දායි කියල. ඌ මේක කරේ ඩිවෝස් එක ගන්න ලේසි වෙන්නයි දරුවන්ගෙ කස්ටඩි එක ගන්නයි මං හිතන්නෙ. ඒක නම් හොඳයි හැබැයි. ඒ **තිට *කාගන්න ගියාම දරුවො ගැන සිහියක් නෑ. මං දන්නවනෙ..."


"ඒත් ඔයත් ඉන්නවනෙ ඒවගෙ..."


"ඒ එකකවත් මගෙ මූණ පෙනෙන්නෙ නෑ."


ඒ මොනව කිව්වත් මූණෙ තියන අවුල හරිගියෙ නෑ තාම...


"හැබැයි මල්ලිව නම් පේන්න ඉන්නවා. ඒත් ඉතිං තමුසෙයි තව දහපහළොස් දෙනෙකුයි ඇරෙන්න වෙන කාටවත් ඒකෙන් මාව අඳුරගන්න බෑනේ..."


සාක්කුවෙ තිබ්බ ලියුම් කවරෙ මාලිගෙ අතට දෙන ගමන් මම කිව්වා. ඒකට නම් ගෑණිට හිනා ගියා. ලියුම් කවරෙ තිබ්බ පන්දාහෙ කොළටික දැක්ක ගමන් මූණත් එළිය වැටුණා. අම්මප මේකි නම්...


ෆෝන් එක රිංවෙන්න ගත්තා.


"වැඩේ පත්තු වෙලා වගේ. මෙන්න අර ගෑනි ගන්නවා..."


ස්ක්‍රීන් එකේ වැටුණ නම්බරේ දැක්කම මට ඉබේම කියවුණා. 


කෝල් එක කට් කරපු මම එහෙමම සිම් එක ගලවලා අරන් දෙකට කඩලා පැත්තකට විසිකරලා දැම්මා.


Thursday, September 17, 2020

බලාපොරොත්තුව


සඳ එළියෙන් නැහැවී ගිය කඳුකර මාවත දිගේ මෝටර් රථය ධාවනය වෙමින් තිබිණි. රියදුරු අසුනේ උන් ජෝ ට මේ පසුකරමින් තිබෙන්නා ඌ පරිසරය ඉතාමත් හුරුපුරුදු බවක් හැඟුණි. එනමුත් මේ ඔහු මෙහි පැමිණි පළමු වතාව ය. ඇතැම්විට ඒ සිතට දැනෙන්නා වූ නිදහස නිසා විය යුතුය. මිතුරන් සිව්දෙනා මේ චාරිකාව සැලසුම් කළේ සරසවියේ අවසන් විභාගයෙන් පසු නිදහසේ විනෝදවීම සඳහා ය."

Wednesday, July 10, 2019

සෙවණැලි


චෛත්‍යයේ කොත් කැරැල්ල සඳ එළියට දිළිසෙමින් තිබුණි. නිසල වැව් දිය මත ගස්වල සෙවණැලි රටා මවද්දී රංජිත් අපහසුවෙන් වැව් බැම්ම මතින් වූ පාර දිගේ ඉදිරියටම ඇදුණේ ය. ඈතින් පන්සල පෙනෙයි. හාත්පස කිසිම හාවක් හූවක් නැත. ඔහුට සිංදුවක් කීමට සිතුණි.

Monday, April 8, 2019

(අ)හිමි වසත්කල


විදුලි පංකාව මඳ වේගයකින් කැරකෙන නමුදු මුලු ගතම දහඩියෙන් නැහැවී ගොස් තිබේ. සිවිලිමේ ඇති අලංකාර මල් කැටයම් මදෙස බලා සිනාසේ. නැතහොත් මම ඒවා දෙස බලා සිනාසෙමි. ජීවිතය යනු මෙය ද? සැබෑවකි; විඳින්නාට ජීවිතය සුන්දර නවාතැනකි.