Friday, February 15, 2019

එකම එක පාරක් ආයෙමත්....



මං බස් එකෙන් බැහැලා ස්ටෑන්ඩ් එක මැද්දෙන් ඇවිදගෙන ගියා. පිටේ එල්ලෙන බෑග් එකටත් වඩා ගොඩක් ලොකු බරකින් හිත පිරිලා තිබුණෙ. වටපිට බලන්නවත් උවමනාවක් නැතුව මං ඔහේ ඇවිදගෙන ගියා. ඒත් එකපාරටම ඇස්වලට පෙණුන හුරුපුරුදු රූපෙත් එක්ක මං එකතැන නැවතුණා.

කොහොම මඟ ඇරෙන්නද. ජීවිතේ තේරුමක් නැතුව ඔහේ ගලාගෙන යද්දි, හිතුවෙවත් නැති විදියට, හිතුවෙවත් නැති වෙලාවක මගෙ ළඟින් නැවතුන කෙනාගෙ රූපෙ.

මගෙ හදවතට දැනුණ එකම කෙනා. මට ආදරෙ කරපු එකම කෙනා. කවමදාවත් හිතින් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති, ඒත් කවමදාකවත් මගේ වෙන්නෙත් නැති ඒ ඇස් මගෙ ඉස්සරහ තිබුණා.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~

එදා අප්‍රේල් නිවාඩු දුන්න දවසක්. මගෙ පාසල් ජීවිතේ අවසානම කාලෙ.

වචනෙන් නොකිව්වට ඒ වෙනකොටත් අපි අපේ වෙලා. සති දෙකක අප්‍රේල් නිවාඩුව ඉවර වෙනකම් ආයෙ දකින්නවත් හම්බවෙන්නෙ නෑ. හිනාවෙවී කතා කළාට ඒ දුක හිත ඇතුළෙ තිබුණා. අපි දෙන්නගෙම.

මෙතෙක් වෙලා අල්ලන් හිටිය මගෙ අත අකමැත්තෙන් වගේ අතෑරලා එයා නැඟිට්ටා. එයාගෙ ගේ ළඟටම බස් එක ඇවිත් ඒ වෙද්දි. ඒ අහිංසක ඇස්වලින් හරි කෙලින් මා දිහා ආයෙමත් බලලා, බස් එකේ දොර ගාවට ගියා.

මං බස් එකේ වීදුරුවෙන් ආයෙමත් එයා දිහා බැලුවා. බස් එක අද්දන්න පටන් අරන්. අපෙ ඇස් එකට ගැටෙන ඒ අන්තිම මොහොතෙ, ඇස් වහලා හරි ලස්සනට එයා හිනා උනා.

ඇත්තමයි, ඒක හැමදාමත් මතක හිටින හිනාවක්.

කවමදාවත් අමතක කරන්න බැරි, කවමදාකවත් අමතක වෙන්නෙත් නැති ලස්සනම ලස්සන හිනාවක් ඒක.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~

මං බස් එකට නැංගෙ හීනෙන් වගේ. හිතාගන්න බැරිතරමටම ඔලුව විකාර වෙලා. ඉඳගත්තා නෙවෙයි මං සීට් එකක් උඩට ඇදගෙන වැටුණා. බස් එකේ වීදුරු කවුළුවෙන් මට ඈතින් ඇතුගල උඩ බුදු පිළිමෙ පෙණුනා. ඇතුගලට උදේ ඉර එළිය වැටිලා හරි ලස්සනට.

මං දන්නවා. අපිට වෙන්වෙන්න සිද්ධ උනා. අපි දෙන්නගෙම අකමැත්තෙන් උනත් අපිට වෙන්වෙන්න සිද්ධ උනා. ඒත් කාලෙකට පස්සෙ අහම්බෙන් හරි මුණගැහුනම, එකම එක හිනාවක්, එකම එක හිනාවක්වත්....

මට විශ්වාස කරන්නත් බෑ. එදා ඒ හිනාඋන ඇස්මද අද මාව මඟඇරලා ගියෙ කියලා.

                                           ~~~~ ~~~~ ~~~~ ~~~~


හුඟාක් ඉස්සර
අපි මුණගැහුණු දවසක
ඇස් වහලා ලස්සනට
ඔයා හිනාවුණා මට
මතකයි අදත්
එදා වගේම
ඒ හිනාව තවමත්
එහෙමම ඇති නේද
කවද හරි දවසක
ආයෙම මුණගැහුණොත්
ඔයාව මට
එකම එක පාරක්
ආයෙමත් ඒ විදිහට
හිනාවෙනවද මාත් එක්ක
අන්තිම වතාවට

Sunday, February 3, 2019

ඡායා


ඇය තිගැස්සී නින්දෙන් පිබිදුණා ය.

ඡායා....ඡායා....ඡායා....”

සුපුරුදු ලෙසටම ඔහු සිහිනෙන් මුමුණමින් සිටියි. ඇය කල්පනා කරන්නට වූවා ය. 

Thursday, June 14, 2018

ශෘංගාරාත්මක කවි....

 
     
           මං බලාගෙන හිටියා. අදටත් වෙනසක් නැති මගෙ සෙල්ලිපි ෆොන්ට් අකුරෙන් ලියපු කවි තුනක් විතරමයි, ඒ කොලේ තිබ්බෙ. මේක කොහොමද මෙතෙන්ට ආවෙ. කරුමෙටවත් අම්මා එහෙම දැක්ක නම් මාව දරුකමෙනුත් අයින් කරනවා.

Wednesday, May 30, 2018

මන්දාරම්...



සමහරවෙලාවට, දරාගන්න බැරි තරමටම ගුප්තයි ඒ හැඟීම.

Friday, July 22, 2016

ආයෙත් වරක්....

කාලෙට පස්සෙ ඔන්න ආපහු විවේකයක් ලැබුණා. හරියටම කිව්වොත් විවේකයක් ම නෙවෙයි, දුවන වේගෙ පොඩ්ඩක් විතර අඩුවුණා. ඉතිං කොහොම ද? මාව මතකනම් නැතුව ඇති වැඩියම. මොකද බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා විරයි ඒක අතෑරලා දාලා යන්න උනානෙ. කමක් නෑ. ජීවිතේ ඕම තමයි නෙහ්?

Tuesday, November 17, 2015

සිහින...





 මං බලාගෙන හිටියා. කොච්චර සීතල උණත් ජනේලෙ වහලා දාන්න මට හිතුණෙ නෑ. තවමත් වැහි බිංදු එක දෙක වැටෙනවා. හුළං පාරින් ආව පිනි බිංදු ඇ පුරාම විසිරුණේ මුළු ඇම සීතල කරවගෙන.

Wednesday, November 11, 2015

ජීවිතේ පාඩම්....





මං බලාගෙන හිටියා. ඒ මූණෙ තිබ්බ හැීම් මට විස්තර කරගන්න තේරෙන්නෙ නෑ. ලොකු වේදනාවක්, දරාගන්න බැරි වේදනාවක් පැහැදිලිව ම තිබ්බා. ඊටත් යටින් ආත්මානුකම්පාවෙන් පිරුණු විශාල දුකක්.